Home / කේෂාලංකාර / හිස්හොරි කරදරෙන් බේරෙන්න බැරිද?

හිස්හොරි කරදරෙන් බේරෙන්න බැරිද?

2017-06-23 02:20:00       637
feature-top
 ආයුර්වේද වෛද්‍ය අචාර්ය
මහේෂ් අතුරලිය

කාන්නාවන්ට දිදුලන නිරෝගී මොනර පිලක් වැනි කෙස් කළඹක් තිබුණත් හිස්හොරි වලින් ඇති වන්නේ අවලස්සනකිග හිස්හොරි ලෙස හඳුන්වන්නේ එග්සීමා හෙවත් රක්තයා තත්ත්වයයිග සාමාන්‍යයෙන් සමේ ඇතිවන එග්සීමා වලට වඩා හිස් කබලේ ඇතිවන මෙම තත්ත්වය වෙනස් වේග හිස් කබල මත ඇතිවෙන හිස්හොරි මුල් අවස්ථාවේදී දැකගත හැකි වන්නේ හිසෙහි සම ගැලවී යන අයුරිනිග නමුත් මෙම රෝග තත්ත්වය තීව්‍ර වන විට එම සම රතු පැහැවීමල කුඩා බිබිලි ඇතිවීම දක්වා වර්ධනය විය හැකියග

හිස්හොරි හෙවත් එග්සීමා ඇති වන්නෙ ශරීරයේ දහඩිය දමන තැන් ආශි‍්‍රතවයිග එනම්ල හිසල ඉකිලිල කිහිලිල පපුවල පිට වැනි තැන්වලයග හිස්හොරි මුල් අවස්ථාවේ පවතින විට පොතු ආකාරයට ගැලවී යන මුත් එය ක්‍රමයෙන් උග්‍ර තත්ත්වයටද පත්විය හැකග ශරීරයේ එක් ප්‍රදේශයක හට ගන්නා හිස්හොරි සාමාන්‍යයෙන් තවත් ප්‍රදේශ වලට ද පැතිර යයිග

පවුලේ එක් අයෙකුට හිස්හොරි තිබෙන විට ඔහු පාවිච්චි කරන තුවායල කොට්ට උරල ඇද ඇතිරිලිල පනාව මගින් මෙය තවත් කෙනෙකුට බෝවිය හැකි යැයි බොහෝ දෙනෙකු සිතන නමුත් හිස්හොරි හෙවත් එග්සීමා තත්ත්වය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ නොවන රෝගී තත්ත්වයකිග

හිස්හොරී සඳහා ප්‍රතිකාර

ෆ දෙහි ගැටල උළුහාල් තම්බා හිස සේදීම

ෆ ගොඩපර ගෙඩි කොටා එම යුෂ ආලේපය

ෆ වෙරළු කොළ කොටා යුෂ ආලේපය

ෆ උළුහාල් මේස හැඳි 5ක් පමණ රැයක් වතුරේ පෙගෙන්නට තබා පසුදින එය අඹරා හිසෙහි ආලේප කර පැය භාගයකට පමණ පසු ස්නානය

ෆ මුං ඇට පිටි මුදවපු කිරි සමඟ මිශ්‍ර කර ආලේප කර පැයකින් පසු සෝදා හරින්නග

ෆ බිත්තර කහමදය දෙහි යුෂ සමඟ මිශ්‍ර කර නෑමට පෙර ආලේපය

ෆ පිරිසුදු විනාකිරි දෙහි යුෂ සමඟ මිශ්‍ර කර නෑමට පෙර ආලේපය

ෆ නෙල්ලි තම්බා එම වතුරින් හිස සේදීම

ෆ සැවැන්දරා තම්බා එම වතුරින් හිස සේදීම

ෂැම්පු හිසකෙස් වලට ගුණදායකදරෑ

පෞද්ගලික පිරිසුදුතාවය ආරක්ෂා කර ගැනීම හිස්හොරි මැඩලීමේ පළමු පියවරයි බොහෝ ෂැම්පු වර්ග තුළ කෘතිම රසායනික ද්‍රව්‍ය හා සුවඳ කාරක අඩංගු නිසා දිනපතා ෂැම්පු භාවිතය නුසුදුසුය කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරේ බාහිර හා අභ්‍යන්තර ඉන්ද්‍රීයන්ට හානි කරයිග

පංච ඉන්ද්‍රීය අතරින් ඇසල කනල නාසයල දිව යන ඉන්ද්‍රීය හතරක්ම හිසෙහි පිහිටා තිබීමෙන් එම ඉන්ද්‍රීයන්ට අහිතකර බලපෑම් ඇතිවිය හැකියග

ඔබත් ෂැම්පු භාවිතා කර ඇති නිසා ෂැම්පු වලින් පෙණ නගිනවා දැක ඇතග ෂැම්පු වලින් පෙණ නැගීම ඇති කිරීමට ප්‍රධාන රසායනික ද්‍රව්‍ය දෙකක් භාවිතා කරයිග ඒ සෝඩියම් ලෝරීල් සල්ෆෙට් හා සෝඩියම් ලෝරෙත් සල්ෆේට් ය

සෝඩියම් ලෝරිල් සල්ෆේට් සමෙහි වියළි බවටත්ල සෝඩියම් ලෝරෙන් සල්ෆේට්ි සමෙහි පිළිකා සෛල වර්ධනයටත් හේතු විය හැකියිග

තම නිෂ්පාදනය තරඟකාරී වෙළෙඳ පොළ තුළ අංක එක බවට පත් කිරීමට සිලේනියම් සල්ෆයිට් නැමති රසායනය වැඩිපුර අඩංගු කර නිපද වූ ෂැම්පු වර්ග ද වෙළඳ පොළ තුළ පවතී මෙම රසායනිකයෙන් කෙස් මුල් දුර්වල වීගකෙස් වල මුල් පැහැය වෙනස් විය හැකග

ෂැම්පු තුළ අඩංගු රසායනික ද්‍රව්‍ය වලින් කිහිපයක්

ෆ කෝල්ටාර්

ෆ ප්‍රොප්ලින් ග්ලයිකෝල්

ෆ ක්ලොරො ඇසිටමයිඩ්

ෆ ෆොනොක්සි එතනෝල්

ෆ මිනරල් ඔයිල් හෙවත් පෙට්ට්‍රෝලියම්

ෆ පැරබින්

ෆ සින්ක් පි‍්‍රතියෝන්

ෆ ඇමොඩ්මෙතිකෝන්

ෆ ට්‍රයික්ලොසාන්

ෆ ෆෝමැල්ඩ්හයිඩ්

පොදුවේ ගත් කල මෙම රසායනික ද්‍රව්‍ය ශරීර ගත වීමෙන් මධ්‍යම ස්නායු පද්ධතියටල අන්තරා සර්ග පද්ධතියටල ශ්වසන පද්ධතියටල ප්‍රජනන පද්ධතියට අහිත කර ලෙස බලපෑ හැකියග එසේම මිනිස් සිරුරේ ප්‍රධානම ඉන්ද්‍රීයන් වන මොළයල හදවතල පෙනහළුල අක්මාවල වකුගඩුල වලට ද හානි සිදු විය හැකග

ශාක සාර භාවිතා කොට නිවසේදීම සාදා ගත හැකි ෂැම්පු වර්ග කිහිපයක් පහත දැක්වේ

ෆ බිත්තර කහ මද 1

ෆ වැල්පෙනෙල යුෂ අඩු කෝප්ප 1රැ4

ෆ උළුහාල් කුඩු මේස හැඳි 2

ෆ දෙහි යුෂ බිංදු 5 - 10 පමණ මිශ්‍ර කර ආලේපය

ෆ විනාකිරි මේස හැඳි 2

ෆ දෙහි යුෂ බිංදු 5 - 10 පමණ මිශ්‍ර කර ආලේපනය

මෙම ෂැම්පු භාවිතයෙන් හිස් කබලේ ස්වභාවික ක්‍රියාකාරීත්වයට බාධා ඇති නොවේග දෙහි හා විනාකිරි වලින් හිසකෙස් මනාව පිරිසිදු වෙයිග සියල්ල සමව ගෙන ආවරණය වූ පොල් කටු ගිනි අගුරු භාජනයට දමා එයින් නැගෙන මද උණුසුම් සුවඳ දුම් හිස කෙස් වලට වැදීමට සැලැස්විය යුතුයග මද උණුසුම් සුවද දුම් හිසට වදින විට කේශ මූලය උත්තේජනය වී කෙස් වර්ධනය ක්‍රමවත් වේග

බටහිට රූපලාවන්‍යාගාර තුළ දී හිසකෙස් උණුසුම් කිරීමට සරල සුවඳ ධූප ක්‍රමයට නවීන තාක්ෂණය එක්කොට නිපද වූ හෙඩ් ස්ටිමර් නැමති උපකරණය භාවිතා කරනු ලබයිග නමුදු මෙම උපකරණයේ උණුසුම කෙස් යෑමට හේතු වේග

ඖෂධිය සුවඳ ධූප ක්‍රමය

ෆ හිස කෙස් වර්ධනයට

ෆ හිස කෙස් සුවදවත් කිරීමට

ෆ ශීර්ෂ රෝග සුවයට

ෆ පීනස් ආදි සෙම් රෝග සුවයට

ෆ නාසය තෘප්තිමත් කිරීමට

ෆ මානසික සුවයට

ෆ හෙඩ් ස්ටිමර්

ෆ හිසකෙස් යෑම

ෆ අකලට හිස කෙස් පැසීමට


curtesy : dinamina.lk



More News »