Home / කේෂාලංකාර / අකලට හිසකෙස් ගැලවී යාමට සාර්ථක රහස් ඛෙහෙත් වට්ටෝරුවක්

අකලට හිසකෙස් ගැලවී යාමට සාර්ථක රහස් ඛෙහෙත් වට්ටෝරුවක්

2016-04-18 04:23:00       679
feature-top
බිත්තර කහ මදය කියන්නේ හිස කෙස් ආශ්‍රිත ගැටළු වලට මෑත කාලේදී හොයා ගත්ත ප්‍රතිකාරයක් නම් නෙවෙයි. ඉතා ඈත කාලයේ සිට පාරම්පරික වෛද්‍ය ක්‍රම වලත්, රූපලාවන්‍ය ක්‍රම වලත් නිතරම භාවිත වුනු සංයෝගයක් තමයි බිත්තර කහ මදය කියන්නේ. අතීත කාලයේ අත් හදා බැලීම් වලින් හොයා ගත්තු මේ සංයෝගයේ ක්‍රියාකාරිත්වයට හේතුව එහි අඩංගු බිත්තර ප්‍රෝටීන් එකතුව කියලා මේ වෙනකොට හොයා ගෙන තියෙනවා.

ඒ වගේම වැදගත්, කාලයක් පුරා භාවිතයට ගැනුණු ස්වභාවික සංයෝගයක් තමයි එඩරු තෙල් කියන්නේ. එඩරු ගෙඩිය තලා සිඳ ගනු ලබන එඩරු තෙල් විවිධ ප්‍රතිකාර සඳහා පාවිච්චි කළා කියල බෞද්ධ සාහිත්‍යයේ පවා සඳහන්. මේ දෙකම බොහොම පහසුවෙන් හොයා ගන්න පුළුවන් වගේම ඉතාම ලාභදායී නිසා ඔබේ හිස් කෙස් වලට මේ ආධාරයෙන් කර ගත හැකි සත්කාරයන් සඳහා කිසිදු මුදලක් වැය නොවන තරම්.

හිස කෙස් හැලෙනවාට ප්‍රතිකාරය

අවශ්‍ය දේ.

 බිත්තර කහ මද 1ක්.
 මී පැණි තේ හැන්දක්.
 ළුණු ගෙඩියක යුෂ.
 එඩරු තෙල් තේ හැන්දක්.

ක්‍රමය.

කහ මදය, එඩරු තෙල්, මී පැණි හා ලූනු යුෂ එකට මිශ්‍ර කරන්න.

දැන් මෙම මිශ්‍රණය හිස මුදුනෙන් පටන් ගෙන හිසේ සෑම තැනකම ආලේප කරමින් ඇගිලි තුඩු වලින් සම්බාහනය කරන්න.

දැන් ඔබේ හිස තුවායකින් හොඳින් බැඳ ගෙන පැය 2ක් 3ක් මිශ්‍රණයේ අඩංගු ද්‍රව්‍ය හිස් කබලට උරා ගන්නට ඉඩ හරින්න.

ඉන් පසු ෂැම්පු යොදා මෙය සෝදා හරින්න. කිහිප වරක් කිරීමෙන් හිස් කෙස් වැටීම නතර කර ගන්න පුළුවන්.

ඉතින් මෙම ප්‍රතිකර්ම මේ තරම් පලදායී වීමට හේතුවත් හොයලා බලමු නේද?

බිත්තර ප්‍රෝටීන් යනු හිස කෙස් වලට හොඳම ප්‍රතිකාරයයි. බිත්තර කහ මදය තුල අඩංගු වන ප්‍රෝටීන් එකතුව අපේ හිස කෙස් පෝෂණයට ඉතා අනර්ඝයි. මෙහි අඩංගු පරිපුර්ණ ප්‍රෝටීන් සංයෝගය මගින් හිස කෙස් වර්ධනය වේගවත් කරනවා. සාමාන්‍ය බිත්තරයක් තුල පරිපුර්ණ ප්‍රෝටීන් ග්‍රෑම් 4කට වඩා අඩංගුයි. මෙයින් හිස කෙස් වර්ධනය වගේම කෙස් ගසේ ශක්තියද වඩවා දිගු කෙස් පහසුවෙන් කැඩී යාම වළක්වනවා. මෙය නීති පතා සිදු කිරීම මගින් ඉතා සුන්දර වරලසකට හිමි කම් කියන්නට හැකි වේවි.

එඩරු තෙල් හිස කෙස් වල සියලු ගැටළු වලට ඇති හොඳම ප්‍රතිකර්මයයි. කාලයක් පුරාවට හිසේ ඇති වන ඕනෑම ගැටළුවක් සඳහා භාවිත කල හැකි බවට නම් දරා ඇති සංයෝගයක් තමයි එඩරු තෙල්. වෙලුනු හිස කෙස්, පහසුවෙන් කැඩී යන හිස කෙස්, කෙස් වැටීම, හිස් කෙස් අග පැලීම, හිසකේ මතුපිට රළු වීම, කෙස් තුනී වීම, හිස් කබල වියලීම හා ඉස් හොරි යන ඕනෑම ගැටළුවක් වලක්වා ගන්න එඩරු තෙල් යෙදීමෙන් පුළුවන්. එඩරු තෙල් සතියකට වරක් හෝ දෙවරක් කොණ්ඩයට යෙදුවොත් මේ බව ඔබටම වටහා ගන්නට පුළුවන් වේවි. වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා එඩරු තෙල් මී පැණි හෝ බිත්තර කහ මදය සමග එක් කර පාවිච්චියට ගැනීම හෝ විටමින් A, විටමින් ෑ හෝ ලෙමන් යුෂ සමග මිශ්‍ර කර කොණ්ඩයට යෙදීම වැනි ක්‍රම භාවිත කරන්න පුළුවන්.

curtesy : wishmalokaya.lk


More News »