Home / කේෂාලංකාර / ඩයි එක වරද්දාගන්න නම් එපා

ඩයි එක වරද්දාගන්න නම් එපා

2016-03-29 02:10:00       610
feature-top
කොණ්ඩය ඩයි කිරීම හා සම්බන්ධ ඔබ දැනුවත් විය යුතු කරුණු කාරණා කීපයක් ගැන අප පසුගිය සතියේ කතා කළා.

 

කොණ්ඩය නිවැරැදිව ඩයි කරගන්නේ කොහොමද? ඩයි කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද? මේ බොහෝ දෙනකුට ඇතිවී තිබුණු හා වැඩි දෙනෙක් යොමුකර තිබු ප්‍රශ්න.

එම නිසාමයි මෙවර ඔබේ පැනයට අප පිළිතුරු ලබා දෙන්නේ.

කොණ්ඩය ඩයි කිරීමට පැරැණි ක්‍රම භාවිත කිරීමේදී ඇතිවන යම් යම් ගැටලුකාරි තත්ත්වයන්ට පිළියමක් වශයෙන් වර්තමානයේ කොණ්ඩ වර්ණ ගැන්වීම සඳහා ක්‍රීම් වශයෙන් හඳුන්වා දී ඇති වර්ණ දැන් වෙළෙඳපොළට පැමිණ තිබෙනවා.

මේවා ඇමෝනියා සහිත සහ රහිත වශයෙන් ලබාගත හැකියි. තමන්ගේ හිසකෙස්වල ස්වභාවික වර්ණයට බෙහෙවින් සමීප වන වර්ණයක් සහිත මෙම ක්‍රීම් කලර් කෙස්වල වර්ණයත් කෙස් ගසේ වර්ධනයටත් කාලයක් වර්ණය රදා පවත්වා ගැනීමටත් උපකාරී වෙයි. මෙම වර්ණය හිසකෙස් ඇතුළතට ගමන්කර හිසකෙස්වල ස්වාභාවික පෙනුමක් ඇති කරයි.

මෙය ඉතාමත් පරීක්ෂාකාරී ලෙස කළ යුතු නිසා ඩයි වර්ග පාවිච්චි කරනවාට වඩා මේ සඳහා විශේෂිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු වෙයි.

හරියාකාරව උපදෙස් නොමැතිව මෙය පාවිච්චි කිරීමට යාමද සුදුසු නොවෙයි.

වර්ණ ගැල්වීමට පෙර සූදානම-

මුලින්ම සේවාදායකයා සමඟ කතාකර ඔහුට හෝ ඇයට හිසේ ආසාදන තත්ත්වයන් තිබේද යම් යම් රෝග තත්ත්වයන් සඳහා කලක සිට ප්‍රතිකාර ගනිමින් සිටිනවාද? වෙනත් හේතූන් නිසා ආසාදන තත්ත්වයන් ඇති වී තිබෙනවාද කාන්තාවක නම් ඇය ගර්භණීව සිටින අයකුද යන්න ගැන විමසා දැනගත් පසු වර්ණ ගැල්වීමට සුදුසු නම් සූදානම් වන්න.

ප්‍රථමයෙන්ම කළ යුතු පෙර පරීක්ෂණය එනම් ඇලජික් ටෙස්ට් එක කළ යුතුයි. මෙය වර්ණ ගැන්වීමේ කාර්යයට පැය හතළිස් අටකට පෙර කළ යුතුවෙයි.

ඇලජික් ටෙස්ට් එක සිදු කරන්නේ කොහොමද?

සේවාදායකයාගේ කන පිටුපස සහ වැලමිට ඇතුළු පැත්තේ වර්ණ ගැන්වීමට ගන්නා මිශ්‍රණය මඳක් ගල්වා සැලෝන් එක තුළ විනාඩි විස්සක් පමණ කාලයක් තබන්න. ඉන්පසු එය සෝදා පිරිසුදුකර දින දෙකක් පරීක්ෂාකාරිව සිටින ලෙසත් පසුව වර්ණ ගැල්වීම සිදුකිරීම සඳහා පැමිණෙන ලෙසත් දක්වන්න. එම දින දෙක ඇතුළත කිසිදු ආසාදන තත්ත්වයක් එනම් කැසීමක්, රතු වීමක්, දැවිල්ලක් සිදු නොවුණේ නම් එම පුද්ගලයා වර්ණ ගැන්වීමට සුදුසු තත්ත්වයක සිටින බැවින් ඒ සඳහා සූදානම් විය හැකියි.

වර්ණ ගැල්වීම

පළමුව කළ යුත්තේ සුදුසු වර්ණය තෝරා ගැනීමයි. මෙය සැලෝන් එක තුළදී කළ හැකි අතර රූපලාවණ්‍ය ශිල්පියාගේ උපදෙස් මත තෝරා ගත් වර්ණයක් භාවිත කළ හැකියි.

පළමු පියවරේදී කොණ්ඩය හොඳින් පිරිසුදු කරගන්න. තෙල්, කන්ඩිෂනර් ආදිය ගල්වා ඇත්නම් ඒවා කොණ්ඩයෙන් ඉවත්කළ යුතුයි. කොණ්ඩය තෙත නම් බ්ලෝඩ්‍රයර්කර වියළාගන්න. ඉන්පසු හොඳින් පීරා අයන්කර කොණ්ඩය සූදානම්කර ගන්න. කර වටා කේප් එකකින් ආවරණයකර වර්ණ මිශ්‍ර කිරීම සඳහා යොමුවන්න.

නියමිත උපදෙස් මත වර්ණය මිශ්‍රකළ යුතුයි.

වර්ණ ගල්වන අවස්ථාවේදී පළමුව හිස පිටුපස සිට හිස්මුදුන දක්වාත් ඉන්පසු හිස දෙපැත්තටත් වන සේ තවරන්න. මීළඟට හිස දකුණු පස සිට වම් පසටත් කන අසල සිට උඩටත් නළල අසල කොටසටත් වන ආකාරයටත් වර්ණ ගැල්විය යුතුයි.

මෙසේ වර්ණ ගැල්වූ පසු කොණ්ඩය ලිහිල්කර තැබිය යුතු අතර මෙම අවස්ථාවේදී කොණ්ඩය පීරිමෙන් වලකින්න.

තැබිය යුතු වේලාව කොපමණද?

වර්ණ ගැල්වු පසු පැය භාගයක් පමණ තබන්න. එම අවස්ථාවේදී සේවාදායකයා විදුලි පංකාවක් අසල හෝ වායු සමීකරණය අසල රැඳවීමෙන් වළකින්න. එසේ වුවහොත් ගැල් වූ වර්ණවල ක්‍රියාකාරීත්වය හීනවිය හැකි අතර වර්ණය නිසියාකාරව හිසකෙස්වලට උරා ගැනීමක් සිදු නොවිය හැකියි.

විනාඩි 30 කට පමණ පසුව කොණ්ඩය සේදීම කළ හැකියි. මේ සඳහා සේවාදායකයා ෂැම්පූ කරන ස්ථානයට රැගෙන ගොස් හිසකෙස්වලට තරමක් වතුර ස්පේ‍්‍රකර ඇඟිලි තුඩුවලින් පිරිමැදිය යුතුයි. මේ අවස්ථාවේදී අත් වැසුම් පාවිච්චි කරන්න. සෙමෙන් සෙමෙන් හිස මසාජ්කර ඉන්පසු සාමාන්‍ය වතුරෙන් මුළු කොණ්ඩයම සෝදා හරින්න. මෙහිදී වතුර පැහැදිලි වර්ණයකට එනතෙක් හොඳින් සෝදන්න. ඉන්පසු හිසකෙස්වල ඇති වැඩි වතුර ප්‍රමාණය මිරිකා හැර කන්ඩිෂනර් යොදන්න. කොණ්ඩය දිගු නම් සම්පූර්ණ ලෙන්ත් එකටම දමා යාන්තමින් මසාජ්කර සුළු වේලාවක් තබා පසුව සෝදා ඉවත්කර හෙයා ඩ්‍රයරයෙන් වියළාගන්න. ඔබටත් හිසකෙස් හා සම්බන්ධව කිසියම් ගැටලුවක් වෙත් නම් ඒ පිළිබඳ උපදෙස් ලබා ගන්නට අවශ්‍ය නම් 0759403040 අංකයට ඔබේ ගැටලුව එස්. එම්. එස් කරන්න.



Wmqgd .ekSu oekqu weiqfrks

More News »