Home / කේෂාලංකාර / උකුණන් වඳ කරන්න අංක1 ප්‍රතිකාරය එයයි.

උකුණන් වඳ කරන්න අංක1 ප්‍රතිකාරය එයයි.

2017-04-17 02:40:00       705
feature-top
 සුනිල්වන් දිගු කේෂ කලාපය යුවතියකගේ සොඳුරු බව වඩවයිග පංච කල්‍යාණයෙන් එක් අංගයක් ලෙස කෙස් කලඹ හැඳින්වෙන්නේ ද එනිසාමයිග එහෙත් එයම ඇගේ රුව අවලස්සන කිරීමට හේතු වෙනවා නම්ගගරෑ රුව නසනල කෙස් කලඹ අවලස්සන කරන හිසකෙස්වලට වැළඳෙන රෝගී තත්ත්වයන් කිහිපයක් ම තිබෙනවාග

 

ඉන් බහුතරයක් ම පීඩා විඳින හිස්හොරි පිළිබඳ හා එම රෝගයෙන් මිදිය හැකි ස්වාභාවික ප්‍රතිකර්ම අපි පසුගිය සතියේ පාඩම මඟින් ඔබට ඉදිරිපත් කළෙමුග

අද දින අප දැනුවත් කරන්නේ බොහොමයක් පාසල් දැරියන් හා ඇතැම් කාන්තාවන් පීඩා විඳින උකුණු කරදරය පිළිබඳයිග

උකුණන් බෝවීම ඉතා ඉක්මනින් ම සිදු වන්නක්ග උකුණන් ඇති අයකු පාවිච්චි කළ කොට්ටඋරල ඇඳ ඇතිරිලිල තුවා මෙන්ම විශේෂයෙන් ම පනාවල කොණ්ඩය සරසන උපකරණ ආදිය පාවිච්චි කිරීමෙන් ඔබටත් උකුණන් බෝවිය හැකියිග

එයට අමතරව වසංගතයක් ලෙස හිසෙහි ඉතාමත් අධික සංඛ්‍යාවක් උකුණන් සිටින අයකුට ළංව සිටීමෙන් ද උකුණන් බෝවීම සිදු විය හැකියිග

එසේ බෝවන උකුණන් ඔබ අපිරිසුදුව සිටින්නේ නම් ඉතා ඉක්මනින් ම ඔබේ හිසේ උකුණු ජනපද ඇතිකර ගනීග

රුව ලස්සන සමඟින් පිරිසුදු බව ගැන ද උනන්දු විය යුතුයිග එසේ නොමැතිව ලස්සන ගැන පමණක් ම සිතීමෙන් සැබෑ ලස්සනක් ලබා ගත නොහැකියිග

උකුණු කරදරයෙන් බේරීම සඳහා සිදු කළ හැකි ස්වාභාවික ප්‍රතිකර්මයක් පහතින් දැක්වේග

මෙම ප්‍රතිකර්මය සිදු කිරීම සඳහා ඔබට කොහොඹ දලු හා වෙරළු දලු අවශ්‍ය වේග පිරිසුදු කරගත් කොහොඹ දලුත් වෙරළු දලුත් එකට කොටා තලපයක් සාදා ගත යුතුයිග

දැන් මෙම තලපය හිසේ හොඳින් ආලේප කරන්නග එය විනාඩි 20ක් පමණ වේලාවක් තබන්නග ඉන්පසුව දැති සිහින් පනාවකින් හිස හොඳින් පීරන්නග ඉන් අනතුරුව ඔබ හිස සේදීම හෝ නෑම සිදු කළ යුතුයිග

මෙම ප්‍රතිකර්මය කිරීමේ දී ඔබ තම සෞඛ්‍ය තත්ත්වය ගැන ද මඳක් සැලකිලිමත් වීම වැදගත් වේග

ඔබ සෙම් අධිකල පීනස් ආදී ලෙඩ රෝග ඇති අයෙක් නම් මෙය සිදු කළ යුත්තේ හොඳින් සූර්යාලෝකය පවතින උණුසුම් දිනවල දී යග නැතිනම් මේ කොළවර්ග දෙකම සීතල බවින් යුතු නිසා සෙම වැඩි වීමක් සිදු විය හැකියිග මෙය උදෑසන හෝ සවස් වරුවේ සිදු කිරීමෙන් ද සෙම් තත්ත්වන් වැඩි විය හැකියග

උකුණු කරදරය නිසා සමාජයේ පිළිකුලට ලක් වී කොන් වීමට අවශ්‍ය වන්නේ නැහැග වෙළෙඳපොළේ ඇති කෘත්‍රිම ආලේපනයන්හි රසායනික ද්‍රව්‍ය අඩංගු නිසා ඒවා භාවිත කිරීමට අකැමැති ඔබට මේ ස්වාභාවික ප්‍රතිකර්මය සිදු කළ හැකියිග

මානසිකව හා ශාරීරිකව වද දුන් උකුණු කරදරයෙන් දැන් ඔබට ඉක්මනින් ම මිදෙන්නට පුළුවන්ග ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබේ උනන්දුව හා ඕනෑකම පමණයිග

ප්‍රේම් ශ්‍රීගෙන් හද පත්ලෙන්ම ඔබට ආශිර්වාදයක්ගග

උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම්


(http://www.tharunie.lk)


More News »