Home / කේෂාලංකාර / ‘හෙයාර් ටොන්’ එකෙන් ‘නිවැරැදිව’ කර්ල් කළාම මොනතරම් ලස්සනක්ද?

‘හෙයාර් ටොන්’ එකෙන් ‘නිවැරැදිව’ කර්ල් කළාම මොනතරම් ලස්සනක්ද?

2016-09-14 09:28:00       614
feature-top
 ෂාගගග චේතනා ඔයාගෙ කොණ්ඩෙ හරිම හැඩයිග ළඟඳිද වෙනස් කළේරෑ ඔයා ගිය සැලෝන් එක හොඳයි වගේග තෑන්ක් යූ අනේග මට හැමෝම කිව්වා කොණ්ඩෙ කර්ල් කළාට පස්සෙ මගෙ මූණට අලුත්ම පෙනුමක් ඇවිත් කියලාග

අනිත් එක මට මේ ස්ටයිල් එක කරන්න වියදමක් ගියෙත් නෑග ගෙදරදී මමමයි කර්ල් කළේග

ඉතිං චේතනාට අලුත් පෙනුමක් එක්කළ කර්ලි හෙයාර් ස්ටයිල් එකෙන් ඔබටත් හැඩ වෙන්න ඇත්නම් එය කෙතරම් අපූරුදරෑ ඇත්තෙන්ම විවාහ ගිවිස ගැනීමේ උත්සවයකටල යෙහෙළියගේ විවාහ මංගල්‍යයටල උපන් දින සාදයකට වගේ අවස්ථාවන්වලදී පුංචි වෙනසක් ලෙසින් මෙලෙස හැඩවිය හැකියිග

රූපලාවණ්‍ය උපකරණ එකින් එක හඳුනා ගැනීමේදී ‘හෙයාර් ටොන්’ :්‍ය්සර එදබට- එක ගැන ඔබ දැනුවත් වීමත් වැදගත්ග මේ හෙයාර් ටොන් එකෙන් තමයි හිසකෙස් රැලි කරනුයේග හිසකෙස් රැලි කිරීමෙන් බැලූ බැල්මට විශේෂයෙන් යුවතියන්ගේ දඟකාරිත්වය සහ යෞවනත්වය මනාවට පිළිබිඹු වේග සැබැවින්ම ආකර්ෂණීය විලාසිතාවකිග

කාලයෙන් කාලයට හිසකෙස් රැළි කිරීමට විවිධ උපකරණ භාවිත කළාග එක් කලෙක රෝලස් ද ඒත් එක්කම හොට් රෝලස්ල කාමන් රෝලස් වැනි රූපලාවණ්‍ය උපකරණ මේ කොණ්ඩෙ රැලි කිරිමට යොදාගත්තාග

ඒත් මේ සඳහා වර්තමානයේ අපට පහසුම ක්‍රියාවලිය තමයි ‘හෙයාර් ටොන්’ එක භාවිතයග කෙසේ වෙතත් හෙයාර් ටොන් එකෙන් කරන මෙම කර්ල් විලාසිතාව තාවකාලික විලාසිතාවකිග ඒ වගේම මෙය සිදු කිරීමේදී හිසකෙස් පිරිසුදුව සහ වියළිව තිබිය යුතුයිග හෙයාර් මූස්ල හෙයාර් ස්ප්‍රේ හෝ හෙයාර් ජෙල් ස්වල්පයක් හිසකෙස්වල ගල්වා ටොන් කිරීමෙන් කර්ල් හෙයාර් ස්ටයිල් එක තවත් ලස්සන කරගත හැකියිග එමෙන්ම වැඩි වේලාවක් කර්ල්ව තබාගන්නත් පුළුවන්ග

විශේෂයෙන්ම මනාලියන්ල මල් කුමරියන්ල මනාලියගේ යෙහෙළියන්ගේ කොණ්ඩා විලාසිතාව දමා ගැනීමට මේ හෙයාර් ටොන් එක ප්‍රයෝජනවත් වේග ඉතිං මෙවැනි රූපලාවණ්‍ය උපකරණයක් තෝරා ගැනීමේදී උසස් ප්‍රමිතියෙන් යුතු ඉහළ තාක්ෂණයකින් යුතු එකක් තෝරා ගැනීමට ඔබ සැලකිලිමත් වන්නග ඒ අවබෝධය ඔබේ වරලස සුරැකීම වගේම ඔබේ ප්‍රතිරූපයට වඩාත් සුන්දරත්වයක් ලබා දේවි

curtesy : http://www.tharunie.lk/



More News »