Home / කේෂාලංකාර / කොන්ඩෙ ස්ට්‍රේට් කරනකොට මේ ගැනත් හිතන්න

කොන්ඩෙ ස්ට්‍රේට් කරනකොට මේ ගැනත් හිතන්න

2017-08-29 11:42:00       684
feature-top
අද කාලයේ කොණ්ඩයට විවිධ විලාසිතා කරන්න බොහෝ තරුණියන් කැමැත්තක් දක්වනවාග දැන් ගොඩක් ජනප්‍රිය විලාසිතාවක් තමයි කොන්ඩෙ ස්ට්‍රේට් කිරීමග
බොහෝදෙනෙක් මෙම විලාසිතාවට යොමුවීමට හේතුවක් වෙලා තියෙන්නෙ එය සිදුකරාට පස්සෙ කොණ්ඩය හැසිරවීමට පහසු වීම නිසයිග ලේසියෙන් අවුල් වෙන්නෙත් නෑග අනික හොඳ දීප්තිමත් පැහැයකුත් කොන්ඩෙට ලැබෙනවාග නමුත් නිතර නිතර කොණ්ඩයට කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය එක් කරමින් කරන මෙවැනි විලාසිතාවලදී ඔබට සිදුවන හානි ගැනත් වැඩි සැලකිලිමත් බවක් දැක්විය යුතුයිග
හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්ල බ්ලීචිං හා ඇමෝනියා මඟින් සිදුවන දේ
හිස කෙස් පැහැය ළා වර්ණ හෝ තද වර්ණ ගැන්වීමට නම් ඉහත කී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්ල බ්ලීචිං හෝ ඇමෝනියා ආදිය යෙදීමට සිදුවනු ඇතග මෙලෙස කෙස් ගස්වල පැහැය වෙනස් කිරීමට යොදන රසායන ද්‍රව්‍ය මඟින් කෙස් ගසට හානිවෙයිග කෙස් තඹ පැහැ කිරීමේදී කෙස් ගස වියළි වෙමින් කැඩී යෑමට ලක්වෙයිග මේ ආකාරයට කෙස් ගස් මියයෑම සිදුවෙයිග මෙම සත්කාර කිරීමේදී ඔබ සැම විටම තෝරාගත යුතු වන්නේ ප්‍රවීණ පළපුරුදු කේශලාවණ්‍ය ශිල්පියකු හා ප්‍රමිතිගත නිෂ්පාදනයිග මන්ද මේ නිෂ්පාදනවල අඩංගු වන පෙරොක්සයිඩ් 20්‍රටත් වඩා ඉවත් කළ යුතු නිසයිග
ෆෝමැල්හයිඩ්වලින් සිදුවන හානි
කොණ්ඩය ස්ට්‍රේට් කිරීමට යොදන නිෂ්පාදනවල ෆෝමැල්හයිඩ් රසායනය අඩංගුවීම අත්‍යවශ්‍ය කාරණයකිග නමුත් මෙය පාවිච්චි කිරීමේදී වඩාත් සැලකිලිමත් වෙන්නග ෆෝමැල්හයිඩ් පිළිකා කාරක ද්‍රව්‍යක් වන නිසා මෙය හැකිතාක් අඩුවෙන් භාවිත කිරීමට වගබලා ගන්නග හොඳින් වාතාශ්‍රය එන ස්ථානයක මෙම සත්කාරය සිදු කිරීම වැදගත් වන්නේ මෙනිසයිග කෙරටින් සත්කාරය ෆෝමැල්හයිඩ් සහා උෂ්ණත්වය සමඟ සිදුකරන විට අධි භාවිතය නිසා හිසකෙස් හා හිස් කබලද පිලිස්සීමට ලක්විය හැකියිග
අධික උෂ්ණත්වය නිසා වන බලපෑම්
කොණ්ඩයට විවිධ සත්කාර හා විලාසිතා කරන විට උෂ්ණත්වය සහිත විවිධ යන්ත්‍රවල බලපෑම නිතරම සිදුවෙයිග රසායන ද්‍රව්‍යත් සමඟ උෂ්ණත්වය කෙස්වලට කා වැදීමෙන් එයට හානි සිදුවිය හැකියිග ශරීරයේ අනෙක් අංග සේම හිසකෙස්වලද ජලය අන්තර්ගතයිග විලාසිතා කරන හිසකෙස්වලට ෆැරන්හයිඩ් අංශක 212ට වඩා වැඩි උෂ්ණත්වයක් බලපාන විට හිස කෙස්වල ඇති ජලය ඉක්මනින්ම වාෂ්ප වී යයිග මේ නිසා හිසකෙස්වල ස්තරය පැළීමට ලක්වීමල ඉරිතැළීම හා එහි ඇති ස්වාභාවික දිස්නය නැතිව යෑමද සිදුවෙයිග කෙස්වල ඇති තෙතමනය හා තෙල් සහිත බවටත් මෙම සත්කාර හානිකරයිග මෙනිසා හැමවිටම පළපුරුදු ප්‍රවීණ කේශලාවණ්‍ය ශිල්පියකු අතින් මෙම සත්කාර සිදු කර ගැනීම වැදගත්යග
පීරන විට සිදුවන හානි
සිනිඳු කෙස් ගස් පනාවෙන් වැරැදි ආකාරයට නිතර පිරීම නිසාත් කෙස් ගසට හානි විය හැකියිග විවිධ රසායන ද්‍රව්‍ය යොදා කෙස් ගස් බුරුසුවකින් පීරන විට ඒ තුළට එම ද්‍රව්‍ය පහසුවෙන් ඇතුළු වී එය වියළි බව ඇති කරමින් කෙස් ගස් පුපුරා යයිග
අගිස් පැළීම
රසායන ද්‍රව්‍ය මඟින් වන බලපෑම වඩාත් හොඳින් පෙනී යන්නේ කෙස් ගසේ අගිස් පැළී යෑමෙනිග කෙස් ගසේ මතුපිට ස්තරයට හානිවීම මෙයට හේතුවයිග මෙලෙස හානි වූ හිස කෙස් පීරීමෙන් පසුව බොකුටු ස්වභාවයක් ගනියිග
ආසාත්මිකතා
බ්ලිචිං සමඟ විවිධ විලාසිතා කෙස් ගසට සිදු කිරීමේදී විවිධ ආසාත්මිකතා ඇතිවිය හැකියිග මේවා සමඟ කෙසේ වර්ණ ගන්වන කිසිම අවස්ථාවක හිසට හෝ සමට ස්පර්ශ නොවීමට වග බලා ගන්නග එලෙස සමට හදිසියේ හෝ ස්පර්ශ වුවහොත් එය වහාම ඉවත් කරන්නග වෛද්‍ය ප්‍රතිකාර වෙතද ඔබට පසුව යොමු විය හැකියග
ලාභදායී නිෂ්පාදන භාවිතය
ප්‍රමිතිගත කේශලාවණ්‍ය නිෂ්පාදන තරමක් මිලෙන් අධික වුවත් හිස කෙස්වල මනා පැවැත්මට මෙවැනි නිෂ්පාදනවලට වැඩි අවධානයක් ලබාදිය යුතුමයි

curtesy : loveprove.com/

More News »