Home / කේෂාලංකාර / කොණ්ඩය straightening කිරීම ඔබට අහිතකරද?

කොණ්ඩය straightening කිරීම ඔබට අහිතකරද?

2018-04-02 12:21:00       308
feature-top
කොණ්ඩය ස්ට්‍රේට්නින්ග් (hair straightening) කිරීම, relax කිරීම හා Keratin treatment ආදිය අද සමාජයේ වයස් භේදයකින් තොරව කාන්තාවන් අතර මෙන්ම තරුණයන් අතරත් ජනප්‍රිය විලාසිතාවක් වේ.

මෙමගින් සිදුකරනු ලබනුයේ හිසකෙස්වල ස්වභාවික රළු ගතිය ඉවත්කර, වඩාත් පහසුවෙන් හැසිරවිය හැකි, සිනිදු කෙස් කලඹක් ලබාදීමයි. හිසකෙස්වල ස්භාවය තීරණය කරන්නේ එහි අඩංගු කෙරටින් නම් සංගටකය මගිනි.

බාහිරින් යොදනු ලබන රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපනයක් හිසකෙස්වල ආලේප කර මදක් රැදෙන්නට හැර, පසුව අයර්න් ( ironing ) කිරීම සිදුකරනු ලබයි. මෙහි බලපෑම නිසා හිසකෙස්වල අඩංගු කෙරටින් හි ස්වභාවික සංයුතිය වෙනස් කර නව සංයුතියක් ඇතිකරවීම මගින් හිසකෙස් වඩාත් සිනිදු, කැරැලි රහිත බවට පත්කරයි.

බොහෝ අයට ගැටළුවක් වනුයේ මෙම ආලේපන සදහා formaldehyde (ෆොමැල්ඩ්හයිඩ්) එනම් සාමන්‍ය ව්‍යහාරයේ ෆෝමලීන් ( formalin ) නම් රසායනික ද්‍රව්‍ය යොදාගන්නේද, හා එමගින් සෞඛ්‍යයට අහිතකර බලපෑමක් ඇතිවන්නේද යන්නයි. බොහෝමයකගේ මතය වනුයේ ෆොමැල්ඩ්හයිඩ් පිළිලකාරී වන බවයි. නමුත් ඒ බව සනාථ කිරීම සදහා විද්‍යාත්මක සාධක තවමත් ඉදිරිපත් වී නොමැත. සත්ව විශේෂ යොදා සිදුකරනු ලද පරීක්ෂණ වලින්, යම් සත්ව කොට්ටාශ වලට පිළිකාකාරී වන බව පිළිගෙන ඇතිමුත්, එය මිනිසුන්ටද අහිතකර වන බව තහවුරු කර නැත.

ෆොමැල්ඩ්හයිඩ් එනම් ෆෝමලීන් සමග නිතර ගැටෙන පිරිසක් වන්නේ මෘතදේහ කල්තබා ගැනීම සදහා එම්බාම් ( embalming ) කටයුතු වල යෙදෙන පිරිස්ය. ඔවුන් ආශ්‍රිතව සිදුකරන ලද සමීක්ෂණ වලින්, මොළයේ සහ රුධිර ආශ්‍රිත පිළිකා සදහා ඔවුන්ගේ වැඩි අවධානමක් ඇතිබව සොයාගෙන තිබෙනවා. නමුත් රුපලාවන්‍ය ශිල්පින් හෝ වසරකට කිහිප වරක් straightening සදහා යොමුවී සිටින කාන්තාවන් සදහා එවැනි අවධානමක් තවමත් වාර්තා වී නොමැත. පිළිකාකාරී නොවූවද, straightening සදහා රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා හිස් කබල මත හෝ අවට සම එනම්, මුහුණ සහ බෙල්ල ආදී ප්‍රදේශවල රතුවීම, කැසීම හා පලු දැමීම ආදිය සිදුවිය හැක. මිට අමතරව එම රසායනික ද්‍රව්‍ය සහිත වායු ආග්‍රහණය නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයන්, නාසය හා උගුර හා පෙනහළු ආශ්‍රිත උත්දීපනයක් ඇතිවිය හැක. මේ හේතුවෙන් පපුව බරවීම, හුස්ම ගැනීමේ අපහසුව, උගුරේ වේදනාව, හිසරදය, නාසය හා ඇස්වල දැවිල්ලක් ඇතිවිය හැක.

thinkstock_rf_photo_of_hair_productsඔබ නිරන්තරයෙන්ම straightening සදහා යොමුවන කෙනෙක් වුවද, මෙවන් අවස්ථාවලට මුහුණ දී නොමැති නම් එවැන්නක් සිදුවීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩුය. අසාත්මිකතා සදහා වැඩි ප්‍රවණතාවක් ඇති පුද්ගලයන් මෙම රසායනික ද්‍රව්‍ය සදහාද ඉක්මනින් ප්‍රතික්‍රියා දැක්වීමට වැඩි ඉඩක් ඇත.

රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් සිදුකරන මෙම ක්‍රියාවලියන් වසරකට තුන් වතාවකට වඩා සිදුනොකිරීම මගින්, හිසකෙස් වලට ඇතිවිය හැකි අධික හානිදායක තත්වයන් (රළු වීම, දුර්වර්ණ වීම හා පසුවෙන් ගැලවියාම) මගහරවා ගත හැක.

එලෙසම භාවිතයට පෙර භාවිතා කෙරෙන ආලේපනයේ ස්භාවයට හිසකෙස් වලට ඔරොත්තු දිය හැකිද ? ඔබගේ හිසකෙස්වල ස්භාවයට ගැලපේද? කිසියම් හෝ අසාත්මිකතාවයකට හේතුවිය හැකිද යන්න සොයාබැලිය යුතුයි. මේ සදහා

ප්‍රථමයෙන් හිසකෙස් කිහිපයක අගිසි වල අලේප කර තබා නිරීක්ෂණය කිරීම. -අසාත්මිකතාවයන් ඇතිවීම වලක්වා ගැනීමට සම මතුපිට මදක් අලේප කර ප්‍රතික්‍රියාවක් ඇතිවේද යන්න නිරීක්ෂණය කිරීම. -මිට ඉහතදී යම් අසාත්මිකතාවයක්, හිසරදයක් ඇතිවී ඇත්නම් ඒ පිළිබඳව රූපලාවණ්‍ය ශිල්පියා දැනුවත් කිරීමද වැදගත් වේ.

කෙසේවුවද වෙළදපොළේ ඇති විවිධ වර්ගවල ආලේපන අතුරින් ඔබ හුරුවී ඇති එක් වර්ගයක් දිගටම භාවිතා කිරීමත්, භාවිතා කරන වර්ගය ෆොමැල්ඩ්හයිඩ් සහිතද/රහිතද යන්න රුපලාවන්‍ය ශිල්පියාගෙන් අසා තහවුරු කරගෙන ෆොමල්ඩ්හයිඩ් රහිත වර්ගයකට යොමුවීම මගින් අපහසුකාරී තත්වයන්ට හා පිළිලකාරී තත්වයන් පිළිබද අනවශ්‍ය බියකින් මිදීමට ඔබටත් හැකිවේවී.

curtesy : askmydoctor.lk



More News »