Home / කේෂාලංකාර /
සරුසාර කෙස් කළඹකට කවුද අකමැති


සරුසාර කෙස් කළඹකට කවුද අකමැති

2017-07-18 09:51:00       743
feature-top
යම් පුද්ගලයකුගේ පෞරුෂත්වය ඉහළ නැංවීම යන කාරණයේදී කෙස් කළඹින්ද ඉටුවන්නේ වැදගත් කාර්යභාරයකිග දීප්තිමත් කෙස් කළඹක් නිරතුරුවම මුහුණට සුන්දරත්වයක් එක් කරන අතර කෙස් කළඹ මළානික ස්වභාවයකින් යුක්ත වූ විට අපගේ බාහිර ස්වරූපයට ද එමඟින් බලපෑම් ඇති කෙරේග හිසකෙස් වියළීමල හිසකෙස් ගැලවී යාමල කෙස් අග්ගිස්ස පැලීමල කෙස් සුදුවීම ආදිය අද වන විට බොහෝ දෙනකුට කෙස් සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුකාරී තත්ත්වයක් වන අතර කේෂාලංකරණය සම්බන්ධයෙන්ද බොහෝ දෙනාගේ උනන්දුව අධිකයග අද අපේ වෙදකමෙන් කෙස් පිළිබඳව කතා කරන්නට සිතුවේ මනා කෙස් කළඹක් පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග රාශියක්ම ආයුර්වේදයේ සඳහන් වන නිසායග

මේ සම්බන්ධයෙන් අපව දැනුම්වත් කරන්නේ රාජගිරිය සෙත්මිර ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍ය ගල්කැටියා ජීග ලුෂාන්ති මහත්මියයිග

හිස යනු අපගේ ශරීරයේ ඇති උතුම්ම අංගයකිග ආයුර්වේදයේදී එය හඳුන්වන්නේ උත්තුමාංගය ලෙසයිග ඇසල කනල නාසයල මුඛය යන මේ ප්‍රධාන ඉන්ද්‍රීන් පිහිටා තිබෙන්නේ හිස ආශ්‍රිතවයග හිසෙහි පිහිටා ඇති මෙම ඉන්ද්‍රීන් ආරක්ෂා කිරීම සිදුකරන්නේ කෙස් මගිනුයිග ඝීතල උෂ්ණ වැනි ස්වභාවික දේශගුණික තත්ත්වයන්ගෙන් මෙන්ම වැටීම්ල තැලීම්ල පහරදීම් වැනි අනතුරුවලින් ඇතිවිය හැකි අවදානම අවම කරන්නට කෙස් උපකාරී වේග මේ අනුව හිසකෙස් අපගේ සුන්දරත්වය වර්ධනය කරනවා සේම ආපදා තත්ත්ව වැළැක්වීමටත් මහඟු දායකත්වයක් සපයයිග

කෙස් ගසටත් ආයු කාලයක්

අපේ හිසේ හිසකෙස් කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද කියා බලන්නට ඔබට දවසක සිතී තිබෙනවාදරෑ ඇත්තටම මෙය කරන්නට අපහසු කටයුත්තක් වුවද සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ කෙස් ලක්ෂයකට වැඩිල එක් ලක්ෂ පනස්දාහකට පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් බවට සොයගෙන ඇතග මෙයින් දිනකට කෙස් ගස් 100 ජ් 150 අතර ප්‍රමාණයක් ගැලවී යා හැකි අතර එය රෝගී තත්ත්වයක් නොවේග ඕනෑම ගසකට මෙන්ම කෙස් ගසකටද යම් ආයු කාලයක් ඇති අතර එය වසර දෙකක්ල වසර පහක් අතර කාලයක් පැවතිය හැකියග

කෙස් ගසක් ගසකට සමානයි

කුඹුරක් සරුසාර වීමට හොඳ පසක් අවශ්‍ය වන්නා සේම කෙස් ගසක හොඳම පස වන්නේ හිස් කබලයිග කුඹුරකට පොහොර අවශ්‍ය වන්නේ සේම කෙස් ගසටත් හොඳ පෝෂණයක් යෙදීම අත්‍යවශ්‍ය වේග මේ සඳහා අවශ්‍ය වන්නේ විටමින් ෑල Aල ණ වැනි පෝෂක ද්‍රව්‍යයන්යග

පෝෂක ද්‍රව්‍යවලට අමතරව කෙස් වර්ධනය සඳහා හොඳ තෙතමනයක්ද අවශ්‍ය වේග මේ සඳහා හොඳ රුධිර සම්පාදනයක් ලබාදීම අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් කෙස් ගස මුලටම සත්කාර කළ යුතුයග

හිස කෙස්වලට වැළඳෙන රෝග

කෙතක් සරුසාර වෙද්දී කෙතට විවිධ සතුන්ගෙන් උවදුරු වන්නා සේම හිසකෙස්ද විවිධ වූ රෝගී අවස්ථාවන්ට ලක් වේග ඉස්හොරිල උඳුගොව්වන් කෑමල කෙස් ආශ්‍රිතව ඇතිවිය හැකි රෝග අවස්ථාවන් වන අතර පිළිකාමය තත්ත්වයන්ල පීනසල ක්ෂය රෝගල තයිරොයිඩ් වැනි රෝගයන්හි අතුරැ රෝගයක් ලෙසද හිසකෙස්වල විවිධ ආබාධ හටගත හැකියග මීට අමතරව ලේඬින්ල උකුණන් වැනි කුඩා සතුන් නිසාද හිසකෙස්වලට හානි සිදුවේග

හිසකෙස් ගැලවී යාම

හිසකෙස් ගැලවී යාමද බොහෝ දෙනකුට මතු වී ඇති ගැටලුවක් වන අතර හිසකෙස් ගැලවී යාම සඳහා විවිධ වූ හේතු කාරණා බලපායිග

විශේෂයෙන්ම කෙස් ගස්වල මුල් තදින් ඇදෙන සේ තදින් නොබැඳිය යුතු අතර මුල බුරුල් වීමෙන් ගසක් මැලවී යන්නා සේම කෙස් ගස්ද ඉක්මනින්ම හැලී යයිග හිසකෙස් බහුලව ගැලවී යාමට මේ කරුණු හේතු වේග

සිරැරට වැළඳෙන විවිධ රෝග තත්ත්වද හිසකෙස් හැලී යාම කෙරෙහි බලපායිග නිව්මෝනියාවල උණ සන්නිපාතය වැනි රෝග ශරීරයට බලපෑම් කරන්නා සේම හිසටද බලපෑම් කිරීම නිසා හිසකෙස් හැලී යයිග

ආහාරවල රසායනික ද්‍රව්‍යයන් කෙස්වලට විසයි

අප ගන්නා ආහාරවල ඇති ඇතැම් රසායනික ද්‍රව්‍යවල බලපෑමෙන්ද හිසකෙස් හැලීයාම ඉක්මන් වේග එමෙන්ම නොයෙක් වර්ගයේ ෂැම්පු වර්ගල කන්ඩිෂනර් වර්ගල විවිධ තෙල් වර්ගල ජෙල්ල හෙයාර්ස්ප්‍රේ වැනි ආලේපන හිසකෙස් ගැලවී යාම කෙරෙහි ඍජුවම බලපායිග

මෝස්තර දමන්නට පෙර මේ ගැනත් සිතන්න

හිසකෙස්වලට මෝස්තර දැමීමද හිසකෙස් ගැලවී යාම කෙරෙහි බලපාන තවත් කාරණාවකිග වර්තමානයේ විශේෂයෙන්ම යුවතියන් හිසකෙස් අලංකාර කරගැනීම සඳහා ස්ට්‍රේට් කිරීමල ෆර්ම් කිරීමල රීබොන්ඩින් කිරීමල වර්ණ ගැන්වීමල අයන් කිරීම ආදී විවිධ දේ භාවිත කළද මෙම සෑම විලාසිතාවකින්ම පාහේ හිසකෙස්වලට හානිවීම සිදුවේග කේශ කල්‍යාණය වඩවා ගැනීමට නැතිනම් නිරෝගිමත් කෙස් කළඹක් ලබාගැනීමට කැමැත්තක් ඇත්නම් මෙවැනි විලාසිතාවලට යොමුවීම කිසිලෙසකින් හෝ උචිත වන්නේ නැතග මෙම සමහර විලාසිතාවලදී හිසකෙස්වලට තදබල උෂ්ණත්වයක් ලබාදීම මෙන්ම විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමද කෙස් සඳහා බලපාන්නේ අහිතකර අයුරිනිග

හිසතෙල් ගැල්වීම

ආයුර්වේදයේදී ශීර්ෂ අභ්‍යාංගය යනුවෙන් දක්වා ඇත්තේ හිසතෙල් ගැල්වීමයිග චරක ඍෂිවරයා විසින් රචිත චරක සංහිකා යන මූලික ග්‍රන්ථයේ හිසතෙල් ගැල්වීම පිළිබඳව ඉතාමත්ම පැහැදිලිව සඳහන් කර ඇතග එම ග්‍රන්ථයෙහි සඳහන් වන ආකාරයට හිසතෙල් ගැල්වීම හිසෙහි හටගන්නා රෝග දුරැකිරීම කෙරෙහිදල හිසකෙස්වල මෘදුභාවය කෙරෙහිද බලපායිග හිසකෙස්වල දීප්තියල දිගු බව හා තෙල් ගතියද මේ නිසා හටගනීග හිසට තෙල් ගැල්වීමෙන් හිසට පෝෂණය ලැබෙන්නා සේම මුහුණේ සමද පැහැපත් වේග

හිස සම්බාහනය

හිස සම්බාහනය කිරීමද ආයුර්වේදයේ ඉතා වැදගත් කරුණකිග හිසට තෙල් ගැල්වීමෙන් පසුව සම්බාහනය කිරීමෙන් කේෂ මූල්‍යය ශක්තිමත් කර ගැනීමේ හැකියාව ඇතග මෙලෙස කෙස් ශක්තිමත් වූ විට අකලට හිසකෙස් පැසීමල කෙස් වැටීම වැනි රෝග දුරුවන අතර උඳුගොව්වන් කෑම වැනි දිලීර රෝගද අඩු වී යයිග

ආයුර්වේදයේ දී හිසතෙල් ගල්වා සම්බාහනය කිරීම හරහා ශරීරයේ යම් යම් නිල උද්දීපනයන් සිදුකෙරෙන අතර මෙම නිල ස්ථාන සම්බාහනය කළ යුත්තේ එක්තරා රටාවකට හා එක්තරා ලතාවකටයග එසේ නොමැතිව සම්බාහනයෙන් නිසි ප්‍රතිඵල ලබාගත නොහැකි වන අතර හිස සම්බාහනය කිරීම තමන්ට තනිවම සිදුකරගත නොහැක්කේ තනිවම හිස සම්බාහනය කරන විට නිල සම්බාහනය කිරීමට නොහැකි බැවිනිග

ඒ නිසා මේ සඳහා තවත් අයකුගේ සහාය ලබාගත යුතු අතර මෙහිදී අනිවාර්යයෙන්ම ඒ සඳහා ප්‍රවීණ පළපුරුදු වෛද්‍යවරයකුගේ සහාය ලබාගත යුතුයග

හිසකෙස්වල තෙල් ආලේපයෙන්

 හිසේ ඇතිවන විවිධ ලෙඩ රෝග නැති වේග
 හිසකෙස්වල මෘදු බව ඇතිවේග
 හිසකෙස්වල දීර්ඝ බව ඇතිවේග
 කෙස් දීප්තිමත් වේග
 කෙස් බහුල වේග
 පංචේන්ද්‍රයන් පෝෂණය වේග
 මුහුණේ සම පැහැපත් වේග
 මනස නිරවුල් කර හිස් බව නැති වේ

deshaya.lk


More News »