Home / කේෂාලංකාර / දිදුලන දිගු කෙස් කලඹකට කරපිංචා

දිදුලන දිගු කෙස් කලඹකට කරපිංචා

2017-08-02 09:23:00       657
feature-top
අද මුළුතැන්ගෙයි නැතුවම බැරි කරපිංචා වල වටිනාකම කියලා නිම කරන්න බෑග ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ වැඩියෙන් භාවිතා වන මෙය හොද්දක් රස කිරීමට භාවිතා කල නමුත් ඉතා ඉහළ පෝෂණීය ගුණයකින් යුක්ත වෙනවාග මෙම වටිනා කරපිංචා හිසකෙස් වර්ධනයට උපකාරී වන බව සොයාගෙන තිබෙනවාග හානි වූ හිසකෙස් වලට හොඳ ප්‍රතිකාරයක් වන අතර හිසකෙස් වැටීම වළක්වනවාග හිසකෙස් වැටීමට හේතු වන ප්‍රෝටීන අඩු කම සහ බිටා කැරොටින් නොමැති වීම මෙම කරපිංචා මඟින් සපුරා ගත හැකි වෙනවාග කරපිංචා වල ඇති විටමින් ඊ තුලින් හිසකෙස් වල වර්ණවත් බව මනාව පවත්වා ගත හැකි වෙනවාග
කරපිංචා හිසකෙස් සඳහා භාවිතා කරන ආකාර කිහිපයක් පහත දක්වා තිබෙනවාග

ෆ හෙයාර් ටොනික් එකක් ලෙස භාවිතය
කරපිංචා සහ පොල්තෙල් එකට ගෙන කළු පැහැය එනතෙක් හොඳින් රත් කර සිසිල් වීමට ඉඩ හරින්නග ඉන්පසු හිස්කබලේ සහ හිසකෙස් වල හොඳින් තවරා පැයක් පමණ තබා ෂැම්පු දමා හොඳින් සෝදා හරින්නග සතියකට දෙවරක් මෙය සිදු කල යුතු අතර 15 වෙනි දිනයේදී මනා වෙනසක් ඔබටම අත්විඳීමට හැකි වෙනවාග
‍ෙ

ෆ හෙයාර් මාස්ක් එකක් ලෙස භාවිතය
කරපිංචා හොඳින් කුඩු කරගෙන යෝගට් සමඟ මිශ්‍ර කර තලපයක් ලෙස සාදාගන්නග ඉන්පසු හොඳින් හිසකෙස් වල ආලේප කර විනාඩි 20-25 ක් පමණ තබා ෂැම්පු කර සෝදා හරින්නග සෑම සතියෙම මෙය සිදු කිරීමෙන් දිලිසෙන සුමට කෙස් කළඹක් හිමි වෙනවාග


ෆ තේ පානයක් ලෙස භාවිතය
වේලාගත් කරපිංචා හොඳින් කුඩු කර තේ පානයක් ලෙස සාදා එයට දෙහි ස්වල්පයක් යොදා දිනපතා පානය කරන්නග සතියකින් ප්‍රතිඵල අත්විඳිමට පුළුවන්ග වර්ණවත් සහ ශක්තිමත් කෙස් ලබා ගත හැකි අතර මෙමඟින් ආහාර දිරවිමද පහසු කරනවාග

curtesy :elagossip.com

More News »