Home / කේෂාලංකාර / නිරෝගී කෙස් කළඹක් වෙනුවෙන් ගෙදරදීම කරන්න පුළුවන් හොඳම සත්කාර පහක්

නිරෝගී කෙස් කළඹක් වෙනුවෙන් ගෙදරදීම කරන්න පුළුවන් හොඳම සත්කාර පහක්

2017-07-26 12:45:00       659
feature-top
නිරෝගී ලස්සන කෙස් කළඹක් ලබා ගන්න කවුද කැමති නැත්තෙග ගැහැණු පිරිමි බේදයක් නැතුව අපි කවුරුත් කැමතියි තමන්ගෙ හිස කෙස් නිරෝගීව සහ ලස්සනට තියාගන්නග හැබැයි ඉතින් කාර්ය බහුලකමත් එක්ක රෑට නාන්න වෙනව වගෙම ඉඳ හිටවත් තෙල් සාත්තුවක් කරගන්න ඉඩක් නැති වීම ලොකු ප්‍රශ්ණයක්ග ගෙදර ඉන්න දවසක සතියකට සැරයක් ගෙදරදීම හිසකෙස් වලට කරන්න සත්කාර තියෙනවාග ඉතින් අපි හිතුවා ඔබට එහෙම සත්කාර ක්‍රම කීපයක් කියල දෙන්නග මෙයින් එකක් හරි සතියකට සැරයක්වත් කරන්න පුළුවන් නම් ඔබට ලස්සන වගේම නිරෝගී කෙස් කළඹක් ලබා ගන්න පුළුවන්ග

අංක එක ජ් පළුදු හිසකෙස් වලට යොදන අලිගැට පේර සහ බිත්තර සත්කාරය
ඔබේ හිසකෙස් පළුදු වෙලා නම් හෝ වියළිලා නම් මෙන්න මේ වගේ ප්‍රතිකාරයක් හොඳින්ම ගැලපෙනවාග හදාගන්නත් පහසුයිග හොඳින් ඉදුණු අලි ගැට පේර ගෙඩියකට බිත්තරයක් එක්කර මෘදු මිශ්‍රණයක් සාදා හිසකෙස් සහ හිස් කබලෙහි ගාන්නග විනාඩි 20 කින් හොඳින් සෝදා හරින්නග හුඟක්ම ඩැමේජ් හිසකෙස් වලට නම් සතියකට වතාවක්ද සාමාන්‍ය හිසකෙස් ඇති කෙනෙක්ට නම් මාසයකට වතාවක්ද මේ ප්‍රතිකාරය කිරීම ප්‍රමාණවත්ග

අංක දෙක ජ් වියළි නිතර ගැට ගැහෙන හිසකෙස් වලට සුදුසු ඇපල් සයිඩර් විනාකිරි සත්කාරය
ඇඟේ බර අඩු කරගන්න දැන් හුඟ දෙනෙක් මේක පාවිච්චි කරනවාග ඇත්තටම ඇපල් සයිඩර් විනාකිරි වලින් කෙරෙන ප්‍රතිකාර බොහොමයිග හිසකෙස් වලට මෙන්න මේ විදියට පාවිච්චි කරන්න පුළුවන්ග
ඔබට තියෙන්නෙ වියලි නිතර ගැට ගැසෙන හිසකෙස් නම් ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි 1ටල ඔලිව් ඔයිල් මේස හැඳි 2ක්ල බිත්තර සුදු මද 3ක් මිශ්‍රකර හිස ගල්වා පැය බාගයක් පමණ හිස පොලිතින් කවරයකින් ආවරණය කර තබා ෂැම්පූ කර සෝදා හරින්නග මේ සත්කාරය සති දෙකකට වතාවක් කිරීම ප්‍රමාණවත්ග

අංක තුන ජ් වියළි නමුත් හිස්හොරි ඇති හිසකෙස් වලට සුදුසු දෙහි සමඟ ඔලිව් තෙල් සත්කාරය
ඔබේ හිසකෙස් වියළි නමුත් හිස් හොරි ස්වභාවයක් පතිනවා නම් මෙන්න ඔබටම ගැලපෙන ප්‍රතිකාරයක්ග දෙහි යුශ මේස හැඳි 2කටල ඔලිව් තෙල් මේස හැඳි 2ක්ල වතුර මේස හැඳි 2ක් හොඳින් මිශ්‍ර කර තෙත හිස්කබලෙහි ගල්වා විනාඩි 20ක් තබා ෂැම්පූ කර සෝදා හරින්නග දෙහි වලින් ඔබේ හිස් කබලෙහි විශබීජ විනාශ කරනවා සමඟම ඔලිව් තෙල් වලින් එහෙ වියළි ගතිය නැති කර හිස කෙස් පෝශණය කරනවග මේ සත්කාරයත් සතියකට වතාවක් කිරීම ප්‍රමාණවත්ග

අංක හතර ජ් තෙල් සහිත හිසකෙස් වලට ඉදුණු කෙසෙල් සත්කාරය
තෙල් ස්වභාවය වැඩි හිසකෙස් ඇත්නම් මේ ප්‍රතිකාරය ඔබට ගැලපෙනවාග හිසෙහි තෙල් අධික බව නිසා කඩා හැලෙන කෙස් කළඹකට හිමිකම් කියන්න අමාරුයිග හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියකටල මී පැණි මේස හැන්දක්ල පොල් තෙල් හෝ ඔලිව් තෙල් මේස හැන්දක් එක් කර හොඳින් පොඩි කර හිස ගල්වා පැය බාගයක් තබා මද රස්නය වතුරෙන් සෝදා හරින්නග මේ සත්කාරය සති දෙකකට වතාවක් කිරීම ප්‍රමාණවත්ග

අංක පහ ජ් ඉක්මණින් කෙස් සුදු වීම වැලක්වීමට උළුහාල් සහ පොල් කිරි සත්කාරය
නිතර රෑට නාන්න හුරු උන කෙනෙක් නම් හිස කෙස් ඉක්මණින් සුදු වීමේ අවධානමක් තියෙනවග එහෙම කෙනෙක්ට මේ සත්කාරය සති දෙකකට වතාවක් කිරීමෙන් හිසකෙස් වල ස්වභාවික වර්ණය රැකගන්න පුළුවන්ග රැයක් වතුරේ දමා පොඟවාගත් උළු හාල් හොඳින් අඹරාගෙන ඒ පේස්ට් එකෙන් මේස හැන්දක ප්‍රමාණයට උකු පොල් කිරි මේස හැඳි 2ක් එක් කර හිස ගල්වන්නග විනාඩි 30 තබා මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්නග

curtesy :adadawasa.com

More News »