Home / කේෂාලංකාර / හෙයාඩයි පාවිච්චි කරද්දි අනිවාර්යයෙන්ම එක කරන්න

හෙයාඩයි පාවිච්චි කරද්දි අනිවාර්යයෙන්ම එක කරන්න

2017-04-07 12:12:00       620
feature-top
 මහනුවර ශික්ෂණ රෝහලේ චර්මරෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
චාන්දනී උඩගෙදර

ඕනෑම අයෙකුගේ හිසකෙස් ජීවිත කාලය පුරාම එකම වර්ණයක පවත්වා ගැනීම තරමක් අපහසු කටයුත්තක්ග තරුණ කාලයේ හිස කෙස් වල පවතින වර්ණය පුද්ගලයෙකු ක්‍රමයෙන් වයස් ගත වන විට වෙනස් වන අතර එම වර්ණය නොවෙනස්ව පවත්වා ගැනීමට විවිධ ක්‍රමද අනුගමනය කරනු ලැබේග

එසේ බොහෝ දුරට භාවිතා කරන ක්‍රම අතර හිස කෙස් වර්ණ ගැන්වීම :හෙයර්ඩයි කිරීම- සුලබව දැකගත හැකියිග නමුත් මේ ක්‍රමය සමාජය තුළ ප්‍රචලිත වූවත් අවබෝධයක් නොමැතිකම හෝ නොසැලිකිලිමත් බව නිසා සිදුවිය හැකි අනතුරු නිසා එදිනෙදා ඔබේ දැනුමට හිසකෙස් ඩයි කිරීම ආශි‍්‍රත ගැටලු මොනවාදැයි නිවැරැදිව හඳුනා ගැනීම වැදගත් වේවිග

හිසකෙස් කළු කිරීමට ඩයි වර්ග තෝරා ගැනීමේදී ඕනෑම අයෙක් එම ඩයි වර්ගය අසාත්මික ද නැද්ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුයිග නමුත් එම පරීක්ෂණයේ ප්‍රතිඵලය භැට්එසඩැ වූ පමණින් ඉදිරියේදී ඒවා අසාත්මික නොවනවා යැයි ස්ථිරවම පැවසිය නොහැකියිග බොහෝ දුරට අසාත්මිකතාවක් ඇති වනවා නම් එය මුලිකවම අවස්ථා දෙකක් යටතේ සිදුවිය හැකියිග ඒවා නම් හෙයාර්ඩයි භාවිතා කළ විගස අසාත්මිකතා ඇතිවීම හා කාලයක් භාවිතා කරන විට ඇතිවිය හැකි ආසාත්මිකතායිග

මෙම ආසාත්මිකතාව පරීක්ෂා කිරීමේදී අවම වශයෙන් පැය 48ක කාලයක් ගත කළ යුතුයිග බොහෝ දුරට මෙම පරීක්ෂාකිරීම මුලිකව සිදු කරන්නේ සම මත ආලේප කිරීමෙනිග මේ සඳහා සම මතුපිට ඇති ඉතා හොඳ සංවේදනයක් සහිත ස්ථානයක් තෝරා ගන්නා අතර වඩාත්ම සංවේදී ප්‍රදේශයක් වන කන පිටු පස ආලේප කිරීමෙන් මේ බව වඩාත් හොඳින් තහවුරු කරගත හැකියිග

හෙයාර්ඩයි භාවිතා කිරීමේදී මුල් කාලීනව ගැටලු ඇති නොකළත් කලක් ගත වන විට විවිධ වූ අසාත්මිකතා ඇතිවිය හැකියිග කැපීම්ල බිබිලි මතු වීමල හිසකෙස් ගැලවී යාමල මුහුණේ කළු ලප ඇතිවීම සහ සම ආශි‍්‍රත විවිධ වූ ගැටලු ඇතිවිය හැකියිග

තවත් සමහර පිරිසක් කෙස් ගස් එකක් දෙකක් සුදු පැහැති වූ පමණින් හිසකෙස් ඩයි කිරීමට පෙළඹෙන අතර එය කිසිවිටෙකත් නොකළ යුතුයිග ඊට හේතුව මෙම ඩයි වර්ග වල බිලිචිං අඩංගු වන නිසා අනෙකුත් කෙස් ගස් ද :සුදු පැහැ නොවන- දුර්වර්ණ විය හැකියිග සාමාන්‍යයෙන් හිස කෙස් සුදු වීමට හේතු ගණනාවක් පැවතිය හැකි අතර සැර ෂැම්පු වර්ග භාවිතා කිරීමල හෙයාර් ජෙල් හෙයා ක්‍රීම් වර්ග භාවිතා කිරීමල විවිධ වර්ණක සුවඳ වර්ග යෙදු තෙල් වර්ග භාවිතය ඒ අතර දැකගත හැකියිග හිස කෙස් වලට තෙල් භාවිතා කිරීම වඩාත් සුදුසු නමුත් එම තෙල් වර්ග ස්වභාවික තෙල් වර්ග විය යුතුයිග කෙසේ වෙතත් ඕනෑම අයෙකුට කාලයක් ගත වන විට :වයස්ගත වීමත් සමඟ- හෙයාර්ඩයි භාවිතා කිරීමට සිදුවන අතර හැකි තරම් එම ඩයි වර්ග ඇමෝනියා වලින් තොර ඒවා දැයි විමසා බැලිය යුතුයිග ර්‍ථර්‍ථච් :පැරපීනයිල් ඩයි එමයින්- නැමති රසායනිකයෙන් තොර ඩයි වර්ගයක් තෝර ගැනීමට වගබලා ගත යුතුයිග

curtesy :dinamina.lk

More News »