Home / කේෂාලංකාර / හිස කෙස් අග පැලීම වලක්වාගැනීමට කළ හැකි දෑ 5ක්

හිස කෙස් අග පැලීම වලක්වාගැනීමට කළ හැකි දෑ 5ක්

2018-03-16 01:36:00       868
feature-top
නිරෝගී, සුන්දර කෙස් කලඹක් හිමි කරගැනීමට නම් හිස කෙස් අග පැලීම කෙසේ හෝ වලක්වාගත යුතු වනවා. ඔබ හිස කෙස් අග පැලීම වලක්වාගැනීම සඳහා කොතරම් රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කළත්, හිස කෙස් අගින් කපා දැමුවත් ඇතැම් විට ඒවායින් විසඳුමක් නොලැබෙන්නේ ඔබේම ඇතැම් පුරුදු නිසා විය හැකියි. මේ ලිපියේ අරමුණ හිස කෙස් අග පැලීම වළක්වාගැනීම සඳහා ඔබට කළ හැකි දෑ කිහිපයක් පිලිබඳ දැනුමක් ලබා දීමයි.

හිස කෙස් පැලීමට බලපාන සැබෑ හේතුව හඳුනා ගැනීම.
කිසියම්ම හො ප්‍රතිකර්මයක් කිරීමට පෙර මුලින්ම ඔබේ ගැටළුව ඇති වීම කෙරෙහි බලපාන සැබෑ හේතුව හඳුනාගැනීම අත්‍යාවශ්‍යයි. නැත්නම් වන්නේ ඔබේ කාලය, ශ්‍රමය වගේම මුදල්ද නාස්ති වී ගොස් හිතේ අසතුටක් ඉතිරි වීම පමණයි. හිස කෙස් හානි සඳහා බලපාන ප්‍රධාන හේතූන් පහත ලෙස දැක්විය හැකියි.

දැඩි හිරු රශ්මියට වැඩි වේලාවක් නිරාවරණය වන සේ සිටීම.
කොණ්ඩය වියළන විට අධික උණුසුමක් ලැබෙන සේ උණුසුම් කරවනය සැකසීම.
කොණ්ඩා මෝස්‌තර සඳහා නිතර උණුසුම් කරවන උපකරණ (heating tools) යොදාගැනීම.
කොණ්ඩය පීරීමට නොගැලපෙන පනා, බුරුසු යොදාගැනීම.
ස්නානයෙන් පසු හිස කෙස් වියලා ගැනීමට තුවාවලින් තදින් පිස දැමීම.

ඔබත් මෙවන් පුරුදු අනුගමනය කරීමට හුරුව සිටිනවානම් ඒවායින් හැකිතාක් වැළකීමයි කළ යුතු වන්නේ.

රූපලාවණ්‍ය වෘත්තිකයෙකුගේ සහය ලබා ගන්න.
හිස කෙස් පිලිබඳව වෘත්තීය මට්ටමේ දැනුමක් ඇති අය රූපලාවණ්‍ය ක්ෂේතයේ සිටිනවා. ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීම සෑම විටම නුවණට හුරු කටයුත්තක්.

හිස පීරීම සඳහා ගැළපෙන පනාවක්, බුරුසුවක් භාවිතා කරන්න.
ඇතැම් බුරුසු හා පනා නිසා හිස කෙස් අග පැලීම පනමක් නොව අනවශ්‍ය ආකාරයට හිස කෙස් ගැලවී යාමද සිදුවනවා. ඊට අමතරව හිස පීරන විට වේදනාවක් ඇති කරවීමටද වගකිව යුත්තේ නිසි ප්‍රමිතියකින් තොර බුරුසු සහ පනා වර්ගයි. ඇතැම් බුරුසු වර්ග නිපදවා ඇත්තේම හිස කෙස්වලට අහිතකර අමුද්‍රව්‍ය වලින්. ඒ නිසා හිස පීරන බුරුසුවක්, පනාවක් මිලට ගන්නා විට සෑම විටම එහි ප්‍රමිතිය පිලිබඳ සැලකිලිමත් වීම වටිනවා.

හැකි සෑම විටම හිස කෙස් මද පවනේ වියලාගන්න.
මීට ඉහත සඳහන් කළා මෙන් හිස කෙස් වියළා ගැනීමට හිස කෙස් වියලනයක් භාවිතා කිරීමේදී මෙන්ම තුවායකින් තදින් පිස දැමීමේදී ද ඔබේ හිස කෙස් අග පැලී යා හැකියි. ඒ නිසා හැකි සෑම විටම ස්නානයෙන් පසු හිස කෙස් යන්තමින් පිස දමා වියලීමට ඉඩ හැරීමයි කළ යුත්තේ. නමුත් වියලා ගැනීම ඉක්මනින් කළ යුතු විටෙක ඒ සඳහා හිස කෙස් වියලනයක් භාවිතා කරන්නේ නම් එය හිසට අඩියක් පමණ දුරින් තබාගෙන වියලා ගැනීම සුදුසුයි.

හිස සෝදාගැනීමට ඇල් ජලය භාවිතා කරන්න.
ඇල් ජලය සමට පමණක් නොවෙයි හිස කෙස් වල ආරක්ෂාවටත් උපකාරී වනවා. හිස කෙස් නිරෝගීව තබා ගැනීමට අවශ්‍ය තෙතමනය ලැබෙන්නේ ඇල් ජලයෙන්. ඒ නිසා හැකි සෑම විටම හිස කෙස් සෝදාගැනීමට ඇල් ජාලයම භාවිතා කිරීමට හුරුවන්න.

curtesy : asapuwa.info


More News »