Home / කේෂාලංකාර / ඩයි නිසා ප්‍රශ්න ඇතිවෙන්නේ ඇයි?

ඩයි නිසා ප්‍රශ්න ඇතිවෙන්නේ ඇයි?

2016-11-20 02:56:00       677
feature-top
 නොදන්නාකමදරෑ නොසැලකිල්ල දරෑ

ඩයි භාවිත කිරීමේදී ඇතිවන ප්‍රශ්න නිසා එයට පිළියම් සොයාගෙන එන අය කෙළවරක් නෑග මේ ප්‍රශ්න බොහෝමයකට හේතුව වී තිබෙන්නේ එය පාවිච්චි කිරීමේදී නිවැරැදි ලෙස කටයුතු නොකිරීමයිග

නොදන්නාකමල නොසැලකිල්ල නිසාත් මෙහිදී ප්‍රශ්න ඇතිවන අවස්ථා බොහොමයිග රසායනික ද්‍රව්‍ය අඩංගු ඩයි අප හදුන්වන්නේ කෙමිකල් ඩයි වශයෙන්ග ඩයි ගැන සඳහන් කරන විටම ඒ හා බැඳුණු වචනය නම් පැච් ටෙස්ට් එකයිග :පෙර පරික්ෂණය- රසායනික ද්‍රව්‍ය නිසා අසාත්මිකතා ඇතිවූ අවස්ථා බොහොමයිග මෙම අසාත්මිකතා නිසා මරණය පවා සිදුවන්නට පුළුවන්ග එම නිසයි ඩයි කිරීමට පෙර පැච් ටෙස්ට් එකක් කිරීම අනිවාර්යය වෙන්නේග නමුත් සමහරුන් මෙය නොතකා කටයුතු කරන අවස්ථාවන් ද නැතුවා නොවේග එය ඉතාමත් අවදානම් බව කිවයුතුයිග යම් හෙයකින් ඩයි භාවිතයෙන් අසාත්මිකතාවයක් ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයිග

රසායන ද්‍රව්‍ය අඩංගු ඩයි වර්ග පාවිච්චි කරන්නට නොහැකිල ඒ සදහා අසාත්මිකතාවයක් දක්වන අයට වෙනත් විසඳුමක් තිබෙනවාදරෑ

ඔව්ල කිසිම රසායන ද්‍රව්‍යයක් අඩංගු නැති 100්‍ර ක් ස්වාභාවික ඩයි වර්ග තිබෙනවාග ඩයි අසාත්මික වන අයට එම ස්වාභාවික ඩයි භාවිත කළ හැකියිග එම ස්වාභාවික ඩයි දැන් ලෝකය පුරාම ජනප්‍රියයිග

භාවිත කරමින් සිටින ඩයි වර්ගය මාරු කිරීමට අවශ්‍ය නම් වෙනත් ඩයි වර්ගයකට යන්නට පුළුවන්දරෑ

මෙතැනදී බොහෝ දෙනෙක් වරද්දා ගන්නවාග තමන් භාවිත කරන ඩයි වර්ගය එක දිගටම භාවිත කරන අය ඉන්නවාග නමුත් ඇතැම් විට එම ඩයි ඔවුන්ට අසාත්මිකවන අවස්ථා කලාතුරකින් හෝ සිදුවිය හැකියිග තවත් සමහරුන් තමන් භාවිත කරන ඩයි එක වෙනුවට වෙනත් ඩයි එකකට යන්නට කැමැත්තක් දක්වනවාග නමුත් තමන්ට සුදුසුයැයි සිතා හිතුමතේට අලුත් ඩයි එකකට යාම සුදුසු නැතග එය භාවිත කිරීම එසේ වගකීමකින් තොරව කළ හැකි දෙයක් නොවෙයිග ඩයි එකක් භාවිත කළ හැක්කේ එය තමන්ට ගැළපෙනවා නම් පමණයිග

කලබලයෙන් ඩයි පාවිච්චි කරන්නට එපාග

ඩයි ගැල්වීම ඉතා ප්‍රවේශමෙන් කල්පනාවෙන් කළයුතු දෙයක්ග ඩයි ආලේප කරන විට වැඩි කාල වේලාවක් නොගෙන ඉක්මනින් එය නිමකළ යුතුයිග මෙහිදී මුහුණේල කන්වලල ඇස්වල ඩයි ගැටෙන්නට දීම සුදුසු නෑග බැරිවීමකින් හෝ ඇස්වලට ගියහොත් ඉක්මනින් සාමාන්‍ය වතුරෙන් සෝදා ඉවත් කළ යුතුයිග ඩයි සමේ ගැටුණහොත් සමේ පැල්ලම් ඇතිවෙන්නට පුළුවන්ග එය වළක්වා ගන්නට අප උපක්‍රමශීලි විය යුතුයිග

මේ සඳහා යෙදිය හැකි උපක්‍රමය කුමක්දරෑ

ඩයි තැවරීමට ප්‍රථම අනුගමනය කළ හැකි ක්‍රමයක් තිබෙනවාග මේ සඳහා ක්ලෙන්සින් ක්‍රීම් ටිකක් ගෙන එය හෙයා ලයින් එක වටේ සමේ ආලේප කරන්නග කන් පෙතිවලත් තවරන්නග යම් විදිහකින් කන්වල හෝ මුහුණේ ඩයි තැවරුණොත් ක්ලෙන්සින් ක්‍රීම් තවරා ඇති නිසා එය ඉවත් කිරීම පහසුයිග එසේ නොමැති වුවහොත් ඩයි තැවරීම නිසා කන්ල නළල ආදී තැන්වල කළු පැල්ලම් ඇති වී අවලස්සන පෙනුමක් ගෙන දෙන්නට පුළුවන්ග

ඩයි ගෑමෙන් පසු වෙලාව ගැන සැලකිලිමත් වන්නග

ඩයි භාවිතයේ දී එහි සඳහන් පරිදි නියමිත කාලයක් තැබීමට අවශ්‍යයිග නියමිත වෙලාවට කලින් සෝදා ඉවත් කළහොත් වර්ණ ගැන්වීමේ නියම ප්‍රතිඵල ලබාගත නොහැකියිග එමෙන්ම නියමිත කාලයට වඩා වැඩි වේලාවක් ඩයි හිස මත තිබෙන්නට හැරීමෙන් අහිතකර බලපෑම් ඇතිවීමට ඉඩ තිබෙයිග එය හිසකෙස්වලට ද හානිකර වෙන්නට යුළුවන්ග මේ නිසා ඩයි තැවරූ පසු නියමිත පරිදි නිසි කාල වේලාවක් තුළ දී හිස සේදීමට සැලකිලිමත් විය යුතුයිග

ඩයි සේදීමේදී ප්‍රවේශමෙන්ග

ඩයි සෝදා ඉවත් කිරිමේදී මුහුණටල කන්වලටල ඇස්වලට ඩයි වතුර වැටෙන්නට ඉඩ දෙන්නට එපාග හිස පිටුපසට වන්නට අල්ලා සෝදා හරින්නග ඩයි වතුර කනට ගියහොත් එයින් හානි ගෙනදිය හැකියිග ඩයි ඇස්වලට යාමෙන් ඇස්වලට හානි ගෙනදිය හැකි අතර මුහුණේ සමේ ඩයි වතුර වැටුණොත් සම දුර්වර්ණ වී අඳුරු පැල්ලම් ඇතිවන්නට පුළුවන්ග මේ නිසා ඩයි කිරීමෙන් පසු හිස සෝදන විට එම ඩයි වතුර ඉහත කී ආකාරයෙන් සමට නොවැටෙන සේ කිරීමට වගබලා ගන්නග

ඩයි කළ පසු සාමාන්‍ය ෂැම්පු පාවිච්චිය සුදුසු නෑග

ඩයි භාවිත කරන අයට සැකසුණු ෂැම්පු වර්ග වෙළෙඳපොළේ තිබෙනවාග එය සකසා තිබෙන්නේ විශේෂයෙන්ම ඩයි කළ හිසකෙස් සඳහායිග එසේ නොමැතිව ඩයි කළ හිසකෙස් සඳහා සාමාන්‍ය ෂැම්පු භාවිත කිරීමෙන් ඉක්මනින්ම ඩයි එක ඉවත් වී යාමට පුළුවන්ග එමෙන්ම අනවශ්‍ය ලෙස හිසකෙස්වල වියළි තත්ත්වයක් කෘත්‍රිම ස්වභාවයක් ගෙන දීමටත් එය හේතුවිය හැකියිග ඩයි කළ හිසකෙස්වලට වඩාත් සුදුසු වෙන්නේ ඒ වෙනුවෙන්ම ඇති ෂැම්පු කන්ඩිෂනර් භාවිත කිරීමයිග

ඩයි භාවිත කරනවා නම් ඒ පිළිබඳ නිසි පරිදි දැනුවත් වී භාවිත කරන්නට සැලකිලිමත් වෙන්නග අනවශ්‍ය ලෙස ඩයි පාවිච්චි කිරීම හෝ හිතුමතේ කටයුතු කිරීමට යාමෙන් වැළකෙන්නග එවිට ඩයි භාවිතය නිසා ඇතිවන ප්‍රශ්න වළක්වාගත හැකියි

curtesy : http://www.tharunie.lk


More News »