Home / කේෂාලංකාර / සාදයට යන ඔබට හැඩකාර පෙනුමකට කොණ්ඩ මෝස්තරයක්

සාදයට යන ඔබට හැඩකාර පෙනුමකට කොණ්ඩ මෝස්තරයක්

2018-03-21 09:16:00       788
feature-top
සාදයකට යාමට සූදානම් වීමේ දී ඇඳුම් පැලඳුම් ගැන මෙන්ම කොණ්ඩ මෝස්තරය ගැනත් වැඩි සැලකිල්ලක් දක්වන්නට සිදුවෙනවා. ඒ මුහුණට ගැළපෙන ලෙස යොදන කොණ්ඩ මෝස්තරයකින් වැඩි ලස්සනක් හැඩකාර පෙනුමක් ඉස්මතු වී පෙනෙන නිසයි.
 
ඉතින් මේ කොණ්ඩ මෝස්තරය බලන්න ඔබේ කැමැත්තත් සමඟ සැසඳේවිද කියා.

මුලින්ම කොණ්ඩය හොඳින් බ්ලෝඩ්‍රයර්කර සූදානම් කරගන්න.

1. කොණ්ඩය ඉදිරිපසින් වී (ඍ) හැඩයට සිටින සේ කොටසක් වෙන්කර ගන්න

2. සම්පූර්ණ කොණ්ඩයම හිස්මුදුනින් උඩට ගෙන පෝනිටේලය දමාගන්න.

3. පෝනිටේලය පිටුපසින් දිග බන් එකක් තබා කටුගසා ගන්න.

4. ඉන්පසු පෝනිටේලය මුලට හෙයානෙට් එකක් රඳවා පෝනිටේලය එයට ඇතුළු කරන්න.

5. එම කොටස විහිදෙන සේ පළල් කරන්න.

6. දැන් කලින් රැඳවූ බන් එක එයින් ආවරණයකර වටේට කටුගසා ගන්න.

7. ඉන්පසු ඉදිරිපස ඉතිරිකරගත් කොටස ෆි‍්‍රන්ජ් එකක් ආකාරයට සකස්කර මෙහි පෙනෙන අයුරින් රඳවා ගන්න.

8. හෙයාර්ස්ටයිල් එකට වැඩි අලංකාරයක් එක්කරගැනීම සදහා ගැළපෙන ආකාරයේ හිස්පලඳනාවක් රඳවා ගන්න

curtesy :tharunie.lk



More News »