Home / කේෂාලංකාර / තරුණ වයසේදීම හිසකෙස් සුදුවෙන්න පටන් අරගෙනද? එහෙනම් දැන්මම මේ ලිපිය කියවන්න

තරුණ වයසේදීම හිසකෙස් සුදුවෙන්න පටන් අරගෙනද? එහෙනම් දැන්මම මේ ලිපිය කියවන්න

2017-10-03 10:24:00       289
feature-top
වයසට යාමේදී හිසකෙස් සුදුවීම සාමාන්‍ය දෙයක් වූවත් තරුණ වයසේදී හිසකෙස් සුදුවෙන්න පටන් ගැනීමනම් අසාමාන්‍ය දෙයක්. නමුත් මේ වනවිට බොහෝදෙනා මේ ගැටළුව නිසා අපහසුතාවයට පත්වෙලා සිටිනවා. විවිධ ප්‍රතිකාර කලත් මෙම ගැටළුවට විසඳුමක් සොයා ගැනීමට අපහසුවන අවස්ථා බොහෝය. මෙම ලිපියෙන් කියවෙන ක්‍රම මගින් ඔබේ හිසකෙස් තරුණ වියේදී සුදුවන ගැටළුවට පිළියමක් ලෙස ලබා ගැනීමට හැකිවේවී.

01. කරපිංචා කොළ කොටා ඉස්ම හිස ගල්වා පැයක් හිඳ සෝදා හරින්න. මීට අමතරව කරපිංචා සම්බෝල ලෙස හෝ කැඳ ලෙස ආහාරයට එක් කර ගැනීමත් වඩාත් සුදුසුයි.

02. තලාගත් ඉඟුරු ස්වල්පයක් මීපැණි මේස හැන්දක මිශ්‍ර කර උදෑසන ආහාරයට ගන්න.

03. කරපිංචා කොළ කීපයක් සහ උළු හාල් ස්වල්පයක් පොල් තෙල් වලට දමා රත් කර හිස ගල්වා පැය කීපයක් තබා සෝදා හරින්න.

04. නෙල්ලි වියලා කුඩු කර පොල් තෙල් සමඟ මිශ්‍ර කර රත්කර හිසෙහි ආලේප කරන්න.

05. පේර කොළ පොඩි කර යුෂ හිස් ගල්වා පැයක් පමණ තබා සෝදා හරින්න. මේ ප්‍රතිකාරය දිනපතා වුවත් කිරීම සුදුසුයි.

06. සති දෙකකට වරක් පිරිසිදු ගී හිස ගල්වා මසාජ් කරන්න.

07. කරවිල යුෂ ඔලිව් තෙල් හෝ තල තෙල් සමඟ මිශ්‍ර කර හිස ගල්වා තබා සෝදා හරින්න.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -

hirutv.lk/blog


More News »