Home / කේෂාලංකාර / තෙල් සාත්තුවෙන් පමණක් හිසකෙස් රැකගන්න බෑ

තෙල් සාත්තුවෙන් පමණක් හිසකෙස් රැකගන්න බෑ

2016-10-07 03:09:00       619
feature-top
 නිතඹ තෙක් ඇද හැලුණු මොනරපිලක් වන් කෙස් කළඹක් හිමිකර ගැනීම සෑම යුවතියකගේම පැතුමයිග ඒත් ඒ හිත පිරි ආසාව සැබෑකර ගන්නට අවස්ථාව ලැබෙන්නේ කීයෙන් කී දෙනකුටදරෑ මේ අසීමිත බලාපොරොත්තුව නිසාම බොහොමයක් යුවතියන් අතට හසුවන ඕනෑම තෙලක් හිසේ හළාගන්නට දෙවරක් හිතන්නේ නැහැග

 

හිසකෙස් හැළීමටල අවපැහැවීමට අකලට ඉදීමට බාහිරින් තෙල් ආලේප කිරීම පමණක්ම ප්‍රතිඵල දායකදරෑ නැතග මන්ද ප්‍රතිකාර කළයුත්තේ රෝගයට නොව රෝග නිධානයටයග රෝගී තත්ත්වය හිසකෙස් ගැළවීයැම වුවත් රෝග නිධානය මලබද්ධයල ඇඟේ උෂ්ණයල විටමින් අඩුවීම හෝ වෙනත් තත්ත්වයක් විය හැකියග

ඒ නිසා ප්‍රථමයෙන් රෝග නිධානය හඳුනා ගැනීම වඩාත් වැදගත්යග

හිසකෙස් ගැළවීයාමට බාහිරින් ප්‍රතිකාර කිරීම පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන්නේ මේ නිසායිග ඒ සඳහා අභ්‍යන්තරික වශයෙන්ද ප්‍රතිකාර කිරීම වැදගත්යග බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට හිසකෙස් ගැලවීයාමට මලබද්ධය හා ඇඟ උෂ්ණවීම ප්‍රධාන වශයෙන් බලපායිග

එකී තත්ත්වයක් පවතිනවා නම් ප්‍රථමයෙන් එකී රෝග නිධානයන්ට ප්‍රතිකාර කිරීමෙන් ඉබේම රෝගයද පාලනය වෙයිග

යම් කෙනකුට මලබද්ධය තත්ත්වයක් පවතිනවා නම් ඔහු හෝ ඇය පලතුරු වැඩි වශයෙන් ආහාරයට එක්කරගත යුතුයග ඒ වගේම එකී තත්ත්වය පාලනයට විටමින් බී අත්‍යාවශ්‍ය වන නිසා මුංඇටල කඩලල නිවුඩුහාල්ල රනිලභෝග ගැනීමද වැදගත්යග ඒ වගේම ගොටුකොළල කතුරුමුරුංගාල මුකුණුවැන්නල කංකුංල නිවිතිල සලාදල මුරුංගා ආදිය නිතර ආහාරයට ගැනීම සුදුසු වන අතර ඒවා වැඩි වේලා නොතැම්බීමට ද වගබලා ගැනීම යෝග්‍යයිග

බඩ විරේක කිරීම අතීතයේ පුරුද්දක් වශයෙන් සිදුකළත් වර්තමානය වන විට එකී තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අපගෙන් ඈත්වීම නිසා ඌෂ්ණවීමල මලබද්ධය අපගේ ජීවිතවලට සමීප කිරීමට සමත් වී ඇතග

සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකු මාස 6කට හෝ 8කට වරක් බඩ විරේකයක් කිරීම අනිවාර්යයිග

බඩ විරේකයක් කිරීමට අරළු කුඩු කලං 6 ක්ල සූකිරි කලං 6 ක්ල සහිඳ ලුණු කලං 01 තැඹිලි ගෙඩි එකක් සපයා ගත යුතුයග සවස 6ග00 හෝ 7ග00 ට තැඹිලි ගෙඩියක් කපා ඉහත ද්‍රව්‍ය එක්කර නැවත තැඹිලි ගෙඩියේම කැපූ කැබැල්ලෙන් වසා පින්නට නිරාවරණය කළ යුතුයග

මෙම පානය පිරිසුදු රෙදි කඩකින් 7 වරක් පමණ පෙරා හිස්බඩම පානය කිරීම වැදගත් සේම තෙල් සහිත හා මාංශමය ආහාර ආහාරයට නොගැනීමත් වැදගත්යග

මෙසේ අභ්‍යන්තරිකව ප්‍රතිකාර කරන අතරවාරයේ හිසකෙස් වර්ධනයට බාහිරින්ද ප්‍රතිකාර කිරීම වැදගත්යග ඒ සඳහා සුදුසු කීකිරිඳිය අඩංගු කේශ වර්ධන තෙලක් පාවිච්චි කළ යුතුයග තෙල් පාවිච්චි කිරීමට පළමුව හිස පිරිසුදු කරගැනීමට කෝමාරිකා මද හෝ උළුහාල් දෙහි තම්බා සෝදා හිස වියළා ගැනීමෙන් පසු තෙල් දමා ඇඟිලි තුඩුවලින් සම්බාහනය කළ යුතුයග

මෙසේ බාහිරින් හා අභ්‍යන්තරිකව ප්‍රතිකාර කිරීමෙන් නීලවර්ණ දිගු කෙස් කළඹක හිමිකාරිනියක් වීමට ඔබටත් පුළුවන
curtesy : http://www.tharunie.lk


More News »