Home / කේෂාලංකාර / කරදරකාරී ගොරෝසු කෙස් සිනිඳු කරගන්න පහසු ක්‍රම 04ක් මෙන්න..!

කරදරකාරී ගොරෝසු කෙස් සිනිඳු කරගන්න පහසු ක්‍රම 04ක් මෙන්න..!

2017-10-10 02:38:00       411
feature-top
ගොරෝසු කෙස් මෘදු, සිනිදු කරගැනීම සදහා, සමහර අයට උපතේදීම සිනිදු කෙස් හිමි වෙනකොට තවත් සමහර අය වියලි ගොරෝසු කෙස් සහිතව උපදිනවා. මේ ගොරෝසු කෙස් සමග වැඩ කිරීම ටිකක් කරදරකාරී මොකද හැසිරවීමේ අපහසුතා, දීප්තිමත් බව අඩුකම සහ අතිශයින්ම වටකුරු සහිත බව වගේ හේතූන් නිසා.
ඔබටත් තිබෙන්නේ මෙවන් ගොරෝසු කෙස් කළඹක් නම්, මේ කියන්න යන්නේ හිස කෙස් වලට සිනිඳු බවක් ලබාගත හැකි පහසු ක්‍රම කිහිපයක් පිළිබදවයි.

උණුසුම් තෙල් සම්බාහනය. – මෙමගින් හිසකෙස් වල පෝෂනීය බව හා තෙත් බව නිතරම පවත්වා ගත හැකියි. තෙල් හිස් කබලේ ගැඹුරටම කාවැදීමෙන් කුඩා කුහරයන් (follicles) ශක්තිමත් මෙන්ම නීරෝගී කරනවා.
පිරිසිදු පොල්තෙල් තේ හැඳි කිහිපයක් යම්තමින් රත් කරන්න. දැන් එම රත් කල තෙල් මගින් හිස කෙස් මුල සහ හිස් කබල හොදින් සම්බාහනය කරන්න. පසුව උණුසුම් තුවායක් මගින් හිස ආවරණය කර ටික වේලාවක් තිබෙන්නට හරින්න. පසුව මෘදු ශැම්පූ වර්ගයක් යොදා සෝදා හරින්න.

ඇපල් යුෂ විනාකිරි (Apple Cider Vinegar) – මෙමගින් හිසකෙස් වල සිනිදු බව ඇති කරනවා වගේම කෙස් පෝෂනය කර තෙතමනය ආරක්ෂා කරනවා.
ඇපල් යුෂ විනාකිරි කෝප්ප එකක් ගෙන එය වතුර කෝප්ප 3ක් මගින් තනුක කරන්න. පසුව එමගින් හිසකෙස් හොඳින් සෝදන්න. විනඩි 10කට පමණ පසු නැවත සිසිල් දියෙන් සෝදා හරින්න.

සිසිල් ජලය. – විශේෂඥවරුන්ගේ අවවාදය නම් ඔබ ඔබේ හිසකෙස් උණුසුම් ජලයෙන් නොසේදිය යුතුයි යන්නයි. එයට හේතුව උණු ජලය මගින් හිසකෙස් වල හා හිස් කබලේ ඇති ස්වභාවික තෙල් ඉවත් කර කෙස් වල වියලි සහ ගොරෝසු බව අැති කිරීමයි. මේ නිසා නිතරම හිසකෙස් සිසිල් ජලයෙන් සේදිය යුතුයි. එමගින් හිස් කබලේ තෙතමනය ආරක්ෂා කරදෙනවා වගේම හිසකෙස් කූපයන්ද ශක්තිමත් කරනවා.

කෝමාරිකා ජෙල් – කෝමාරිකා වල අැති ස්වභාවික සංඝටකයන් මගින් හිස්කෙස්වල මෘදු, කීකරු සහ තෙත් බව ඇති කරනවා.
කෝමාරිකා යුෂ ස්වල්පයක් ගෙන හිස්කබලෙහි ගල්වා හොදින් සම්බාහනය කරන්න. මද වේලවකට පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න. දිනකට දෙතුන් වතාවක් මෙය සිදු කල හැකි නම් වඩාත් හොද ප්‍රතිඵල ලබාගත හැකියි.

gossiphut.lk


More News »