Home / කේෂාලංකාර / ඔය හෙයාකට් එක ඔයාට හරියන්නේ නෑ

ඔය හෙයාකට් එක ඔයාට හරියන්නේ නෑ

2016-11-30 02:31:00       626
feature-top

වයසට ගියත් තරුණ පෙනුමක් එන විදිහේ විලාසිතාවක් කරගන්න උනන්දුවක්ල කැමැත්තක් දක්වන අය ඉන්නවාග

නමුත් සමහරවිට එහෙම හිතාගෙන කරන විලාසිතා නිසා වයසට වඩා වයස පෙනුමක් ළඟා කරගෙන ඉන්න අයත් නැතුවා නොවෙයිග

ර්‍ණඅයියෝ ඔය හෙයාකට් එක ඔයාට හරියන්නේ නෑග හිටියටත් වඩා වයස පාටයිග”

ර්‍ණරීබොන්ඩිං එක ඔයාට මැච් වෙන්නේ නෑග ඔයා කෙල්ල වෙන්න ගිහිල්ලාග”

ඔන්න ඔය වගේ විවේචන බොහෝවිට අසන්නට ලැබෙන්නේ ඔබ ඔබේ වයසට නොගැළපෙන විලාසිතා කිරීමට යාම නිසයිග

විලාසිතා කරන එක වරදක් නෑග නමුත් හොඳින් හිතන්නග ඔබ ඔබේ කොණ්ඩය කිසියම් මෝස්තරයකට අනුව සකස් කරගන්නට සිතනවා නම් ඒ පිළිබඳ ඔබගේ අවධානයට යොමුවිය යුතුදේ තිබෙනවාග

ඔබේ වයසටල පෙනුමට හරියටම ගැළපෙන විලාසිතාවක් තෝරාගත්තොත් ඉන් තමන්ගේ පෞරුෂත්වය මතුකර ගන්නට පුළුවන්ග

විශේෂයෙන්ම අප හිසකෙස් විලාසිතා ගැන කතා කළොත් රිබොන්ඩිංල පර්මිංල හෙයාකලර්ල හයිලයිට් සහ හෙයාකට් ආදියෙන් තමන්ගේ කොණ්ඩයට සහ මුහුණට ලස්සන පෙනුමක් එක්කරගත හැකියිග නමුත් මේ වගේ දෙයකට යොමුවන විට තමන්ගේ පෙනුමල වයසල රැකියාව හිසකෙස්වල ස්වභාවය සහ මුහුණේ හැඩය ගැන ප්‍රධානකොට සැලකිය යුතුයිග

ඇස් පෙනීම දුර්වල නිසා කණ්ණාඩි පලඳන සම රැලිවැටණු ස්වභාවයක් ඇතිග උස්මහත් වූ දරුදැරියන් ඇති වියපත් ලක්ෂණ පෙන්නුම් කරන අයෙක් රීබොන්ඩිංල පර්මිං වැනි විලාසිතාවන් සිදුකළොත් එය ඔවුන් තම පෞරුෂත්වයට කරගන්නා හානියකිග එමෙන්ම එවැනි අය අන් අය අතර උපහාසයට ලක්වෙයිග එමනිසා කරන්නන් වාලේ එවන් විලාසිතා අනුකරණය කරන්නට යාමෙන් වැළකීම වැදගත්ග

විවාහක කාන්තාවක් නම් ඔබ ද එවන් විලාසිතාවන්ට යොමුවීමට පෙර ඒ පිළිබඳ වරක් නොව දෙවරක් සිතිය යුතු බව අමතක කරන්නට එපාග හේතුව විවාහයට පෙර ඔබේ සැමියා දුටු ඔබේ දිගු වරලස කෘත්‍රිම ලෙස වෙනස්කර ගැනීමෙන් ඔහුගේ නොරිස්සුම ද සමඟ ඔහු ඔබෙන් දුරස්වීම පවුල් ජීවිතයේ සමඟියට බාධා ගෙනදීමට පවා හේතුවිය හැකි නිසයිග

විවාහක කාන්තාවක් වන ඔබල ඔබේ රුව ලස්සන කරන එවන් දේ සඳහා යොමුවනවා නම් ඒ පිළිබඳ සැමියාගේ කැමැත්ත අකැමැත්ත ගැනත් සැලකිලිමත් වන්නග

සමහරවිට ඔබේ කොණ්ඩයේ නිරෝගි ස්වභාවයක් නැත්නම් හෙයාකට් එකක් කර එම අඩුව මඟහරවා ගන්නට තීරණය කරනවා වන්නට පුළුවන්ග මෙහිදි ඔබට ගැළපෙන නොගැළපෙන බව නොතකා වෙනත් අයෙක් කර ඇති හෙයාකට් විලාසිතාවක් අනුකරණය කරන්නට එපාග බොහෝවිට හෙයාකට් එකක් සිදුකරනුයේ කෙනකුගේ මුහුණේ හැඩයල පෙනුමල වයස සහ කොණ්ඩයේ ස්වභාවය අනුවයිග

ඔබට තිබෙන්නේ රවුම් කුඩා මුහුණක් නම් හැමවිටම මුහුණ හොඳින් පෙනෙන ලෙස හෙයාකට් එක කළ යුතුයග හතරැස් පළල් මුහුණක් ඇති අය හැමවිටම කොණ්ඩය දෙපසින් මුහුණ ආවරණය වන ආකාරයෙන් හෙයාකට් එක කිරීම වඩාත් සුදුසුයිග

නළල වැඩියෙන් ඇති දත් ඉදිරියට නෙරා අති ස්වභාවයෙන් යුත් අයකු නම් හෙයාකට් එකක් කරගැනීමේදී හැමවිටම සයිඩ් ෆින්ජ් එකක් ඉදිරිපසින් සකස්කර ගත යුතු අතර සයිඩ්පාට් එකකින් යුත් විලාසිතාවක් ඔවුන්ට වඩාත් හොඳින් ගැළපෙයිග

දිග මුහුණක් ඇති විට බොබ් ලේයර් එකක් තෝරාගන්නග ලේයර් බොබ් එකට අනුව හෙයාකට් එක සකසාගත් විට මුහුණ දෙපසින් පිරුණු ස්වභාවයක් දක්වයිග

රැලි සහිත කොණ්ඩයක් හිමිවී නම් හෙයාකට් එක කරන විට තමන් සිතන ප්‍රමාණයට වඩා අඟලක් හෝ දෙකක් දිග තබා කැපිය යුතුයිග එසේ නොවුණහොත් කොණ්ඩය වඩා කෙටි වීමෙන් මුහුණට අවලස්සන පෙනුමක් ගෙනදෙන්නට පුළුවන්ග රැලි සහිත කොණ්ඩයක් ලේයර් කරනවිට ස්ට්‍රේට් කොණ්ඩයක් ලේයර් කරන ආකාරයට එය කළ නොහැකි බව මතක තබාගන්නග ලේයර් කරන්නේ රැලි කොණ්ඩයකට නම් හැමවිටම රවුම් හැඩයට ලේයර් එක කපාගත යුතුයිග

සමහර කාන්තාවන්ගේ හිසකෙස් අඩු ස්වභාවයක් පෙන්නුම් කරන අවස්ථා දක්නට ලැබෙනවාග එවන් අයගේ කොණ්ඩයට පිරුණු ස්වභාවයක් ගෙනඑන ලෙස පර්ම් එකක් හෝ ස්පයිරල් එකක් ආකාරයට සකසාගත හැකියග නමුත් එවැන්නක් කළ පසු හිසකෙස්වලට හොඳින් සත්කාර කළ යුතු බව රැකබලාගත යුතු බව අමතක නොකළ යුතුයිග

මෙහිදී ඔබ දැන සිටිය යුතු තවත් කරුණක් නම් හිසකෙස් වර්ණ ගැන්වීමේ දී හැමවිටම තද වර්ණයක් භාවිත කළ යුතු බවයිග

තද වර්ණ වන බර්ගන්ඩිල කොකාර්ල මහෝගනි වැනි වර්ණ ආසියාතික කාන්තාවන්ට ගැළපෙන වර්ණයිග කොණ්ඩය වර්ණ ගැන්වීමේදී වුවද එය ඔබේ පෞරුෂයට ගැළපෙන දෙයක් ද යන්න සිතා බලන්නග

රූපලාවණ්‍ය ශිල්පියාගෙන් හෝ ශිල්පිනියගෙන් ඒ පිළිබඳ නිසි උපදෙස් ලබාගන්නග

ඇතැම්විට එවන් විමසුමකින් තොරව හිසකෙස් වර්ණ ගැන්වීමට පෙලඹීමෙන් එය ඔබේ ප්‍රතිරූපයට හානිකර විය හැකියි

curtesy : http://www.tharunie.lk


More News »