Home / කේෂාලංකාර / කොණ්ඩය පිරිසුදු කිරීමේ දී මේ දේවල් මතක තබාගන්න

කොණ්ඩය පිරිසුදු කිරීමේ දී මේ දේවල් මතක තබාගන්න

2016-05-24 02:05:00       612
feature-top
ර්‍ණකොණ්ඩේ අගිස් පැලිලාග කොණ්ඩය කැඩෙනවාල කොණ්ඩේ හැලෙනවාග දුර්වර්ණ වෙලාල ඉස්හොරි අඩුවක් නෑග

 මේ හිසකෙස් හා සම්බන්ධව වැඩිදෙනකුට ඇති වී තිබෙන ගැටලුයිග සමහරුන් විමසන්නේ මෙයට කළ යුතු ප්‍රතිකාර මොනවාද යන්නයිග නමුත් ප්‍රතිකාරවලට වඩා ඔබ ඔබේ හිසකෙස් පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සැලකිලිමත් වෙනවා නම් මෙම ගැටලුකාරි තත්ත්වයන් බොහෝමයක් ඔබටම වළක්වා ගන්නට පුළුවන්ග

ඔබ දිනපතාම ඔබේ හිසකෙස් පිරිසුදු කරනවා වන්නට පුළුවන්ග නමුත් මේ හිසකෙස් පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය හරියාකාරව සිදු නොවනවා නම් එය ඔබේ හිසකෙස්වලට හානිකර වීමට ඉඩ තිබෙනවාග ඔබ එක දිගටම වැරැදි ක්‍රමයකට කොණ්ඩය පිරිසුදු කිරීම කරගෙන ගියහොත් හිසකෙස්වලට වන හානිය වැඩි වශයෙන් සිදු වන්නට පුළුවන්ග

සාමාන්‍යයෙන් මෙහිදී නිවැරැදිව ෂැම්පූ තෝරා ගැනීමල එය ක්‍රමාණුකුලව භාවිත කිරීමල භාවිත කරන ෂැම්පු වර්ගය හිසකෙස්වලට හිතකර එකක් වීම ඉතාමත් වැදගත්ග කොණ්ඩය සේදීමේ දී නිසි පරිදි ෂැම්පු සෝදා ඉවත් කිරීම සිදු නොකිරීමෙන් සිදුවන්නේ ඔබ විසින්ම ඔබේ හිසකෙස් දුර්වලකර ගැන්මයිග මේ නිසා කෙස් අග පැලීමල වියළි ස්වභාවය වැඩිවීමල අවුල් ස්වභාවයෙන් යුත් අකීකරු කෙස් කළඹක් හිමිවීම නිසා හිසකෙස් නිසියාකාරව සකස් කරගැන්මට නොහැකි වීම වැනි තත්ත්වයක් ඇතිවිය හැකියිග එමනිසා දිනපතා ඔබගේ හිසකෙස් පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු කරනවා නම් හිසකෙස්වල නිරෝගිමත් බව පවත්වා ගන්නට හැකි වේවිග

කොණ්ඩය ෂැම්පු කරන විට මෙහි දැක්වෙන උපදෙස් ගැන අවධානය යොමු කරන්නග

 ෆ ෂැම්පු කිරීමට පෙර හොඳින් අවුල් කඩා කොණ්ඩය ගැට ගැසී ඇති තැන් ලිහිල්කර ගන්නග පසුව අවශ්‍ය පරිදි කොණ්ඩය තෙත් කරගන්නග එසේ කිරීමෙන් හිස්කබල පුරා සහ හිසකෙස් පුරා ෂැම්පු ගල්වා ගැනීම පහසු වෙයිග

 ෆ හැමවිටම ෂැම්පු වතුර සමඟ මිශ්‍රකර ගෙන බිංදු වශයෙන් හිස මත විසුරුවා හරිමින් ගල්වාගන්නග එමඟින් හිසේ එක් එක් තැන්වල වැඩිපුර ෂැම්පු රැඳීම වැළකෙයිග එමනිසා ෂැම්පු ගැල්වීමට පෙර තමන්ගේ අත්ල මතට ෂැම්පු මඳ ප්‍රමාණයක් ගෙන එය වතුර සමඟ මිශ්‍රකර තැනින් තැන ගල්වා සෙමෙන් පිරිමදින්නග

 ෆ මෙහිදී මතක තබාගත යුතු තවත් කරුණක් නම් ඔබ භාවිත කරන ෂැම්පු සහ කන්ඩිෂනර් ඔබේ කෙස් කළඹට සරිලන ආකාරයේ ගුණාත්මක බවින් යුතුවීමයිග එවිට එම ෂැම්පු වර්ගය සහ කන්ඩිෂනර් වර්ගය කෙස් කළඹට අවශ්‍ය නිසි පිරිසුදු කිරීම සහ ඒ අතරට පෝෂණය ද ලබාදෙයිග සමහර ෂැම්පු වර්ග විශේෂයෙන් සමහර හිසකෙස් සඳහාම නිෂ්පාදනයකර ඇති නිසා මේ පිළිබඳව දැනුවත් වී සිටීම ඉතා වැදගත් වෙයිග

 ෆ ෂැම්පු මෙන්ම කන්ඩිෂනර් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර පාවිච්චි කිරීමට යාමෙන් නිසි ප්‍රතිඵල ලබාගත නොහැකි වෙයිග

 උදා - ෂැම්පු වැඩිවීම නිසා කොණ්ඩයේ වියළි බවක් ඇති වන්නට පුළුවන්ග එසේම කන්ඩිෂනර් වැඩිවීම මඟින් හිසකෙස්වල අධික තුනී ගතියක් ඇතිවන අතර එය හිස්මුදුනේ රැඳී තිබුණහොත් ඉස්හොරි ඇතිවීමට ද ඉඩ තිබෙයිග

ෆ දිනපතාම හිස ෂැම්පු කිරීමෙන් වළකින්නග දිනපතාම පුරුද්දක් වශයෙන් ෂැම්පු කිරීම මඟින් කෙස් ගසේ මුල්වල සහ හිස් කබලේ ඇති තෙතමනය අඩු වී වියළි බවක් ඇතිවීමට පුළුවන්ග මෙසේ කොණ්ඩය අධික ලෙස වියළි වීමෙන් කොණ්ඩය නිසි පරිදි සකස් කිරීම අපහසු වනවාක් මෙන්ම වැඩි කලක් මෙසේ පැවතීම කොණ්ඩය දුර්වර්ණ වීමට ද හේතු වෙයිග

ෆ නිතර නිතර හිසකෙස් උණු වතුරෙන් සේදීම ද අහිතකරයිග මෙමඟින් හිස් කබලේ සහ හිසකෙස්වල ඇති තෙතමනය අඩු වී එහි ස්වාභාවික පෙනුම පවත්වා ගැන්ම අපහසු විය හැකියිග

 ෆ ෂැම්පු කළ හිසකෙස් සේදීමේ දී එම ෂැම්පූ සම්පුර්ණයෙන්ම හිසකෙස්වලින් ඉවත්ව යන සේ හිස සේදීමට වගබලා ගන්නග

එය නිසි පරිදි ඉවත් නොවී තිබීම නිසා හිස කෙස් නිරෝගීව තබා ගැන්මට නොහැකි වේවිග එමෙන්ම මෙය ඉස්හොරි ඇතිවීමට ද හේතු විය හැකියිග

 ෆ තෙත් වූ කොණ්ඩය තුවායෙන් පිස දැමීමේදී වඩාත් පරෙස්සම් වන්නග ඉතා තදින් හිසකෙස් තුවායෙන් පිස දැමීමෙන් කෙස් ගස් ගැලවී යාමට පුළුවන්ග

එමෙන්ම මෙහිදී පනාවෙන් හෝ බ්‍රෂ් එකෙන් පිීරිමෙන් තෙත් වී ලිහිල් වී ඇති හිසකෙස් ඉතා ඉක්මනින් ඇදී බුරුල් වී ගිලිහී යාමට ඇති හැකියාව ද වැඩිවෙයිග මේ නිසා තෙත් වූ කොණ්ඩය පීරිමේදී සහ පිස දැමීමේදී ඉතා පරිස්සමෙන් කටයුතු කිරීමෙන් ඔබට කොණ්ඩය ආරක්ෂා කරගන්නට හැකිවේවිග

මේ කරුණු ගැන ඔබ හොඳින් සිතනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වනවා නම් ඔබේ නොසැලකිල්ලෙන් හිසකෙස්වල ඇතිවන ගැටලු බොහෝමයක් වළක්වා ගන්නට අපහසුවන එකක් නෑග

curtesy : www.tharunie.lk



More News »