Home / කේෂාලංකාර / හිසකෙස් රැකගන්න නම්

හිසකෙස් රැකගන්න නම්

2016-04-28 12:03:00       631
feature-top
නිරෝගිමත් කෙස්කළඹක් කියන්නේ කාන්තාවකගේ රුව සරසන ආභරණයක් වගෙයිග ඒත් අවාසනාවකට වගේ අද වැඩිපුරම අසන්නට ලැබෙන්නේ දකින්නට ලැබෙන්නේ හිසකෙස්වල නිරෝගිමත් බව ගැන නෙමෙයිග ඒ තරමටම අද හිසකෙස් හා සම්බන්ධව පවතින ගැටලු බොහොමයිග නොසැලකිලිමත්කමල හිසකෙස් විලාසිතාවට පමනක් මුල් තැනක් දීම හිසකෙස් වල ආරක්ෂාව ගැන අඩු අවධානයක් දැක්වීම බොහෝමයක් ගැටලු වලට හේතුවක්ග හිසකෙස් ලාසිතා සිදුකිරීමේ දී භාවිතා කෙරෙන රසායන ද්‍රව්‍යයන් නිසා සිදුවන හානිකර තත්ත්වයන් සහ මේවා අවම කරගැනිමින් විලාසිතා කරන්නේ කෙසේද යන්න ගැන ඔබට දැනුවත් බවක් ගෙන දෙන්නට අප සිතුවා.

 අද බොහෝ දෙනෙක් කතා කරන්නේ රසායනික ද්‍රව්‍ය භාවිත කර සිදුකරන රීබොන්ඩින් පර්මින් සහ කෙස් වර්ග ගැන්වීම පිළිබඳව පමණයගි නමුත් අප නොසිතන ආකාරයෙන් රසායනික ද්‍රව්‍ය භාවිත කරන නිසාද හිසකෙස් ගැලවී යයිග අද බොහෝ දෙනෙකුට හිසකෙස් ගැලවී යාම හා තට්ටය පෑදීම වැනි ගැටලු පවතිනවා.

කෙතරම් ප්‍රතිකාර කළත් හිසකෙස් වල නිරෝගීතාවය පවත්වාගත නොහැකි බවට මැසිවිලි නගන අවස්ථාවන් ද නැතුවා නොවේග විශේෂයෙන් හෙල්මට් භාවිත කිරීමල හිසකෙස් විලාසිතා සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතයල පිරිසුදු ජලය භාවිත නොකිරීම හිසකෙස්වලට නිසි පෝෂණයක් නොලැබීම යන හේතුමත කෙස්ගසෙහි ආයුකාලය කෙටි වේ.

සාමාන්‍යයෙන් දින 75 - 100 ත් අතර කාලයකදී කෙස්ගසක වර්ධනය සිදුවේග එමෙන්ම කෙස් ගසේ ආයුකාලය වසර හතරක් හයක් අතර වෙයිග නමුත් ඉහත සඳහන් කළ හේතු නිසාත් කෙස්ගස් ගැලවී යයිග හිසකෙස්වල ශක්තිමත් බව ලබාගැනීමට අවශ්‍යනම් කෙස් ගස් පිළිබඳව ඇති අවබෝධය ඉතාමත් වැදගත් වෙයිග එනම් කේශලාවන්‍ය හා විලාසිතා සිදුකරන අවස්ථාවලදී විවිධ රසායන ද්‍රව්‍ය භාවිත කළත් ළඟ ළඟ එවැනි ද්‍රව්‍ය භාවිත නොකිරීමට වගබලාගත යුතුයි.

තවද සබන් හා ෂැම්පු භාවිත කිරීම කාන්තාවන් අතර ජනප්‍රිය ක්‍රමයග නමුත් හිසකෙස් සඳහා සබන් භාවිත කිරීම සුදසු දෙයක් නොවේග සබන්වල ර්‍ථඩ් අගය 8 - 10 ත් අතරවෙයිග එය කොණ්ඩයට අහිතකර අගයකිග එහෙත් ෂැම්පුවල අගය 5ග5 ක් වෙයිග නමුත් ෂැම්පු වුවද දිනපතා භාවිත කිරීම නිසා කෙස්ගසේ ඇති ආම්ලික තරලය ගැලවී ඉවත් වී යාමට පුළුවනග මෙම අම්ල මගින් කෙස්ගසට බැක්ටීරියා හා හිරුරැස් වලින් සිදුවන ආසාදනයන්ගෙන් ආරක්ෂා කරයි.

ෂැම්පු යනු සේදුම් කාරකයකිග මෙහි අඩංගු සෝඩියම් සල්ෆේට් :ඹ්චභපර- අප නිවෙසේදී පිඟන් හා වීදුරු බඳුන් සේදීම සඳහා යොදාගනු ලබන දියර සේදුම්කාරක වල ද අඩංගුයග මෙසේ අධික ලෙස ෂැම්පු භාවිතයේ අවසාන ප්‍රතිඵලය කෙස්ගස කැඩීයාමයිග ඔබ ස්නානය කිරීමේ දී දිනපතා ෂැම්පු භාවිත නොකරන්නග උපරිම වශයෙන් ඕනෑම අයෙකුට සතියකට දෙවතාවක් හෝ තුන්වතාවක් ෂැම්පු භාවිත කිරීම යෝග්‍ය වෙයි.

ඔබ ස්නානය කරන සෑම අවස්ථාවකම ෂෑම්පු භාවිත කරන්නේ නම් අනිවාර්යයෙන්ම කන්ඩිෂනර් භාවිතය අත්‍යාවශ්‍ය බව මතක තබාගන්නග තවද තමාගේ කොණ්ඩය ළා දුඹුරු පාට යැයි සිතා එය කළු පැහැ ගැන්වීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍යයන් කිසිදු විමසීමකින් තොරව භාවිත කරන අයද සිටියිග එවැනි වෙනස්කම් බොහෝ විට සිදුවන්නේ කෙස් ගසේ වන මෙලතීන්වල හීනතාවයක් නිසයිග මෙය ජානමය හෝ හෝමෝනවල වෙනස්කම් නිසා සිදුවිය හැකියග එවිට ලඟ ලඟ හිසකෙස් වර්ණගැන්වීම නොකළ යුතුයිග එසේ කිරීමෙන් සිදුවන්නේ කෙමිකල් තැන්පත් විමක් පමණිග සමහරවිට මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ විටමින් බී 12 ඌණතාවයක් නිසා විමට පුළුවනග ඒ ගැන සැලකිලිමත් වන්නග ශරීරයේ ක්‍රියාකාරීත්වය වෙනස්වීම නිසාද මෙය යථා තත්ත්වයට පත්වීමට ඉඩ ඇතග මෙහි නියම තත්ත්වය හරියාකාරව අවබෝධකරගෙන කටයුතු කරන්නග

සමහර අයගේ හිසකෙස්වල වැඩීමේ අඩුවක් ඇතග මෙය බොහෝවිට පාරම්පරික ලක්ෂණයකිග තැන්නම් රසායනික බලපෑමක් හෝ ආතතිය නිසාද හෝමෝන ක්‍රියාකාරීත්වයේ සිදුවන වෙනස්වීම් ද මේ සඳහා බලපායිග කෙස්ගස වැවෙන්නේ පැපිලා නිර්මාණය වීමෙනිග මෙයට පිළියම් ලෙස හිස්කබලට සිදුකරන උත්තේජනයෙන් කෙස් වැටීමේ ප්‍රවණතාවය වැඩිකරගත හැකග නමුත් උත්තේජනය සඳහා යොදන ද්‍රව්‍ය රසායන ද්‍රව්‍ය අඩංගු ටොනික් වර්ග ෂැම්පු වර්ග කන්ඩිෂනර් වර්ග නොවිය යුතුයිග ඉතා ගුණ දෙන ඖෂධීය තෙල් වර්ගයක් භාවිතය හෝ මනා පෝෂණය හෝ නැත්නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස් ද සුදුසුයග

හිසකෙස් කැපීමල රීබොන්ඩින් කිරීමල වර්ණ ගැල්වීමග ආදී කුමන විලාසිතාවක් කළ ද විලාසිතාව කිරීමට කලින් තමන්ට එම විලාසිතාව කෙතරම් දුරට ගැළපේද යන්න සොයා බැලිය යුතුයිග

ඔබේ හිසකෙස් හා එහි ගුණාත්මකබව විලාසිතාව ගැළපිම මෙන්ම විලාසිතාව කිරිම සඳහා භාවිතා කරන ආලේපන වල උසස් ප්‍රමිතිය පිළිබඳව දැනුවත්වීම සහ සොයාබැලීම අත්‍යවශ්‍යයිග කිසියම් හිසකෙස් විලාසිතාවක් කිරීම සඳහා වෘත්තීමය නිපුණත්වයක් ඇති පුද්ගලයකු තෝරාගැනීම මුලින්ම කළ යුතු වැදගත්ම කටයුත්තකිග එහි දී අදාළ විලාසිතාවේ ගැළපීම නොගැළපීම පිළිබඳව ඔබ තුළ අවබෝධයක් ඇති කිරීම සහ ඒ සඳහා යොදන රසායනික ද්‍රව්‍ය ආදිය නිසා විය හැකි හානිදායක තත්ත්වයක් වළක්වා ගැනීමට ද ඔබට උපදෙස් වනු ඇතග

ඔබේ හිසකෙස් දුර්වර්ණ නම් හිසකෙස් අඩුවෙන් හෝ හිසකෙස් පළුදු වී ඇත්නම් විලාසිතා කිරීම පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුයිග නොයෙකුත් ආලේපන වර්ග හිසකෙස් මතට දැමීමෙන් ඔබේ කොණ්ඩය සම්පූර්ණයෙන්ම විනාශ වී තට්ටිය පෑදුණ ස්වභාවයක් ගැනීමට ඉඩ ඇතග

හිස්කබලේ රෝගී තත්ත්වයක් ඇතිවීම සහ හිසරදය ආදී මානසික පීඩාකාරී තත්ත්වයන් පවතින්නේ නම් හිස්කබල මතට විවිධ රසායනික ද්‍රවය යෙදීමල වර්ණ ගැන්වීම ආදියෙන් එම තත්ත්වය වර්ධනය විය හැකග

හිසකෙස් හෝ හිස් කබල සම්බන්ධයෙන් රෝගී තත්ත්වයක් පවතින්නේ නම් මසකට වතාවක් හෝ වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ගැනීමට උනන්දුවන්නග ඔබ උත්සවයකට ගොස් කොණ්ඩ මෝස්තර කර බැක්කෝම්බ් කර ඇත්නම් කොණ්ඩය හොඳින් සෝදා කන්ඩිෂනර් දමා ටිකවේලාවක් තබා ප්‍රවේශමෙන් හිසකෙස්වල ගැට හැර ගන්නග

දිනපතා ඖෂධීය තෙල් වර්ගයක් භාවිතයට ගැනීම මෙන්ම පලාවර්ග ආහාරයට එක් කරගැනීමෙන් හිසකෙස්වල නිරෝගිමත්බව රැකගත හැකියග හිසකෙස් පිරිසුදුව තබාගැනීම පිළිබඳ අවධානයෙන් සිටිනවානම් එහි නිරෝගිමත් භාවය පවත්වාගැනීම පිළිබඳව සැලකිලිමත් වනවානම් නිසි සත්කාර සිදුකරනවා නම් හිසකෙස් විලාසිතා කිරීම ඔබට ගැටලුවක් නොවනු ඇත
curtesy : lady


More News »