Home / කේෂාලංකාර / ස්වභාවික පොල්තෙල් හා ලෙමන් ආධාරයෙන් කොන්ඩය ස්ටේ‍රට් කරගන්න පුළුවන් බව ඔබ දැන සිටියාද?

ස්වභාවික පොල්තෙල් හා ලෙමන් ආධාරයෙන් කොන්ඩය ස්ටේ‍රට් කරගන්න පුළුවන් බව ඔබ දැන සිටියාද?

2016-05-03 01:24:00       716
feature-top
අද අපි විශ්ම ලෝකයෙන් ඔයාලට කියල දෙන්න යන්නේ ස්වභාවික ආකාරයට ඔයාගේ කොණ්ඩය ස්ටේ‍රට් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ වගේම ඔයා මේ සංයෝගය නිවැරදිව භාවිත කලොත් ඔයාගේ අගින් පැලුණු දුර්වල කෙස් කලඹට දීප්තිමත් පැහැයක් වගේම ශක්තියකුත් ලැබේවි.

ඔයා නිතරම ඔයාගේ හිසකෙස් වල පොල් තෙල් තවරනවා නේද? එතකොට ඒ එක්කම පොල් තෙල් වලට දෙහි යුෂ ටිකක් එකතු කරලාම තෙල් ඔලුවේ ගාන්නකෝ.

සමහර ගැහුණු ළමයින් කැමතියි තමන්ගේ කර්ල් එහෙම නැත්නම් බොකුටු කොණ්ඩය ටිකක් ලස්සනට ස්ටේ‍රට් කරගන්න. එත් ඒක ලේසි පහසු දෙයක්නම් නෙවෙයි. ඔයාගේ ලස්සනට තියෙන කොණ්ඩය අයන් එකකින් පුච්චගන්නවට වඩා, අපි මේ කියන සරල ප්‍රතිකර්මය අනුගමනය කිරීමෙන් එම ප්‍රතිඵලයම ඔයාට ලබාගන්න පුළුවන්. ඒ වගේම මේ සදහා කිසිදු මුදලක් වැය වෙන්නේත් නැති නිසා පොකට්ටුවටත් දැනෙන එකකුත් නෑ

අපි හැමදාම කියල දෙනවා වගේ ඔයා මතක තියාගන්න ඕන දේ තමයි මේ ස්වභාවික ප්‍රතිකාරය ඔයාගේ කොණ්ඩෙට කිසිම හානියක් කරන්නේ නැහැ කියන එක. ඒ නිසා මොනයම් විදිහකින් හෝ මේ ප්‍රතිකර්මය වැඩ නොකලත් ඔයාට බයවෙන්න දෙයක් නෑ

මේ ප්‍රතිකර්මය කරන විදිහ වගේම එයින් ලැඛෙන ප්‍රතිලාභ මොනවද කියල අපි දැන් බලමු.

ඔයාගේ කොන්ඩෙ ස්ටේ‍රට් කරගන්න මේ ප්‍රතිකර්මයෙන් පුළුවන්.

ඒ වගේම දීප්තිමත්, නිරෝගිමත් සහ ශක්තිමත් කොණ්ඩයක් ඔයාට ලබාගන්නත් පුළුවන්.

ඒ වගේම ඕනේ වෙලාවක ඔයාගේ කුස්සියෙන්ම මේ ස්වභාවික ද්‍රව්‍ය හොයාගන්න පුළුවන් නිසා මේ ප්‍රතිකර්මය අත්හදා බලන්න බොහොම ලේසියි

පොල්තෙල් වලින් ඔයාගේ කොණ්ඩෙ සිනිදු කරලා දීප්තිමත් පැහැයක් එකතු කරනවා.

පොල්තෙල් වලට ලෙමන් බින්දු කිහිපයක් එකතු කරලා සකස් කර ගන්න මේ සංයෝගයෙන් ඉහල ප්‍රතිඵල ලබන්න ඔයත් අදම මෙය අත්හදා බලන්න.

පහත වීඩියොව බලන්නකෝ. එතකොට ඔයාට මේ ප්‍රතිකර්මය කරන විදිහ ගැන හරියටම පැහැදිලි වෙනවා. මේ වීඩියෝ එකේ විදියට ඔබට අවශ්‍ය නම් ඔලිව් තෙල් ටිකකුත් එකතු කර ගන්න පුළුවන්. මික්රෝවෙව් කරන්න අමාරු නම් පොඩ්ඩක් රත් කරලා ගත්තත් ඇති
curtesy : sinhalalipi


More News »