හිස්හොරි කියන්නේ ගැහැණු පිරිමි භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට මුහුණ දෙන්නට සිදුවන ගැටළුවක්. හිස්හොරි ඇතිවීමට ප්රධානතම හේතුවක් තමයි හිස්කබලේ වියළීම. "/>
Home / කේෂාලංකාර / හිස්හොරි කරදරයෙන් මිදෙන්නට පහසු ක්‍රම කිහිපයක් මෙන්න

හිස්හොරි කරදරයෙන් මිදෙන්නට පහසු ක්‍රම කිහිපයක් මෙන්න

2017-09-07 09:32:00       647
feature-top

හිස්හොරි කරදරයෙන් මිදෙන්නට පහසු ක්රම කිහිපයක් මෙන්න

හිස්හොරි කියන්නේ ගැහැණු පිරිමි භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට මුහුණ දෙන්නට සිදුවන ගැටළුවක්. හිස්හොරි ඇතිවීමට ප්රධානතම හේතුවක් තමයි හිස්කබලේ වියළීම. මෙම ලිපියෙන් කියවෙන්නේ හිස් හොරි කරදරේට පහසුවෙන්ම කලහැකි ප්රතිකර්ම කිහිපයක් පිළිබඳවයි.

01. පොල්තෙල්

පොල්තෙල් වල අඩංගු හිස්හොරි ඉවත්කරන දිලීර නාශක සංයෝග නිසා වියළි හිස්කබලට අමතර තෙතමනයක් ලැබෙනවා. හින්දම පොල්තෙල් වලින් වියළි හිස්කබලට ලැබෙන්නේ අමතර සහනය,සිසිලසක්.

ලෙමන් යුෂ එක් කොටසක් සමඟ පොල්තෙල් කොටස් දෙකක් එකට මිශ්රබ කරගන්න.පස්සේ මිශ්ර ණය හිස්කබලේ තවරා හොඳට මසාජ් කරගන්න.මසාජ් කිරීමෙන් වෙන්නේ මිශ්රණයේ තියෙන ගුණයහිස්කබලේ සම තුළින් අභ්යලන්තරයටම හොඳටම ගමන් කරන එක.විනාඩි 20ක් විතර තියෙන්න ඇරලා හෝදලා දාන්න පුළුවන්.සතියකට 2-3 පාරක් කරලා බලන්න.

02. කොහොඹ

කොහොඹ කිව්වම අපි කවුරුත් දන්නවනේ ප්රනභල විෂබීජ නාශකයක් කියලා.එහි තියෙන බැක්ටීරියානාශකවගේම දිලීර නාශක සංයෝග හිස්හොරි කරදරයට විතරක් නෙවෙයි කොණ්ඩයේ අනෙක් ප්ර්ශ්න වලටත් නියමෙට උත්තර දෙනවා.විශේෂයෙන්මහිසකෙස් ගැලවීයාම වගේ ප්රතශ්න වලට.

අනික් එක තමයි කොහොඹ කොළ තම්බාගත් වතුර අරන්තියාගෙන ඔයාට ඕනි වෙලාවට පාවිච්චි කරන්නත් හැකියාව තියෙනවා.

හිස්හොරි කරදරේට දැන් හොයමු උත්තරේ.කොහොඹ කොළ මිටක් ගන්න.වතුර කෝප්ප 04ක් විතර අරගෙන කොළ ටික දාල උණුවතුරේතැම්බෙන්න අරින්න.දැන් මිශ්රනණය ටිකක් නිවෙන්න දීලම පෙරාගන්න.මේ දියරයෙන් ඔයාට පුළුවන් කොණ්ඩය හෝදන්න.සතියකට 2-3 වතාවක් ප්රමාණවත්.

03. ලෙමන් යුෂ

ආම්ලිකමය ගුණයෙන් යුතු පළතුරක් වෙන ලෙමන් එහි අඩංගු ඇසිඩ් ගතිය නිසාම හිස්හොරි මට්ටු කරන්න හොඳින්ම ගැළපෙනවා.මේ ක්රඅමයට තරමක් කාලයක් ගතවුණත් අතාරින්නඑපා.ලෙමන් යුෂ වල අඩංගු ඇසිඩ්,ඔයාගේ හිස්කබලේ pH අගය සමබර කරන්නත් සමත්.ඉස්සෙල්ලම කරන්න ඕනි මෙන්න මෙච්චරයි.තේහැඳි දෙකක ලෙමන් යුෂ අරගෙන ඔයාගේ හිස්කබල හොඳට මසාජ් කරන්නන.දැන් විනාඩි 5ක් විතර තියෙන්න අරින්න.පස්සේ හෝදලා දාන්න.මේ විදියට සතියකට 3-4 සැරයක් කරන්න.වෙනස් ප්ර්තිඵලයක් බලාගන්න පුළුවන්.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -

curtesy : hirutv.lk/blog



More News »