Home / කේෂාලංකාර / කෙස් කළඹේ වරුණ

කෙස් කළඹේ වරුණ

2018-03-19 01:19:00       261
feature-top
තමන්ගේ කෙස් කළඹ බලන්නන්ට ප‍්‍රිය උපදවන ආකාරයට සුන්දරව තබා ගන්නට කවුරුත් ආසයි. විශේෂයෙන්ම කාන්තාවන් තම කෙස් කළඹ ගැන දක්වන්නේ නොමද සැළකිල්ලක්. කෙස් කළඹක වටිනාකම ගැනත් තමන්ගේ කෙස් ආශ‍්‍රිතව ඇතිවන ගැටළු පිළිබඳවත් වෛද්‍ය විද්‍යාත්මක දෘෂ්ඨි කෝණයෙන් විමසීම මේ ලිපියේ අරමුණයි.

වෛද්‍ය විද්‍යාත්මකව ගත්තොත් හිසකෙස් කියන්නේ මැරුණූ අවයවයක්. කෙරටින් යනුවෙන් හැඳින්වෙන මැරුණූ ෙසෙල වලින් කෙස් ගස සමන්විත වෙනවා. අපට පෙණෙන කෙස් ටික එහෙම වුණාට කෙස් ගස මුල තියෙන හිසට කෙස් සම්බන්ධ වන ස්ථානයේ තියෙන ෙසෙල නම් ඉතා ක‍්‍රියාකාරී මට්ටමකින් තියෙන බවත් කිව යුතුමයි. එම ෙසෙල මගින් තමයි හිසකෙස් වල වර්ධනය සිදු වන්නේ.

අපේ හිසකේ වල වර්ධනය සිදු වන්නේ චක‍්‍රයක ආකාරයෙන් බවත් කියන්න ඕනි කාරණයක්. හිසකෙස් ගසේ වර්ධනය අදියර තුනක් ඔස්සේ සිදු වෙනවා.

කෙස්ගස වර්ධනය වන හැටි

කෙස්ගසේ වර්ධනය සිදුවන අවධිය Anagen phase
කෙස්ගස වර්ධනය වීම නවතින අවධිය Telogen Phase
කෙස්ගස ගැලවී යන අවධිය Catagen Phase
අප මිය යන තුරුම මේ තෙවැදෑරුම් චක‍්‍රය ක‍්‍රියාත්මක වන අතර චක‍්‍රයේ පළමු අවදිය දිගු වූ තරමට කෙස්ගස වර්ධනය වී දිගුවන අතර දෙවන අවධිය ප‍්‍රමුඛ වූ විට සිදු වනුයේ හිසකෙස් වර්ධනය වී අඩුවී හැලී යාම වැඩි වීමයි.

මෙම චක‍්‍රයේ පැවැත්ම කෙරෙහී ජානමය සාධක බලපානවා. පාරිසරික සාධකත් බලපානවා.

අධික ලෙස හිසකෙස් හැලීම
අධික ලෙස හිසකෙස් හැලීම අප බොහෝ දෙනෙකුට ඇති ප‍්‍රධාන ගැටළුවක්. එය බොහෝ දෙනා අතරේ සුලබයි. එයට ඇතැම් රෝග තත්ත්වද හේතුවන බව පෙනෙන්න්ට තිබෙනවා.

Androgenetic Alopecia
ලිංගික හෝමෝන වල ඇතිවන වෙනස්කමක් නිසා මේ තත්ත්වය ඇතිවේ. ගැහැනු, පිරිමි කොයි කාටත් එකසේ බලපෑ හැකි රෝගයක් වූවත් පිරිමින් අතරේ තරමක් වැඩියි.

Telogen effluvium
ඉතාමත් සුලබ තත්ත්වයකි. මෙය රෝගයක් නොවන අතර නොයෙකුත් කායික හා මානසික පීඩා නිසා හිසකෙස් වලට ඇතිවන බලපෑමක් ලෙස හැඳින්විය හැකිය. හිසකෙස් වල වර්ධනය වන අවස්ථාව විශාල වශයෙන් දෙවන අවස්ථාවට පත්වීමයි. වාසනාවට මෙය තාවකාලික තත්ත්වයකි. මාස කිහිපයකින් නැවතත් යථා තත්ත්වයට පත් වේ.

Alopecia areata
මෙය සාමාන්‍ය ව්‍යවහාරයේදී ‘‘උදුව්වා කෑම’’ යනුවෙන් හදුන්වන මුත් ඇත්ත වශයෙන්ම මෙය සතෙකුගේ ක‍්‍රියාකාරිත්වයක බලපෑමක් නිසා ඇතිවන තත්ත්වයක් නම් නොවේ. මෙහිදී හිසකේ යාම තැනින් තැන රවුමක් ආකාරයට ඇතිවේ. ඇතැම් විට සම්පූර්ණ කොණ්ඩයම හසු වීමටද ඉඩ තිබේ.

මෙයට අමතරව ශරීරයේ හටගන්නා ඇතැම් රෝග තත්ත්ව හා ගන්නා ඖෂධ වර්ග නිසාද හිසකෙස් ගැලවී යාම උත්සන්න විය හැක.

හිසකෙස් ගැලවීම වැඩි කරන රෝග
තයිරොයිඞ් ග‍්‍රන්ථියේ ආබාධ
යකඩ ඌණතාවය
SLE රෝගය
පිළිකා වලට කරන ප‍්‍රතිකාර
විකිරණ චිකිත්සාව
රෝග තත්ත්වයන් නම් නිසියාකාරව පාලනය කිරීමෙන් අනතුරුව හා පිළිකා ප‍්‍රතිකාර අවසන් කර ටික කාලයකින් පසුව හිසකෙස් නැවත වර්ධනය වන්නේය.

හිස් කබලේ සමෙහි හටගන්නා නොයෙකුත් රෝගද හිසකෙස් හැලීමට හේතු විය හැක. අධික ලෙස හිස්සොරි පැවතීම හා පොතුකබර රෝගය ඊට නිදසුන් වේ.

හිසකෙස් ගැලවී යාම මෙන්ම කෙස්ගස කැඞී යාමද සුලබව දක්නට ලැබෙන තත්ත්වයකි. කුඩා දරුවන් අතර මේ ආකාරයෙන් කෙස් කැඞී යාම සුලබව දක්නට ලැබේ නම් එය ජානමය සම්භවයක් සහිත තත්ත්වයක්ද යන්න විමසා බැලීම වැදගත් වේ. මෙහිදී හිසකෙස් අන්වීක්ෂයක් මගින් පරීක්ෂාවට ලක් කර රෝග නිර්ණය සිදු කරණූ ලැබේ.

තරුණ තරුණියන් අතරේ මේ ආකාරයට කෙස් කැඞී යනවා නම් එය ඔවුන් සිදු කරන වෛවාරන්න විලාසිතා වන්නටද ලොකු හැකියාවක් තිබේ. මෙකල හිසකෙස් වලට හානි කරන විලාසිතා කිහිපයක් මතු දැක්වේ.

හිසකෙස් කෘත‍්‍රීම ලෙස රැළි කිරීම. (Curling & Perming)
හිසකෙස් වල රැළි ඉවත් කිරීම.
හිසකෙස් වර්ණ ගැන්වීම.
(Hair Strengthning & Rebonding)
මෙවැනි ප‍්‍රතිකාර වලින් පසුව හිසකෙස් ආපදාවට ලක්වූ හිසකෙස් ඝනයට වැටෙන අතර  (Damaged Hair) ඒවා තවදුරටත් රැකගැනීමට සුදුසු ෂැම්පු වර්ග, කන්ඩිෂනර් වර්ග හා තෙල් සත්කාර යොදා හිසකෙස් නිසි පරිදි ආරක්ෂා කරගැනීමට පියවර ගත යුතුය.

අද බොහෝ දෙනාගේ හිසකෙස් අඩු වයසෙන් සුදු වන අතර ජීවිතයේ දෙවන දශකයේදී හිසකෙස් සුදු වන්නේ නම් එය අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සැළකෙයි. මේ ආකාරයෙන් ලාබාල වයසේදී හිසකෙස් සුදු වීමට බලපාන හේතු කිහිපයක් මෙසේ දක්වමු.

ජානමය සාධක ඇතැම් පවුල් වල උරුමයක් ලෙස අඩු වයසෙන් හිසකෙස් සුදුවීම දක්නට ලැබේ. මෙය මවගේ හෝ පියාගේ පාර්ශ්වයෙන් ජානමය වශයෙන් උරුම වන ගති ලක්ෂණයක් නිසා සිදුවන අවස්ථා තිබේ.

curtesy :doctormagazine.lk


More News »