Home / කේෂාලංකාර / වියළි කොණ්ඩය නිසා ඔයත් අවුලෙන්ද?

වියළි කොණ්ඩය නිසා ඔයත් අවුලෙන්ද?

2018-01-17 02:02:00       539
feature-top
අපි ගොඩක් දෙනාට තියෙන බරපතලම ප්ර්ශ්න වලින් එකක් තමයි මේ.කෙස් අග පැලීම කියන්නේ කොණ්ඩයේ වියළි බව පෙන්වනප්රෙධානම සාක්ෂියක් වන අතර ඒ හේතුවෙන් කෙස් ගස් කැඩී යාමද සිදුවෙනවා.වියළි කොණ්ඩය හරිම අකීකරුයි වගේම පෙනුමත් හරිම අවුල්සහගතයි.කවුද ඉතින් ඒකට කැමති වෙන්නේ?කොණ්ඩය තමන්ට ඕනි විදියට පාලනය කරගන්න බැරි වුනාම තමයි කට්ටිය කොණ්ඩය කපන්න පෙළඹෙන්නේ.මේකට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් විසඳුම තමයි ඔයා කොණ්ඩය සෝදන හැම වෙලාවකම ගැළපෙන කන්ඩිෂනර් වර්ගයක් පාවිච්චි කිරීම.ඒක හරිම පහසු වගේම සාර්ථක ප්රාතිකාරයක්.ගොඩක් ගෑණු ළමයි කන්ඩිෂනර් පාවිච්චි කරනවා තමයි.ඒ වුණත් සමහර අය නම් පාවිච්චි කරන්නේ නැහැ.අපි නම් කියන්නේ ඒ වගේ අයට පොඩ්ඩක් කන්ඩිෂනර් සත්කාරය කරලා බලන්න.ඔයාට වෙනසක් දැනේවි.වියළීමකින් තොරව කොණ්ඩය සුසිනිඳු වගේම සැහැල්ලු පෙනුමකින් ලබාගන්නත් කන්ඩිෂනර් සත්කාරය හරිම වැදගත්.

100%ක් සෝදාහැරීම

කොණ්ඩයේ පිරුණු බව ගැන ඔයා අවුලෙන් නම් ඔයාට පුළුවන් කන්ඩිෂනර් කොණ්ඩයෙන් 100%ක්ම සෝදාහරින්න.පසුව තුවායකින් පිසදමමින් වියළාගන්න.ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා කැමතිම විදියේ මෝස්තරයක් කොණ්ඩයට දාගන්න.මෙතැනදී ඔයාට පිරුණු කොණ්ඩයක් ලැබෙනවා විතරක් නෙවෙයි කොණ්ඩය හසුරවා ගන්නත් පහසුයි.

75%ක් සෝදාහැරීම

ඔයාට තියෙන්නේ ගොඩක් වියළි කොණ්ඩයක් නම්,ගැට අවුල් වගේ දේවල් වලින් පිරිච්ච කොණ්ඩයක් නම් ඔයාටතියෙන එකම හීනය ඒ වගේ කොණ්ඩයක් මට්ටු කරන එක වෙන්න ඕනි.එහෙනම් කන්ඩිෂනර් කරගත්ත ඔයාගේ කොණ්ඩය සම්පූර්ණයෙන්ම හෝදන්නේ නැතුව 75%ක් වගේ වෙන්න හෝදන්න.කන්ඩිෂනර් සුළු ප්රගමාණයක් ඔයාගේ කොණ්ඩයේ රැඳී තිබීමෙන් ඔයාගේ කොණ්ඩයේ තරමක තෙතමනයක් ද රැඳී තියෙනවා.ඒ විතරක් නෙවෙයි තරමක ඇලෙනසුළු බවකුත් තියෙනවා.ඒකෙන් හොඳකුත් වෙනවා.ඒ තමයි ඔයාගේ කොණ්ඩය වියළි ගතියෙන් ඈත්වෙලා දවස පුරාම සිල්කි විදියට තියෙන එක.

curtesy :beautifulu.lk


More News »