Home / කේෂාලංකාර / ඩයි හෝ හෙනා පාවිච්චි කරන අයට ෆැෂන් හෙයාකලර් එකකට මාරුවිය හැකිද?

ඩයි හෝ හෙනා පාවිච්චි කරන අයට ෆැෂන් හෙයාකලර් එකකට මාරුවිය හැකිද?

2016-04-04 03:18:00       712
feature-top
 වැඩි දෙනෙක් අහන ප්‍රශ්නයක්... කොණ්ඩය ඩයි කිරීමේදී එක් එක් අය තුළ පවතින නොදැනුවත්කම නිසා ගැටලු මතුවන අවස්ථා බොහෝමයක් තිබෙන බව පෙනී යන්නේ ඒ හා සම්බන්ධව ඔවුන් විමසා තිබෙන පැනය දෙස බලන විටයි.

නිසි උපදෙස් අනුගමනය කිරීමකින් තොරව කොණ්ඩය ඩයි කිරීම නොකළ යුතු බව අප පවසන්නේ නොසැලකිලිමත්කම සහ නොදැනුවත්කම නිසා ගැටලු ඇතිවීමේ ඉඩකඩ වැඩිවන නිසයි. ස්වභාවික හෙනා, බ්ලැක් හෙනා මෙන්ම වතුරෙන් මිශ්‍රකළ හැකි අනෙකුත් හෙයා ඩයි වර්ග වෙළෙඳපොළේ ඉතාමත් ජනපි‍්‍රය වී තිබුණද සැලෝන්වල සහ නිවෙසේදීම ඒවා ගල්වා ගැනීමට වැඩි දෙනෙක් පුරුදු වී සිටිනවා.

මෙම ඩයි වර්ග භාවිතයේ දී වන ඉතාමත්ම පොදු ලක්ෂණය වන්නේ ඩයිවල ඇති වර්ණය පමණක් කෙස් ගසට ගැල්වෙන බැවින් ඩයි වර්ණය ඉතා කෘත්‍රිම ලෙස දිස්වීමයි.

එය ස්වාභාවික පෙනුමක් නොවේ. එසේම ඩයි වර්ග සහ හෙනා කෙස් ගස මතුපිට පමණක් ආලේප වන නිසා කෙස් ගසේ ඇතුළත ඇති එහි ස්වභාවික වර්ණය සමඟ මෙය මිශ්‍රවීමක් සිදු නොවෙයි. එබැවින් ඩයි වර්ග (හෙනා ඇතුළුව) භාවිත කිරීමෙන් කෘත්‍රිම පෙනුමක් මෙන්ම කෙස් ගසෙහි ස්වභාවික හැඩය ටිකෙන් ටික වෙනස් වෙයි. එසේ සිදුවන අතර කෙස් ගස් ගිලිහී යාමද මේ හේතුව නිසා වේගවත් වෙයි. මෙවැනි අය මුහුණදෙන අනෙකුත් ගැටලුව වන්නේ කෙමෙන් කෙමෙන් ඩයි වර්ග සේදී යාම නිසා කොණ්ඩය තඹ වර්ණයට හැරීමයි. එය ඉතා අවලස්සන පෙනුමක් මෙන්ම කෘත්‍රිම පෙනුමක් ගෙන දෙයි. මේ නිසා කොණ්ඩය ඩයිකර ඇති බව ඕනෑම කෙනකුට පෙනී යයි.

මීට පිළියමක් වන්නේ කොණ්ඩයේ ස්වාභාවික වර්ණය සඳහාම නිෂ්පාදිත කොස්මැටික් හෙයා කලර් ක්‍රීම් භාවිත කිරීමයි. එමඟින් කෙස් ගසට ස්වාභාවික වර්ණය ලබාදිය හැකි අතර අවශ්‍ය පරිදි වර්ණය ඔහුට හෝ ඇයට සරිලන ලෙස මිශ්‍රකර සුදුසු ලෙස සකස් කරගෙන කොණ්ඩය හැඩ ගන්වා ගත හැකි වීමයි. මෙම වර්ණ මිශ්‍ර කිරීමේදී වතුර මිශ්‍ර නොකළ ද ඒ සඳහා යොදාගන්නා ඇමෝනියා රහිත මිශ්‍රණය හිස්කබලට සහ හිසකෙස්වලට හානි නොවන බව පරීක්ෂණ මඟින් සනාථකොට තිබෙයි. එමනිසා කෙස් ගස් ගැලවී යාමක් හෝ කොණ්ඩය තඹ පැහැවීමක් සිදුනොවෙයි. මෙමඟින් හිසකෙස්වලට සාත්තුවක් ලබාදෙන අතර වර්ණ කිරීමෙන් පසු වර්ණ ආරක්ෂක කන්ඩිෂනර් භාවිත කළ යුතුයි. ඒ මඟින් වර්ණය අනවශ්‍ය ලෙස සේදී යාම හෝ දුර්වර්ණ වීමක් සිදු නොවෙයි. මාසයක පමණ කාලයක් ඇතුළත කෙස් ගස වැවෙන ප්‍රමාණය අනුව නැවතත් කෙස් ගසේ මුල්වලට වර්ණ ආලේප කිරීම මඟින් එම පෙනුම ඉදිරියටත් තබාගැනීමට එය උපකාරි වෙයි.

සමහර අවස්ථාවල හෙනා හෝ අනෙකුත් ඩයි වර්ග දීර්ඝ කාලයක් පාවිච්චි කළ අයකුට මෙවැනි ක්‍රීම්කලර් වර්ණ පළමුවැනිවර ගැල්වීමේදී වර්ණය නිසියාකාරයෙන් හිසකෙස්වල රැඳීමක් නොවන්නට පුළුවන්. නමුත් අලුත් කොණ්ඩය වැවී ඇති ස්ථානවල කොණ්ඩයේ මුල්වල පමණක් ක්‍රීම් කලර් දෙතුන් වරක් ගානවිට එම ප්‍රශ්නය විසඳා ගත හැකිවෙයි.

එබැවින් කොණ්ඩය තඹ පාටවීමක් කොණ්ඩයට කෘත්‍රිම පෙනුමක් ගෙනදීමක් මෙහිදී සිදු නොවෙයි. එමනිසා මේ සඳහා පාවිච්චි කරන ෂැම්පු සහ කන්ඩිෂනර් ද වඩාත් වැදගත් වෙයි.

උපුටා ගැනීම තරුණි ඇසුරෙනි


Wmqgd .ekSu oekqu weiqfrks

More News »