Home / කේෂාලංකාර / ඔබට පැසුණු හිසකෙස් තිබෙනවාද?

ඔබට පැසුණු හිසකෙස් තිබෙනවාද?

2017-07-11 01:53:00       723
feature-top
හිසකේ දුර්වර්ණ වීම :අළු පැහැයට හැරීම- වයසට යෑමේ සංකේතයක් ලෙසත් හිසකේ සුදුවීම මහලු වියත් සමඟ අත්වැල් බැඳගත් ලක්ෂණයක් ලෙසත් පොදුවේ සැලකෙනවාග වයසට යන්න යන්න සුදු කෙස් ගණන වැඩි වන බව ඇත්තයිග එහෙත් සුදු කෙස් වැඩිවීමට හේතු වන්නේ වයසට යෑම පමණක්ම නොවෙයිග සුදුසු තරමට වඩා ආහාර පාලනය කිරීමත් හිසකෙස් පැසීමට හේතු විය හැකියිග හිසකෙස්වල වර්ණය කුමක් හෝ වේවා ස්ත්‍රී පුරුෂභාවය කුමක් හෝ වේවා කොයි කාගෙත් හිසකේ යම් කිසි දවසක පැහෙනවාග කොහොම නමුත් කලු හෝ තද දුඹුරු පැහැති හිසකේ තිබෙන අයගේ හිසකෙස් පැහෙන විට එය වඩාත් කැපී පෙනෙනවා විය හැකියිග

කෙස් දුර්වර්ණ වීම නිසා ඇතමෙකුට වයසට වඩා වැඩි පෙනුමක් තිබෙන්න පුළුවන්ග එවැනි අය මේ පිළිබඳව තැවෙනවා විය හැකියිග අනික් අතටල කෙස් දුර්වර්ණ නොවීම නිසා තම වයසට වඩා තරුණ පෙනුමක් තිබීම ගැන පුදුම වන අයත් සිටිනවාග

කෙස්ගසක් දුර්වර්ණ වීමෙන් අදහස් වන්නේ එය මිය ගොස් ඇති බව නොවෙයිග ඇත්තෙන්ම පවසනවා නම් සෑම කෙස්ගසකම සමට මතුපිටින් තිබෙන කොටස පවතින්නේ අජීවි තත්වයකයිග සෑම කෙස්ගසක්ම සම තුළට ගිලී තිබෙනවාග මෙම ගිලී තිබෙන කොටස හඳුන්වන්නේ බල්බය වශයෙනුයිග කෙස්ගසේ එකම සජීවී කොටස බල්බය වන අතර හිසකෙස් නිපදවන කම්හල එයයිග එහි කෙස් වර්ධනය වන්නේ වේගවත්ව සිදු වන සෛල විභේදනය හේතුවෙන්ග කෙස් වැඩුණු විට ඒවා වර්ණක සෛල මගින් නිෂ්පාදනය කෙරෙන මෙලනින් අවශෝෂණය කරනවාග වර්ණක සෛල මගින් මෙලනින් නිෂ්පාදනය කිරීම නතර වූ විට හිසකෙස් පැසෙන්න පටන්ගන්නවාග

වර්ණක සෛල එකවිටම මෙලනින් නිෂ්පාදනය නතර කරන්නේ ඇයි කියා කිසිවෙක් දන්නේ නැහැග මේ නිසා හිසකෙස් පැසීම වැළැක්වීමට නියම ප්‍රතිකාරයක් තවමත් සොයාගැනීමට නොහැකි වී තිබෙනවාග පෙනෙන ආකාරයට අක්‍රියාශීලී වී ඇති වර්ණක සෛල නැවතත් ක්‍රියාශීලී තත්වයට පත් වෙන්න පුළුවන්ග හිසකෙස් ගැන බයිබලයේ පවා කිහිප වතාවක්ම සඳහන් කර තිබීම උනන්දුව දනවන්නක්ග යේසුස්ගේ උපමාවක පැසුණු හිසකෙස් ගැන සඳහන් කර තිබෙන්නේ මේ ආකාරයටයිග ර්‍ණඑක හිසකෙසක් සුදු කරන්ටවත් කලු කරන්නටවත් නුඹට ඤනොහැක%ග” :මතෙව් 5ථ36- මනුෂ්‍යයන්ට හිසකෙස් පැසීම නතර කරන්නවත් එයට පිළියමක් යොදන්නවත් බැරි බව දිගු කාලයක් පුරා පිළිගෙන තිබෙන බව මෙම වදන්වලින් පැහැදිලියිග

ඇතමෙක් මෙලනින් එන්නත් කිරීම වැනි අලුත් ප්‍රතිකාර ක්‍රම අත්හදා බලනවාග තවත් අය තම හිසකෙස් ඩයි කිරීමට තෝරාගන්නවාග ඩයි වර්ග භාවිත කිරීම පුරාණයේ සිටම කෙරුණු දෙයක්ග ඉපැරණි ග්‍රීකවරුන් හා රෝමවරුන්ද ඩයි වර්ග භාවිත කළ අතර ඊජිප්තු ජාතිකයන් හිසකේ ඩයි කළේ ගොනුන්ගේ ලේවලිනුයිග ඒ වගේම යේසුස් මිහිපිට සිටිද්දී ජීවත් වූ මහා හෙරොද් රජු තම වයස සැඟවීමට පැසුණු හිසකෙස් ඩයි කළ බව වාර්තා වෙනවාග

නමුත් දිගින් දිගටම හිසකෙස් ඩයි කිරීම සඳහා කාලයත් ශ්‍රමයත් වැය වෙනවාග ඇතමෙකුට ඩයි වර්ග විෂ විය හැකියිග එසේත් නැත්නම් ඔවුන්ගේ සමට වෙනයම් ආකාරයකින් එය හානි සිදු කළ හැකියිග ඔබේ පැසුණු හිසකෙස් ඩයි කිරීමට ඔබ දැන් පෙලඹුණත් කාලයක් ගෙවුණු පසු එසේ නොකරන්න තීරණය කරන්න පුළුවන්ග එසේ තීරණය කළොත් යම් කාලයක් යන තෙක් අලුත් හිසකෙස් හා ඩයි කළ හිසකෙස් අතර වෙනස කැපීපෙනෙන්න පුළුවන්ග නමුත් වඩාත් ශුභවාදීව බැලුවොත්ල පැසුණු හිසකෙස් නිසා ඔබට චාම් මෙන්ම කිසිදා නොතිබූ ගෞරවනීය පෙනුමක් ඇති විය හැකියිග බයිබලයේ සඳහන් වන්නේ ර්‍ණධර්මිෂ්ඨකමේ මාර්ගයේ සම්බ වූ විටල පැසුණු හිසකෙස් අලංකාරයේ ඔටුන්නක්” බවයි

More News »