Home / කේෂාලංකාර / අධික හිසකෙස් වැටීමට ඊස්තටික් ප්‍රතිකාර

අධික හිසකෙස් වැටීමට ඊස්තටික් ප්‍රතිකාර

2018-04-05 10:31:00       641
feature-top
කාන්තාවකගේ රුව ඔප් නංවන ප්‍රධාන සාධක අතළොස්සෙන් එකක් ලෙස හිසකෙස් හැඳින්විය හැකියි. ලස්සන කෙස් කලඹක් ඇති යුවතියක දෙස ගැහැනු පිරිමි කොයි කාගේත් නෙත් දිව යන්නේ ඒ ලස්සන නෙතට හසුකර ගැනීමේ ආසාව නිසාමයි.
 

ගැහැනු රුවකට පමණක් නොව, පිරිමියකුගේ කඩවසම් පෙනුමට ද හිසකෙස් මඟින් ගෙන දෙන්නේ අප සිතනවාටත් වඩා ප්‍රමුඛස්ථානයකි.

එහි වැදගත්කම දැනෙන්නේ හිසකෙස්වල යම් යම් ගැටලු ඇති අයටයි. හිසකෙස් රැක ගැනීමට උනන්දු නොවන බොහෝ දෙනා ගැටලු ඇති වූ විට දී ඔලුව ගිනි ගත්තවුන් මෙන් පිළිතුරු සොයා වෙහෙසේ.

ඒ නිසාම අද අපි ඔබට ඊස්තටික් මෙඩිසින් මඟින් කෙස්කලඹේ ඇතිවන ගැටලුවලට ප්‍රතිකර්ම කළ හැකි ආකාරය හඳුන්වා දෙන්නේ ඉන් ඔබට අස්වැසිල්ලක් ලබා ගත හැකි නිසයි.

බොහෝ කාන්තාවන්ට ඇති ගැටලුවක් වන්නේ හිසකෙස් අධික ලෙසින් ගැලවී යාමයි.

ඇතැම් අය සාමාන්‍ය ලෙස කෙස් ගැලවී යාම ද අධික ලෙස හිසකෙස් ගැලවී යාම යැයි වරදවා වටහාගෙන බිය වී අනවශ්‍ය ලෙස ඖෂධ, ආලේපන ආදියට යොමු වේ.

අධික කෙස් ගැලවීම

සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ හිසෙන් හිසකෙස් 50-100 ක් පමණ ප්‍රමාණයක් ගැලවී යාම ගැටලුවක් නොවේ. මෙය සාමාන්‍ය තත්ත්වයකි.

මීට වඩා අධික ප්‍රමාණයක් කෙස් දිනකට ගැලවී යන්නේ නම් පමණක් ඒ සඳහා පිළිතුරක් සෙවිය යුතුය.

බොහෝ විට හිසේ කෙස් ප්‍රමාණය දිනෙන් දින අඩු වීම ඔවුනගේ මනසට ද ගැටලුකාරී තත්ත්වයක් ගෙන දේ. එම නිසා එය දෛනික වැඩකටයුතුවලට ද බාධාවක් විය හැකිය.

හේතු

හිසකෙස් අධික ලෙස ගැලවී යාමට හේතු වන කාරණය කුමක්දැයි අපි ප්‍රතිකාර කිරීමට පළමුව සොයා බැලිය යුතුය.

මෙම තත්ත්වය පිරිමින්ට වඩා වැඩියෙන් කාන්තාවන්ට බලපෑම් කරන බව ද කිව යුතුයි. නිදිවරාගෙන පාඩම් කරන විට මෙන්ම ගැබිනි වියේ සිටින කාන්තාවන්ගේ ද හිසකෙස් ගැලවී යාම සිදු වේ. සෑම තැනකම, නිදාගත් කොට්ටයේ පවා හිස කෙස් ගැලවී තිබේ නම් මෙය සාමාන්‍ය තත්ත්වය ඉක්මවා යන්නකි.

එමෙන්ම ශරීරයේ යම් යම් රෝගාබාධ හේතුවෙන් ද හිස කෙස් අධික ලෙස ගැලවී යයි. මෙහිදී පෝෂණ ඌණතා හේතුවෙන් ද හිසකෙස් ගැලවී යා හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

නිදිවරණ රැකියා ආදිය කරන අයට බොහෝ විට විවිධ පෝෂණ ඌණතා ඇති විය හැකියි. පෝෂණ ඌණතා ඇති අය එම ඌණතාවන් ඇති පෝෂණ කොටස් අඩංගු ආහාර ලබා ගෙන මේ තත්ත්වයෙන් මිදීමට කටයුතු කළ යුතුය. ඩෙංගු ආදී උණ රෝග වැළඳුණ විට, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශි‍්‍රත ගැටලු හා රෝගබාධ ඇති අයට මෙන්ම මානසික ආතතිය ඇති විට ද හිස කෙස් අධිකව ගැලවී යයි.

ඇතැම් රෝග සඳහා සිදු කරන රසායනික ප්‍රතිකාර අධික ලෙස සිදු කිරීමත් ඇතැම් ඒවා නිසි ප්‍රමිතියකින් තොරව සිදු කිරීමත් හිස කෙස් අධික ලෙස ගැලවී යාමට හේතුවේ. පුද්ගලයන්ගේ විවිධ ජීවන රටා ද මේ සඳහා හේතු වේ.

උදාහරණයක් ලෙස හිසකෙස් අදිමින් පීරනවා නම්, කොණ්ඩය කොටසක් නිතර අල්ලනවා නම්, හිසකෙස් අදිනවා නම්, උණු වතුරින් ස්නානය කරනවා නම් හිසකෙස් අධික ලෙස ගැලවී යාමට හැකිය.

මේවායින් තමන් සතු වැරැදි ක්‍රියාව කුමක්දැයි තේරුම්ගෙන ඉන් වැළකීම සරලව ම සිදු කළ හැකි දෙයකි.

එමෙන්ම හිසකෙස්වල හා හිස් කබලේ රෝග නිසාද හිසකෙස් අධිකව ගැළවී යයි. ඇතැම් දිලීර රෝග, ඉස්හොරි, සොරායසිස් ආදිය එයට නිදසුන් ය.

පිළියම්

ඊස්තටික් මෙඩිසින්වලින් මේ සඳහා සිදු කෙරෙන්නේ හිසකෙස්වල පෝෂණයට අතිරේකයක් ලබා දීමයි.

හිසකෙස්වල ශක්තිමත් භාවයට ඖෂධීය ආලේපන හා විශේෂිත වූ ප්‍රතිකාරයක් සිදු කරයි. ඒ මඟින් කෙරෙන්නේ හිස් කබලේ රුධිර ගමනාගමනය වැඩි කිරීමට ලයිට් තෙරපි එකක් සිදු කිරීමයි.

ඒ සමඟින්ම එම පුද්ගලයාගේ රුධිරයෙන් ලබා ගන්නා ප්‍රෝටීන් වර්ග හිස් කබලේ තැන්පත් කිරීමෙන් ඉක්මනින් ම හිසකෙස් වැටීම නැවතීමත් හිසකෙස් වැවීම ඉක්මන් කිරීමත් සිදු කළ හැකිය.

මෙහි කිසිදු අතුරු ආබාධයක් නොමැති වීම විශේෂත්වයකි.

තැවි තැවී නොසිට මෙවැනි ප්‍රතිකර්මයක් සිදු කළ පසුව නැවතත් ඔබට පෙර මෙන්ම ලස්සන කෙස් කලඹක හිමිකාරියක විය හැකියි.

මෙවැනි රූපලාවණ්‍යයේ ඇති ඔබට විසඳාගත නොහැකි, හිතට කරදරයක් වී ඇති ගැටලු ඇත්නම් අපවෙත එවන්න. අපි මේ මඟින් ඔබට ඒ සඳහා පිළිතුරු ලබා දෙන්නෙමු.

curtesy :tharunie.lk


More News »