Home / කේෂාලංකාර / හිසකෙස් සුදුවීම වලක්වාගැනීමට දේශීය වෙදකම්

හිසකෙස් සුදුවීම වලක්වාගැනීමට දේශීය වෙදකම්

2016-09-21 11:06:00       701
feature-top
 රූ සපුව ගැන උනන්දු වන සෑම කෙනෙක්ම තම කොණ්ඩයට විශේෂ සැලකිල්ලක් දක්වතිග කොණ්ඩය සිරුරේ පැහැයල වයස ආරක්ෂා කරමින් වඩාත් තරුණ පෙනුමක් ඔබ වෙත ගෙන එයිග නමුදු වයසට යාමට පෙර කෙස් සුදුවීම අද සමාජයේ බහුලව දැකගත හැකි තත්ත්වයකිග කෙස් සුදුවීමත් සමඟ අවබෝධ වනුයේ අප වයසට ගොස් ඇති බවයග

හිසකෙස් ගැන සැලකිලිමත් වීමේදී ඒවා සෑදී තිබෙන්නේ මතු පිටට පෙනෙනල වර්ණක සහිත කෙන්ද සහ එහි පතුලේ ඇති ෆොලිකල් මඟිනිග සෑම ෆොලිකල් එකක් තුළම වර්ණක සෛල අඩංගු වේග එම වර්ණක සෛල මඟින්මෙලනින් නම් රසායනික ද්‍රව්‍ය නිපදවනු ලබයිග සිරුරේ පැහැය මෙන්ම හිසකෙස් වල පැහැයද ඇති කරනුයේ මෙලනින් මගිනිග මෙලනින් මගින් පිටතට පෙනෙන කෙන්දේ වර්ණය කළුල දුඹුරු හෝ රතු ලෙස පෙන්නුම් කරයිග හිසකෙස් වල වර්ණ තද පාට හෝ වර්ණවත්ද යන්න තීරණය වනුයේ මෙලනින් වර්ණකය නිසායග තද කළු හිසකෙස් ඇති අයගේ මෙලනින් වර්ණකය වැඩිපුර පිහිටා

තිබේග ලා පැහැති හිසකෙස් ඇති අයගේ මෙලනින් වර්ණකය අඩුයග එසේම සුර්යයාට නිරාවරණය වී සිටින විට සමේ පැහැය තීරණය කරනුයේද මෙලනින් වර්ණකය වීම තවත් විශේෂත්වයකිග

අප වයසට යන විට ෆොලිකල් ඇතුලේ ඇති වර්ණක සෛල ක්‍රමයෙන් මැරී යනු ඇතග එවිට හිසකෙස් වල පවතින කළු වර්ණකය

රිදී පැහැයට හැරී එය වර්ධනය සමඟ දුඹුරු හා සුදු පැහැයක් ගනීග ඉන්පසු වර්ණක සෛල මැරීගිය පසු හිසකෙස් සම්පූර්ණයෙන්ම සුදු පැහැයක් ගනීග

එසේ නම් කෙස්වල වර්ණය වෙනස් වීමට බලපානුයේ අපගේ ජාන ක්‍රියාකාරීත්වයයිග මෙහිදී වැදගත් වනුයේ දෙමාපියන්ගෙන් අපට උරුම දේ මත එය සිදුවන බවයිග මව්පියන්ගේ කෙස් වයසට යාමට පෙර සුදුවී ඇත්නම් ඔබගේත් තරුණ අවදියේදීම කෙස් සුදුවීම පටන්ගනීග දෙමාපියන්ගේ කෙස් වයසට ගොස් සුදු වන්නේ නම් ඔබගේත් කෙස් වයසට ගිය පසු සුදුවේග

ඉහත කී කාරනා ඔබ අප සියලු දෙනාට එකසේ බලනොපාන අතර එය ජානමය හේතු මත සිදුවන දෙයක් බව මතක තබාගත යුතුයග

බොහෝ දෙනකුගේ හිසකෙස් සුදුවීම තරුණ අවදියේදීම සිදුවේග

තවත් සමහර අයගේ අවුරුදු 40 - 50 පමණ වනවිට සුදුවන බව සොයාගෙන ඇතග පළමුවෙන්ම සුදු හිසකෙස් ගසක් දැකපු දින සිට එය හිස පුරාම ව්‍යාප්ත වන්නට අවුරුදු 10 කට අධික කාලයක් ගත වේග

හිසකෙස් සුදුවීමට බලපාන වෙනත් සාධක

විටමින් බී හා විටමින් බී 12 ඌණතාවය නිසා මන්දපෝෂණයල රක්ත හීනතාවය වැනි රෝග තත්ත්ව ඇති වේග එම රෝග තත්ත්ව හිසකෙස් සුදුවීම කෙරෙහිද බලපානු ලබයිග තවද තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරකම් අඩුවීම මත හා දුම්පානය නිසාද හිසකෙස් සුදු වේග දුම් නොබොන තරුණ අයට වඩා හතර ගුණයක් ඉක්මනින් දුම්බොන අයගේ හිසකෙස් සුදුවීම ආරම්භ වේග එයට හේතුව ශරීරයේ පටක වල ඇති ඔක්සිජන් බිද වැටීමයිග

ඇතැම් රෝග වලට ප්‍රතිකාර කිරීමේදී හිසකෙස් සුදුවේග මෙම තත්ත්වය බහුලව දැකගත හැක්කේ පිළිකා වලට හා ඒඩ්ස් වලට ප්‍රතිකාර කිරීමේදී බව සොයාගෙන ඇතග එයට හේතුව එවැනි රෝගීන් බලවත් චිත්ත පීඩාවන්ට පත්ව සිටීමයග

මෙම හේතූන්ට අමතරව පීනසල වායු සමීකරණ කරන ලද කාමර වලල වාහන වල නිතර සිටීම නිසාදල අධික ශීතල වතුර හා රාත්‍රි කාලයේ නෑම නිසාදල නිදිවැරීම හා පිනිබෑම නිසාදල විෂ සහිත ආහාර පාන හා සමබල ආහාර වේලක් නොගෙන සිටීම නිසාද හිසකෙස් සුදුවේග මෙහිදී ජාන ක්‍රියාකාරීත්වය මත සිදුවන හිසකෙස් සුදුවීම වළක්වා ගත හැකියග මේ සියල්ලටම ඔබේ හිසකෙස් සුදුවීම වළක්වා ගත නොහැකි නම් ශාකශාර වලින් සාදා ගන්නා ඩයි වර්ග භාවිතා කළ හැකග නමුත් එම ඩයි වර්ග භාවිතයෙන්ද අතුරුආබාධ ඇතිවේග

අකලට හිසකෙස් ගැලවී යාම හා පැසීම සඳහා දේශීය වෙදකම්

කැඳ වර්ග -ගොටුකොළල මොනරකුඩුම්බියල ඉරමුසුල මුගුණුවැන්නල කී කිරිදියල නෙළුම් අලල හාතවාරියල පොල්පලාල කරපිංචාල ලුණුවිල යන මින් කුමන හෝ ඖෂධයකින් සාදාගත් කැඳ වර්ගයක් සතියකට දින කිහිපයක් පානය කිරීමග

හිසෙහි ආලේප කිරීම සඳහා

ෆ දෙහි ගැටල උළුහාල් තම්බා හිස සේදීමග

ෆ නික කොළල පොකුරු වදමල්ල නෙල්ලිල වෙනිවැල්ගැටල සැවැන්දරා තැම්බූ වතුරින් හිස සේදීමග

ෆ අමු නෙල්ලි දෙහි යුෂ සමඟ මිශ්‍රකර නෑමට පෙර හිසේ ආලේපයග

ෆ වෙරළු කොළ යුෂවලින් හිස සේදීමග

ෆ කී කිරිදියල මුගුණුවැන්නල ගොටුකොළල එළකිරි හෝ ජලය සමඟ අඹරා ආලේපයග

ෆ රත්මල් කැකුළු කුඩු කී කිරිදිය හා පොල් කිරි සමඟ මිශ්‍රකර ආලේපයග

ෆ කෝමාරිකා මදය බිත්තර කහ මදය සමඟ මිශ්‍රකර ආලේපයග

ෆ දුම්මැල්ල කොළ ඇල්දියෙන් අඹරා ගෑමග

ෆ නිල්අවරිය කොළ කොටා මිරිකා ගත් යුෂ ආලේපයග

ෆ පොකුරුවද මල් ජලය සමඟ අඹරා ආලේපයග

ෆ අරළු තිප්පිලිල අවරිය කොළල සහල් කැඳ සමඟ අඹරා ආලේපයග

ෆ දෙහි කොළ යුෂල දෙහි යුෂල පොල්කිරිල හිරුඑළියෙන් රත්කර ආලේපයග

ෆ තල තෙල් හෝ පොල්තෙල් වලට නෙල්ලි කුඩු දමා සිදගත් තෙල් ආලේපයග

ෆ කරපිංචා කොළ දමා රත්කර ගත් පොල්තෙල් ආලේපයග

ෆ නික කොළ යුෂ තලතෙලට දමා සිදගත් තෙල් ආලේපයග

ෆ කීකිරිදිය කොළ යුෂ තල තෙලට දමා සිදගත් තෙල් ආලේපයග

ෆ ගම්මාලු කිරි තලතෙලට දමා සිදගත් තෙල ආලේපයග

මෙම ඖෂධ හිසේ ආලේප කර පැය 2-3 පසු ස්නානය කළ යුතුයග

හිසට දැමිය හැකි තෙල්

පොල්තෙල්ල තැඹිලි තෙල්ල තල තෙල්ල දශවග ප්‍රමේග තෙල්ල බ්‍රාහ්මී තෙල්ල භෘංගාමලක තෙල්ල මයුර කාන්ති තෙල්ල කේශ වර්ධනී තෙල්ල නීල්්‍යාදි තෙල්ල අරූද තෙල්

අකලට හිසකෙස් යාමට හා පැසීමට තෙල් වර්ග නිර්දේහ කළ හැකි නමුත් පීනස වැනි රෝගී තත්ත්වයන් ගැනද සැලකිලිමත් විය යුතුයිග

දිගු නිරෝගී කෙල් කළඹකට

ෆ නෙල්ලි තැම්බූ වතුර පානය කිරීමග

ෆ ඉරිවේරිය තැම්බූ වතුර පානය කිරීමග

ෆ බුළු කුඩු උක් හකුරු සමඟ මිශ්‍රකර තේ හැන්දක ප්‍රමාණක උදෑසන කෑමග

ෆ රසකිද යුෂ හිසෙහි ආලේපයග

ෆ සැවැන්දරා තැම්බූ ජලයෙන් හිස සේදීමග

ෆ තිබ්බටුල කීකිරිදිය ව්‍යංජන වශයෙන් භාවිතය

curtesy : dinamina.lk


More News »