Home / කේෂාලංකාර / ඔයාගේ දිග කොණ්ඩය රැක ගන්න ලේසි ක්‍රම 4ක්

ඔයාගේ දිග කොණ්ඩය රැක ගන්න ලේසි ක්‍රම 4ක්

2017-09-12 02:59:00       231
feature-top
අපේ ගොඩක් කට්ටිය තමන්ගේ ලේසිය පහසුව නිසාම ගොඩක්ම කැමති කොට කොණ්ඩයකට.ඒ නිසාම දිගම දිග කොණ්ඩයක් තියෙන කෙනෙක් අපිට දකින්න ලැබෙන්නේ කලාතුරකින් නේද?ඒ වෙන මුකුත් නිසා නෙවෙයි,කොට කොණ්ඩයකට වඩා දිග කොණ්ඩයක් හොඳින් රැකබලාගන්න ඕනි නිසා.නිවැරදිව සාත්තු කරන්න ඕනි නිසා.ඒ වුණත් ඔය කියන තරම් ලොකු දෙයක් නෙවෙයි දිග කොණ්ඩයක් බලාගන්න එක.කම්මැලි නොවී ටිකක් මහන්සි වුනාම ලස්සන දිග කොණ්ඩයක අයිතිකාරියෙක් වෙන එක ඔයාට නම් මහා දෙයක් නෙවෙයි.ඒ විතරක් නෙවෙයි,අමතක කරන්න එපා,ඔයාගේ සුපුරුදු Sunsilk Long and Healthy Growth Shampoo එකත් එක්ක නම් මේ අභියෝගය ජයගන්න එක නම් හරිම සිම්පල්.

දිග කොණ්ඩයකින් ඉස්සෙල්ලම මතුවෙන ප්‍රශ්නේ තමයි කොණ්ඩය ගැටගැහෙන එක,අවුල් වෙන එක. විශේෂයෙන්ම රෑට නිදාගෙන උදේ ඇහැරෙනකොට.ඒ වගේ අවුල්වෙච්ච කොණ්ඩයක් පීරන එකත් හරිම කරදරයක්.පනාවට කොණ්ඩය ඉක්මණට කැඩිලා හානියට පත්වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් නේ රෑට කොණ්ඩය හෙමීට පීරලා කොණ්ඩ කරල් දෙකක් ගොතලා නිදාගන්න.උදේට කොණ්ඩය හදාගන්නත් හරිම ලේසියි වගේම කැරළි කැරළි පෙනුමකුත් ලැබෙනවා.කැරළි කොණ්ඩෙට අකමැති නම් රෑට ගොතන කොණ්ඩය ලිහිල්ව ගොතන්න.කැරළි වලට කැමති නම් කතා දෙකක් නෑ.ටිකක් තදට කොණ්ඩය ගොතන්න.
1 අඩු ෂැම්පු භාවිතය.

මේක නම් ටිකක් අමුතුයි වගේ දැනෙනවා තමයි.ඒ වුණත් වැඩිපුර ෂැම්පු දැමීමෙන් කොණ්ඩය කැඩෙන්න තියෙන ඉඩකඩ වැඩියි.ඒ නිසා අඩුවෙන් ෂැම්පු පාවිච්චි කරන්න.ඩ්‍රයි ෂැම්පු එකක් පාවිච්චි කරනවානම් තවත් හොඳයි.ඔයාගේ කොණ්ඩය ශක්තිමත් කරන ෂැම්පු වර්ගයක් තෝරගන්නත් අමතක කරන්න එපා. Sunsilk Long and Healthy Growth Shampoo එක නම් මේ වැඩේට පර්ෆෙක්ට්.
2 වැඩි වැඩියෙන් කන්ඩිෂනර් කිරීම.

දිග කොණ්ඩයකට අමතර රැකවරණයක් අත්‍යවශ්‍යයි.මොකද,දිග කොණ්ඩයක් ලේසියෙන්ම කැඩෙනවා වගේම ඇදීමකටත් ලක්වෙනවා.ඒ නිසා ඔයාගේ කොණ්ඩයට ගැළපෙන හොඳ කන්ඩිෂනර් එකක් සතියකට 2-3 වතාවක්වත් පාවිච්චි කරන්න.කෙස්ගසේ අග දක්වාම කන්ඩිෂනර් ආලේප කරන්න.ඒ වගේමයි ඔයාගේ කොණ්ඩයට ගැළපෙන හොඳ තෙල්වර්ගයක් පාවිච්චි කරන්න.පොල්තෙල්,ඔලිව්,ආගන් වගේ තෙල් වර්ගයක් ඉතා හොඳයි.සතියකට කිහිප සැරයක් තෙල් සාත්තුවක් කරලා කොණ්ඩය හොඳින් හේදීමත් කොණ්ඩයට දෙන නිවැරදි සාත්තුවක්.
3 හිසකෙස් අග කැපීම.

කොණ්ඩය වවන්න කියලා දැන් කියනවා අග කපන්න කියලා.එතකොට කොණ්ඩය ටිකක් අඩුවෙනවා තමයි.ඒ වුණත් කොණ්ඩයට ඒකෙන් හොඳ පෝෂණයක් වගේම සත්කාරයක් ලැබෙනවා. අග කැපීමෙන් කොණ්ඩය වේගයෙන් වැවෙන්නෙත් නැහැ.ඒත් මතක තියාගන්න කෙස් අග පැලීම කියන හිසරදයෙනුත් එතකොට ඔයා ගැලවෙනවා.
4 සමබල ආහාරවේලක්.

පිටතින් වගේම ඇතුලතිනුත් ඔයාගේ කොණ්ඩයට අවශ්‍ය පෝෂණය ලබාදීම හරිම වැදගත්.ඒ නිසා ප්‍රමාණවත් පරිදි වතුර පානය කිරීමත්,පෝෂණයෙන් ඉහළ ආහාර වර්ග කෑමට එකතු කරගැනීමත් ගොඩක් වටිනවා.විශේෂයෙන්ම කොණ්ඩයට වැඩි පෝෂණයක් ලැබෙන පේර,අලිගැටපේර,බිත්තර වගේ ආහාර වර්ගවලට විශේෂ තැනක් දෙන්නත් අමතක කරන්න එපා.ඒ වගේමයි ගුණාත්මක තත්වයෙන් යුතු අමතර පෝෂකයන් වුණත් ඔයාට වෛද්‍ය උපදෙස් යටතේ පාවිච්චි කරන්න පුළුවන්.

sinhala.beautifulu.lk


More News »