Home / කේෂාලංකාර / ඝන කෙස් කලඹකට ලූනු යුෂ සත්කාරය

ඝන කෙස් කලඹකට ලූනු යුෂ සත්කාරය

2017-09-25 10:21:00       311
feature-top
හිසකෙස් වැටීම, හිසකෙස් තුනී වීම සඳහා නිවසේදී කල හැකි සාර්ථකම ප්‍රතිකාරය ලූනු යුෂ භාවිතා කිරීමයි. එහි අන්තර්ගත සල්ෆර් රුධිර සංසරණය වැඩි කර, උත්තේජනයක් ඇති කර, හිසකෙස් නැවතත් වර්ධනය කරයි. 2002 වසරේ ජර්මනියේ ජර්නල විද්යා සඟරාවේ ප්රකාශයට පත් කළ කුඩා අධ්යයනයකට අනුව alopecia areata රෝගීන් මාස 2ක කාලයක් දිනකට දෙවරක් ලූනු යුෂ හිස්කබලට ආලේප කර ඇති අතර, ටැප් වතුර භාවිතා කල අනිත් කණ්ඩායමට වඩා සැලකිය යුතු ලෙස ඔවුන්ගේ කෙස් නැවතත් වර්ධනය වී තිබේ.

දැන් අපි බලමු හිසකෙස් නැවත වර්ධනය කරගන්න මේ සත්කාරය කරන්නේ කොහොමද කියලා, මෙයට මී පැණි එකතු කිරීමෙන් මෘදු හා දිදුලන බවක් හිසකෙස් වලට ලැබෙන අතර මි පැණි වල අඩංගු antioxidants හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කරයි.

අවශ්‍ය ද්‍රව්‍ය :

    ලොකු ලූනු ගෙඩි 1
    මි පැණි තේ හැඳි 2
    ලැවෙන්ඩ්‍රා ඔයිල් හෝ කැමති ඔයිල් වර්ගයක්

ලොකු ලූනු ගෙඩිය පොතු හැර කුඩාවට කපා බ්ලෙන්ඩ් කරගන්න.
බ්ලෙන්ඩ් කරගත් පල්පය පෙනේරයකට දමා හැන්දකින් තද කර වෙනම භාජනයකට යුෂ එක්කරගන්න.
එයට මී පැණි තේ හැඳි 2ක් එක්කරන්න.
ලැවෙන්ඩ්‍රා ඔයිල් හෝ කැමති ඔයිල් වර්ගයක් බිංදු 2-3ක් එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.

මෙඅ භාවිතා කරන අයුරු :

මෙම යුෂ පුළුන් කැබැල්ලක් භාවිතා කර හිස්කබලම ආවරණය වන සේ ආලේප කර විනාඩි කිහිපයක් හොඳින් මසාජ් කරන්න.
ඉන්පසු ෂවර් කැප් එකකින් හිසකෙස් ආවරණය කරගෙන පැයක් පමණ සිටින්න, රාත්‍රියක් පුරා තබා ගත හැකි නම් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.
පසුව සාමාන්‍ය පරිදි සෝදාහරින්න.
ඔබට අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන තුරු දිනපතා මාස 2ක් පමණ මෙම සත්කාරය සිදුකරන්න.

thestar.lk


More News »