Home / කේෂාලංකාර / ලස්සන කොණ්ඩයක් දෙන නිරෝගීමත් හිස්කබලක්..

ලස්සන කොණ්ඩයක් දෙන නිරෝගීමත් හිස්කබලක්..

2018-01-26 02:08:00       651
feature-top
ඔයාගේ එකම බලාපොරොත්තුව ලස්සන කොණ්ඩයක්,නිරෝගී හිසක් නම් ඔයාට ඔයාගේ හිස්කබල නම් කොහොමටවත් අමතක කරන්න බැහැ.කොහොමද හිස්කබලට නිවැරදිව සත්කාර කරන්නේ?අපි අද ඒ ගැන කතා කරමු.

01. දිනපතා සේදීම හිස්කබල සෞඛ්ය්සම්පන්නව තැබීමට එක් හේතුවක්.
ඔයා දිනපතා ඔයාගේ හිස්කබල නිවැරදිව පිරිසිදු කරමින් සෝදනවා කියන්නේ එහි ඇති අමතර තෙල් තට්ටු වලින් වගේම හිස්හොරි කරදරයෙන් ඔබේ හිස්කබල ඈත් කර තබනවා.ඒ විතරක්ම නෙවෙයි එය නැවුම්ව සහ නිරෝගීව තබනවා.

02. හිස සම්භාහනය නිවැරදිව කිරීමෙන් හිස්හොරි වදයට තිත තබන්න.
හෙඩ් මසාජ් එකකට නම් කවුරුත් කැමතියි නේද?ඒ ඒකේතියෙන සැප පහසුව නිසාමයි.දැන් ඔන්න ඒකට තවත් හේතුවක් තියෙනවා.අඩුම ගානේ මාසෙකට සැරයක් හරි ඔයත් හෙඩ් මසාජ් එකක් දාගන්නවනම් ඔයාට හිස්හොරි කරදරෙන් හරිම ඉක්මනට ගැලවෙන්න පුළුවන්.මසාජ් ඒකෙන් රුධිර ගමනාගමනය වේගවත් වෙන නිසා ඔයාගේ හිස්කබල නිරෝගී වෙනවා වගේම හිස්හොරි රහිතව තියාගන්නත් උපකාරී වෙනවා.

03. ඉර එළියෙන් ඈත් කරන්න.
ඕනාවට වැඩිය ඉර එළියත් ඔයාගේ හිස්කබලට ලෙඩ ගෙනදෙනවා.ඔයත් නිතරම වගේ එළිමහනේ ගැවසෙන කෙනෙක් නම්,නිතරම ඔයා ලඟින් කුඩයක් වගේ දෙයක් තියාගන්නත් අමතක කරන්න එපා.අහිතකර ඉර එළිය නිසා ඔයාගේ හිස්කබල හරිම ඉක්මනින් වියළීමට ලක්වෙනවා.

04. ව්යාඅයාම මගින් හෘදස්පන්දනය වේගවත් කරගන්න.
ව්යාගයාම ඔයාගේ ශරීරය ශක්තිමත්ව තියාගන්න උදව් වෙනවා විතරක්ම නෙවෙයි.ඉන් රුධිර සංසරණයවේගවත් වෙලා අත්ය වශ්යත පෝෂක කොටස් ඔයාගේ හිස්කබල වෙත ගෙනියන්නත් උදව් වෙනවා.එහිප්ර තිපලයට නම් ඔයා ගොඩක් කැමති වෙයි.ඒ කියන්නේ හිසකෙස් වර්ධනය වීමේ වේගයත් වැඩිවෙනවා.ඒ නිසා ඇඟ ටිකක් මහන්සි කරලා ව්යාකයාම කරලා ඇඟ,කොණ්ඩය වගේම හිස්කබලත් නිරෝගීව තබාගන්න.

මේ සරල පියවර කිහිපයෙන් ඔයාටත් පුළුවන් ශක්තිමත් වගේම සෞඛ්‍ය සම්පන්න හිස්කබලක් හිමිකරගන්න.ඒකේ ප්රටතිපලයක් විදියට ඔයාට ලස්සන කොණ්ඩයක් අයිති කරගන්නත් පුළුවන්.

curtesy :beautifulu.lk


More News »