Home / කේෂාලංකාර / අකලට හිස කෙස් පැසීම

අකලට හිස කෙස් පැසීම

2017-07-13 10:52:00       781
feature-top
ස්ත්‍රීල පුරුෂ භේදයකින් තොරවම නීරෝගී දිදුන කෙස් කළඹක් අපි හැමෝම අපේක්ෂා කරනවාග තරුණ වයසෙදිම ඔබේ කෙස් කළඹ සුදු පැහැවුවහොත් නැත්නම් ඉදුණු කෙස් ගසක් දුටුවොත් හිත කොයි තරම් කලබල වෙනවදරෑ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සුශ්‍රැත සංගිතාවෙහි මෙය ලක්‍ෂුද්‍ර රෝග යටතේ දක්වා ඇත්තේ පලිතය ලෙසයග ර්‍ණක්‍රෝධ ශෝක පරිශ්‍රම යන මේවායින් ඇති වන සිරුරේ උෂ්නමය හා පිත යන දෙක ශිරෝගත වුවහොත් කෙස් පැසී යෙයි ” ලෙස එහි අකලට හිස කේස් පැසීම සම්බන්ධයෙන් දක්වා ඇතග වර්තමානයේ දී කුඩා දරු දැරියන්ගේ ද හිස කෙස් සුදු පැහැ ගැන්වී ඇති ආකාරය දැක ගත හැකියිග

කෙස් ගසේ සජීවී කොටස පිහිටා තිබෙන්නේ කේශ කුහරය තුලයි

අපේ ඇසට පෙනෙන දිගට වැඩුණ කොටස කෙස් ගසේ අජීවී එහෙම නැත්නම් මැරුණ කොටසයිග කෙස් ගසේ සජීවී කොටස පිහිටා තිබෙන්නේ කේශ කුහරය තුලයිගමෙම කේශ කුහරය තුල ඇති කොටස හඳුන්වන්නේ බල්බය වශයෙනුයිග හිසකෙස් නිෂ්පාදනය කරනු ලබන අංශය මෙය ලෙස සැලකිය හැකියග සෛල වේගවත්ව විභේදනය වීම තුලින් කෙස් වර්ධනයවේග කෙස් වැඩුණු විට ඒවා වර්ණක සෛල මගින් නිෂ්පාදනය කෙරෙන මෙලනින් අවශෝෂණය කිරීමක් සිදුවේග හිසකෙස් පැසෙන්න පටන්ගන්නෙ වර්ණක සෛල මගින් මෙලනින් නිෂ්පාදනය කිරීම නතර වූ විටයග කෙසේ වුවද අකලට හිස කෙස් පැසීමට හේතුවන කාරණා සලකා බැලීම වැදගත්යග

හිසකෙස් අකලට පැසීමට හේතු කාරණා

පරම්පරාගතව එන ජානමය හේතූන් නිසාග
පීනස් රෝගය හා රක්තවාත රෝග තත්ත්වයන්ග
පුරුද්දක් ලෙස රාත්‍රී කාලයේ දී ස්නානය කිරීමග
අධික සීතල පරිසර තත්ත්වයන් හා නිරන්තරයෙන්ම ගැටීමග
මෙලනීන් අඩුවීම
මානසික ආතතිය ජ් අධ්‍යාපන කටයුතු රැකියා කටයුතු වැනි දෑ නිසා බොහෝවිට කාර්යය බහුල ජීවිතය ගත කිරීමට සිදු වන විට මානසික ආතතිය ඇතිවේග මානසික පීඩනය අඩු කරගෙන සතුටින් සැහැල්ලුවෙන් සිටීමට උත්සහ දරන්නග
සමබල ආහාර වේලක් නොගැනීමග ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය ලැබීමට නම් සමබල ආහාර වේලක් ඉතා වැදගත්යග එහෙත් අද බොහෝ විට ක්ෂණික තෙල් අධික ආහාර වලින් කුස පුරවා ගන්නවා හැර පෝෂ ගුණය පිළිබඳ එතරම් අවදානයක් යොමු නොකරයිග පොටෑසියම් ආදී විටමින් පදාර්ථ අඩුවීම නිසා කොණ්ඩයට හානි සිදුවේග විවිධ පළා වර්ග නිතර ආහාරයට ගැනීම සුදුසු යග කජුල කොස්ඇට වැනි ආහාරවලින් මේ පෝෂණ ඌණතාව මඟහරවා ගත හැකි යග
කෘතීම නිෂ්පාදන භාවිත කිරීමග ජ් වර්තමානයේ කෘතීමව නිපදවන තෙල්ල ජෙල්ල හෙයා ක්‍රීම් ඩයි වර්ග ෂැම්පු වර්ග වැනිදෑ අකලට හිස කෙස් පැසීමට හේතුවේග
අධික මත්පැන් භාවිතය හා දුම් පානය
හිස කෙස් වලට හොඳින් සාත්තු නොකිරීම
අසාත්මිකතාවයන්
හෝමෝනවල බලපෑම මෙන් මල
කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හා අධික ලෙස රුධිර වහනය සිදුවීමග
අකලට හිස කෙස් සුදුවීම පාලනය කිරීමට ආයුර්වේද ප්‍රතිකාර

අකලට හිස කෙස් සුදුවීම පාලනය කිරීමට ආයුර්වේද ප්‍රතිකාර අතර ඇති පංචකර්ම ප්‍රතිකාර තුලින් ශීරෝධාර’ ප්‍රතිකර්මය එක් ක්‍රමයකිග එසේම පොදුවේ තෙල් වර්ග භාවිත කිරීමෙන් හිස කෙස් සඳහා ප්‍රතිකාර කළ හැකියග ආයුර්වේදයේ සඳහන් පරිදි මෙම තෙල් වර්ග යොදා හිස සම්භාහනය කිරීම තුලින් වඩාත් හොඳ ප්‍රතිඵල අත්කර ගත හැකියග නීලි තෛලය නිල් ඇවරිය කොළ කීකිරිඳියම කොළ ප්‍රධානව යෙදු තෛලයක් වන මෙය දිනපතා මාසයක් හිසෙහි ආලේප කිරීමෙන් අකලට හිස කෙස් සුදු වීම වලක්වා ගත හැකියග කටුකරඬුල වැටකෙයා අරළුල අංකෙන්ද කොළ පවනේ වේලා කොටා කුඩු සාදා ගන්නග එමෙන්ම අරළුල බුළුල නෙල්ලි කශාය සිඳ ගන්නග සාදා ගත් ඖෂධීය කුඩු අරළු බුළු නෙල්ලි කශාය සමඟ මිශ්‍ර කර තල තෙල් ස්වල්පයක් දමා හොඳින් රත් කර එය මාසයක් පමණ පොළොවේ වළලා තැබිය යුතුයිගපසුව එම ඖෂධීය සංයෝගය අකලට ඉදුණු හිස කෙස්වල සහ හිස් කබලේ ගැල්වීමෙන් හිසකෙස් සුදු වීම වළක්වා ගත හැකි වන අතර සුදු කෙස් ද කළු පැහැ ගැන්වේග විශ්ණුක්‍රාන්ති මල් එඬරු තෙල් සමඟ මිශ්‍ර කර සිඳ හිස ගැල්වීම මගින් හිසකෙස් අකලට සුදු වීම වළක්වා ගත හැකියිග ත්‍රිපලාදී තෙල්ල කේශ රංජනීල භෘංගමාලකල නීල්‍යාදී තෙල් හා පිරිසුදු පොල් තෙල් භාවිතය යෝග්‍යවේග නෙල්ලි ඉස්මල මුකුණුවැන්න ඉස්මල කීකිරිඳියල කෝමාරිකා ඉස්මල වෙරඵ ඉස්ම ආදිය යොදා හිස සම්භාහනය කිරීම ද යෝග්‍ය වේග

අකලට හිස කෙස් සුදුවීම පාලනය කිරීමට ආයුර්වේද ප්‍රතිකාර වන පානයන් :

1ග අමුක්කරා අලල තල සමඟ ගොටුකොළ තම්බා කෂාය කර පානයග

2ග අභයාරිෂ්ඨය මේස හැඳි 2 බැගින් උදේ සවස බීමග

3ග නෙල්ලි තැම්බූ වතුර පානයග

4ග කොළ කැඳ වර්ග පානය

හිස කෙස් අකලට සුදු පැහැ වීම පිළිබඳව ළතැවෙමින් සිටින ඔබට මෙම කරුණු කාරනා වැදගත් වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු

curtesy : mirrorgirl.lk


More News »