Home / කේෂාලංකාර / ලේසියෙන්ම ලස්සන කොණ්ඩයක්

ලේසියෙන්ම ලස්සන කොණ්ඩයක්

2018-01-22 04:03:00       118
feature-top
අපි කවුරුත් අහලා තියෙනවනේ “දෙයක් වුනාට පස්සේ වැඩක් නැහැ-ඒක වෙන එක වලක්වා ගැනීමයි වැදගත්” කියලා.ඒ කියමන බොහෝ දේවල් වලට අදාලයි.අද අපි කතා කරන අපේ කොණ්ඩයටත් ඒ කියමන හරිම අදාලයි.ඒ කියන්නේ කොණ්ඩයට හානි වෙලා ඒක ආපහු පරණ විදියටම ගන්න හුඟක් මහන්සි වෙනවට වඩා කොණ්ඩයට හානිවීමෙන් වැළකිලා ඉන්න එක තමයි හුඟක්ම වැදගත් වෙන්නේ.සමහර වෙලාවට අපි ටිකක් කැමතියි පොඩි වෙනසක් අත්හදා බලලා අපේ පෙනුම ටිකක් විතර වෙනස් කරගන්න.හෙයාර් කට් එකක්,හෙයාර් ස්ටයිල් එකක්,කලරින් එකක් හෝ ඩයිඑකක්කරලා මේ වෙනස ඇතිකරගන්න තමයි ගොඩක් අය කැමති.කොහොම වුණත් මේ වගේ දේකට ඕනිම කෙනෙක් ටිකක් යොමු වෙන්නේ තරමක විතර බයකුත් එක්ක.මොකද කරන්න යන වෙනසින් අපි බලාපොරොත්තු වෙච්ච දේම නොලැබුණොත්,කොණ්ඩයට හානි වුණොත්,අන්න ඒ වගේ ප්රිශ්න නිසා තමයි ඒ වගේ දේකදී අපි දෙපාරක් විතර ආපහු හිතන්නේ.කොහොම වුණත් ඒ වෙනස් කම් වල වාසි වගේම අවාසි නැතුවම නෙවෙයි.ඒ වුණත් මේ හැමදේම පරිස්සමට වගේ ලස්සනට කරගන්නත් ක්රනම සහ විධි තියෙනවා.එහෙනම් බලන්න මේ පියවර කිහිපය.කිසිම අමාරුවක් නැතුව ඔයාගේ ලස්සන කොණ්ඩයේ ලස්සන ඒ විදියටම රඳවාගන්න මේ දේවල් උත්සහ කරන්න.

#1 තෙල් භාවිතය.
විවිධ වර්ගයේ තෙල් අපේ කොණ්ඩයට ලබාදෙන්නෙත් විවිධ වර්ගයේ ප්රවතිපල.ඒ නිසා හොඳින්ම මතක තියාගන්න ඕනි දෙයක් තමයි අපිට අවශ්යට විදියේ ප්ර තිපල ගන්න නම් ඊටම විශේෂිත වුන තෙල් වර්ගයක් භාවිතා කිරීම වැදගත් කියන දේ.කෙටියෙන්ම කියනවා නම් ඔයාට අවශ්යන ඔයාගේ කොණ්ඩය ටිකක් පිරුණු,ඝනකොණ්ඩයක්බවට පත් කරන්න නම්,පොල්තෙල්,ඔලිව් තෙල් සහ අලිපේර තෙල් වැනි උකු තෙල් වර්ග ඊට හොඳින්ම ගැළපෙනවා.ඒ වගේමයි කුඩා ප්ර්මාණයන්ගෙන් ගන්න පුළුවන් ලැවෙන්ඩර්,ටී ට්රී සහ රෝස්මේරි වගේ තෙල් වර්ගත්කොණ්ඩයට නියම සත්කාරයක් ලබාදෙන්න කදිමයි.ඔයාට පුළුවන් වෙනස් විදියේ තෙල් සංයෝග වලිනුත් සාර්ථක ප්රනතිපල ලබාගන්න.පොල්තෙල් සහ ඔලිව් තෙල් කියන්නේ කොණ්ඩයට ශක්තිමත් බව වගේම දීප්තියක් ද ලබා දී අපේ කොණ්ඩයේ කෙස් ගස් මූලයන් සියුම් කිරීමට සමත් තෙල් වර්ග දෙකක්.පාවිච්චි කිරීමේ ක්රපමයත් හරිම වැදගත්.තෙල් බිංදුවක් හිස්කබලට දමා හොඳින් සම්භාහනය කිරීමෙන් සාර්ථක ප්රපතිපල ලබාගන්න පුළුවන්.රාත්රි යේදීකෙස්ගසේ මුල සිට අග දක්වාම සිදු කරන එම සම්භාහනයෙන් පස්සේ පසුදිනකොණ්ඩය හොඳින් සොදාගනීමටත් අමතක කරන්න එපා.

#2 අඩුවෙන්ෂැම්පු භාවිතය
ෂැම්පු වර්ග නිතර භාවිතයෙන් අපේ කොණ්ඩයේ ස්වභාවික තෙල් ගතිය ඉවත්ව යනවා.ඒ වුණත් ෂැම්පු භාවිතයෙන් අපේ කොණ්ඩය හොඳින් පිරිසිදු වන අතරම නැවත නැවත හිස්කබලේ තෙල් නිෂ්පාදනයට ද එයින් දිරිගැන්වීමක් ලැබෙනවා.ඒ නිසා මේ දේ නියමාකාරයෙන් කළමනාකරණය කරගැනීමට ඔයාවගබලාගැනීම අනිවාර්යයි.ෂැම්පු කරන්නත් ඕනි,කොණ්ඩය වියලෙන්නත් බැහැ,ඒ විතරක් නෙවෙයි හිස්කබලේ ස්වභාවික තෙල් ගතියට හානි වෙන්නත් බැහැ.දැන් මොකද කරන්නේ?ඔයාට පුළුවන් ෂැම්පු භාවිතය ටිකෙන් ටික අඩු කරන්න.ඩ්රටයි ෂැම්පු වර්ගත් මෙතැනදී ඔයාට උදව් වෙනවා.එතකොට කොණ්ඩයත් පිරිසිදුයි,තෙල් නිපැයුමට හානියකුත් නැහැ.කන්ඩිෂනර්භාවිතා කිරීමත් මෙතැනදී ඔයාට කරන්න පුළුවන්.ඒ වුණත් පරිස්සමින්.ඔයාටඝනකමින් යුතු කොණ්ඩයක් නැතිනම්,කෙස් ගසේ මුලට විතරක් කන්ඩිෂනර් පාවිච්චි කරන්න.හිස්කබලට ආලේප කරන්න එපා.

#3 හීට් එක(උණුසුම)අඩුවෙන්
හැමදාම වගේ කොණ්ඩය ස්ට්රේ්ට් කරන ඩ්රටයර්කරනඅයත් ඉන්නවනේ.මෙන්න මේ tip එක එයාලට.ඔයා දන්නවද?ඔයා නොදැනුවත්වම වගේ ඔය කරන්නේ ඔයාගේ කොණ්ඩයට පොඩ්ඩ පොඩ්ඩ හානිකරගන්න එක.ස්ට්රේාට්නර්,කර්ලර්ස්විතරක් නෙවෙයි උණුවතුරනෑම, අව්වටකොණ්ඩය නිරාවරණය වීමත් කොණ්ඩයට හානිකරනවා.ඒ නිසා ඒවගේ දේවල් වලින් වැළකිලා ඉන්න එකත් හරිම වැදගත්.ඒ නිසා ඔයාගේ තෙත කොණ්ඩය ස්වභාවිකව වියළා ගන්න හැමවෙලේම පුරුදු වෙන්න.අවුල් පෙනුමක් තියෙනවා නම් කන්ඩිෂනර් ටිකක් ආලේප කරන්න.ඔයාට කොණ්ඩය කර්ල් කරගන්න ඕනිම නම් අපේ ආච්චිඅම්මලා පාවිච්චි කරපු ක්රඩමය තමවත් නියමෙට වැඩ කරනවා.දැකලා ඇතිනේ එයාලා රෑ තිස්සේ කොණ්ඩයට රෝලර්ස් දාගෙන ඉන්නවා.ඉතින් ඔයත් රෑට එහෙම රෝලර්ස් පාවිච්චි කරලා උදේට කොණ්ඩය හදාගන්න.ස්ට්රේනට් කරන අයට නම් ඒ වගේ සිම්පල් tip එකක් නෑ.ඒ වුණත් ඔයාට පුළුවන්,හීට්ප්රොසටෙක්ටිව්(දැඩි උණුසුමෙන් රැකවරණය ලැබෙන)කන්ඩිෂනර් එකක් ආලේප කරලා ඔයාගේ වැඩේ කරගන්න.

curtesy :sinhala.beautifulu.lk


More News »