Home / කේෂාලංකාර / ඉක්මණින් නීරෝගීමත් ලෙස කොණ්ඩේ වවාගන්න මෙන්න විශ්මිත ආලේපනයක්

ඉක්මණින් නීරෝගීමත් ලෙස කොණ්ඩේ වවාගන්න මෙන්න විශ්මිත ආලේපනයක්

2017-09-17 03:57:00       382
feature-top

කාන්තාවන්ගේ හෝ පිරිමින්ගේ පෙනුම රැකගැනීමට මූලිකව බලපාන්නේ තමන්ගේ හිසකෙස්. ඉතින් කවුරුත් කැමති තමන්ගේ හිසකෙස් නීරෝගීව හා ලස්සනට තබාගන්න. මෙම ලිපියෙන් කියවෙන්නේ එසේ හිසකෙස් නීරෝගීව හා ලස්සනට තබාගත හැකි විශ්මිත ක්‍රමයක් පිළිබඳවයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

බිත්තර කහ මද 1
එඬරු තෙල් මේස හැඳි 1
මැලික් ඇසිඩ් මේස හැඳි 1
ඔබ භාවිතා කරන ෂැම්පු වර්ගයක් සහ කන්ඩිෂනර් මේස හැඳි 2

සාදාගන්නා ආකාරය:

පළමුව බිත්තර කහමදය වෙන්කර භාජනයකට දමන්න. පසුව එයට එඬරු තෙල් සහ මැලික් ඇසිඩ් එකතු කරන්න. හොඳින් මිශ්‍ර කරගන්න. ඊට පසු එයට ෂැම්පු සහ කන්ඩිෂනර් එකතු කර නැවත මිශ්‍ර කරගන්න. සාදාගත් මිශ්‍රණය බෝතලයකට දමාගන්න.

භාවිතා කරන ආකාරය:

සාදාගත් ආලේපනය තෙත හිසේ ආලේප කර නයිලෝන් හිස් ආවරණයකින් ආවරණය කර විනාඩි 20ක් පමණ සිට හිස කෙස් සෝදා හරින්න. ඒ ආකාරයෙන්ම නැවත වරක් සිදු කරන්න.

සති තුනක් පමණ එකදිගට භාවිතා කරන්නේ නම් මෙය දවසකට වරක් පමණක් භාවිතා කිරිම සුදුසු වේ.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -

hirutv.lk/blog



More News »