Home / කේෂාලංකාර / 100%ක්ම හිසකෙස් යාම වලකා ඉතා හොඳින් වර්ධනය කර ගැනීමට පේර කොළ කදිම ඖෂධයක්

100%ක්ම හිසකෙස් යාම වලකා ඉතා හොඳින් වර්ධනය කර ගැනීමට පේර කොළ කදිම ඖෂධයක්

2018-01-10 01:57:00       312
feature-top
ඩෙංගු රෝගියෙක් හඳුනා ගත් විට ඔහුගේ රුධිර පට්ටිකා වැඩි කිරීමට පේර කොළ යොදා ගන්නවා.පේර කොළ භාවිතා කිරීමෙන් කොණ්ඩය යාම සම්පුර්ණයෙන්ම නවතා ස්වාභාවිකවම හිසකෙස් වර්ධනය කරයි.මෙය දිනපතාම හිසකෙස් සුරකින නිෂ්පාදනයක් ලෙස පාවිච්චි කල හැක.

පේර කොළ වල විටමින් බි බහුලව අඩංගු වේ.ඒ මඟින් ශරීර සෞඛ්‍යට මෙන්ම හිසකෙස් වල සරුභාවයටද ඉවහල් වේ.

මෙම ප්‍රතිකර්මයට පේර කොළ සාදාගන්න විශේෂ ක්‍රමයක් අවශ්‍ය නැහැ.ඔබට අවශ්‍ය නම් එය තේ එකක් ලෙස සාදාගත හැක.නැති නම් පිරිසිඳු වතුර භාජනයකට පේර කොළ අහුරක් දමා රත් කර මිනිත්තු 20ක් කැකෑරෙන්න තබා ලිපෙන් බා සම්පුර්ණයෙන්ම නිවෙන තුරු කාමර උෂ්ණත්වයේ තබන්න.

පසුව එය ගෙන හිස් කබලේ කේශ මුල වැසෙන පරිදි හොඳින් ගල්වන්න.පසුව මෘදුව සම්භාහනය කර පැය දෙකකට පමණ පසුව හිස සෝදන්න.ඔබට අවශ්‍ය නම් හිසට ආවරණයක් යොදා පුරා රැයක් තබා පසුදා උදෑසන වුවද සෝදා ඉවත් කල හැක.මෙමඟින් හිසකෙස් යාම නවතා ,කේශ මුල ශක්තිමත් කර,දිදුලන,සාරවත් කෙස් කළඹක් ලබා දෙයි.


(under the courtesy of wedamadura.com web)

More News »