Home / කේෂාලංකාර / පාටි එකේ අලුත්ම ට්‍රෙන්ඩ් එක

පාටි එකේ අලුත්ම ට්‍රෙන්ඩ් එක

2016-11-02 02:34:00       675
feature-top
 කාලයෙන් කාලයට කොණ්ඩා විලාසිතාවත් වෙනස්වන ආකාරය නම් හරි අපූරුයි විශේෂ උත්සව අවස්ථාවක් සඳහා කාලයක් බොහෝ දෙනකු අතර ජනප්‍රිය වූ Even Hair Style මෝස්තරය මේ වන විට uneven විලාසිතාව ලෙස වෙනස් වෙලාග

අද මේක තමයි යෞවනියන්ගේ අලුත්ම ‘ට්‍රෙන්ඩ්’ එකග

ඉතාම පහසුවෙන්ම අඩු කාලවේලාවකදී හැඩ විය හැකි  uneven hair style  එක සාමාන්‍ය උත්සව අවස්ථාවකට වගේම දෙවැනි මනාලියන්ගේ කොණ්ඩා විලාසිතාව බවටද පත් වෙලාග

මුලින්ම කොණ්ඩා මෝස්තරය දැමීමට පෙර කොණ්ඩයේ තත්ත්වය බැලිය යුතුයිග එනම් කොණ්ඩය නැචුරල් නොවී රීබොන්ඩින්කර ඇත්නම් මෙම මෝස්තරය වැඩි වේලාවක් පවත්වා ගත නොහැකියිග

පළමුව කොණ්ඩා මෝස්තරය දැමීමට පෙර බ්ලෝ ඩ්‍රයි කරගන්නග ගොඩාක් කඩා හැළෙන කොණ්ඩයක් නම් ජෙල් තවරා ගන්නග ඉයර් ලයින් එකෙන් කොණ්ඩය වෙන්කර ගන්නග

කොටස් තුනකට ක්‍රවුන් ඒරියා එක බැක්කෝම්බ්කර ගන්නග ස්ලයිඩ් දෙක බැක්කෝම්බ් කරගන්නග

දැන් එම සෙක්ෂන්වලින් ඉදිරිපස සෙක්ෂන් එක හැර අනෙක් සෙක්ෂන් සියල්ලම ඡායාරූපයේ දැක්වෙන ආකාරයට රඳවාගන්නග ඉතිරිකර ගත් කොටස්වලින් කොණ්ඩා සැකසුම වසාගන්නග ඉදිරිපස දෙපසිනුත් කොණ්ඩා ප්‍රමාණයක් ගෙන ඡායාරූපයේ දැක්වෙන ආකාරයට හීට්කර ගන්නග

ඉන්පසුව පිටුපස මැද කොටස පෝනි ටේල් එකක් දමා ඉදිරිපසින් කොණ්ඩය තරමක් ඉතිරිකර ගන්නග දැන් මැද පෝනි ටේල් එකේ කොණ්ඩයෙන් නෙට් ලූප්ස් හතරක් පහක් සාදාගන්නග

නෙට් එකට රඳවාගත් කොණ්ඩයෙන් කැමැති හැඩයක් සාදා ගෙන පිටුපසට එකතුකර ගන්නග මෙය විවිධ හැඩයට ගැනීමෙන් අලුත්ම මෝස්තරයක් ලැබේවිග දැන් පිටුපස දෙපස ඉතිරි කරගත් කොණ්ඩය ජෙල්කර ගන්නග එය කොටස් ආකාරයට ගෙන කර්ලිං ටොන් එකෙන් කර්ල් කරගන්නග අවසානයට කනෙන් ඉදිරියේ ඇති කොණ්ඩය කොටස දෙකට බෙදා ගෙන මුහුණට ගැළපෙන ආකාරයට කර්ල් කරගන්නග එය පිටුපස කොණ්ඩයට එකතුකර ගන්නග ඉදිරිපස ඉතිරිකරගත් කොණ්ඩය හැඩයට ටොන්කර ගන්නග ලස්සන කිරීමට ඕනමන්ට් රැඳවිය හැකියි

curtesy : tharunie.lk/


More News »