Home / කේෂාලංකාර / සුදු කොණ්ඩ කළු කරන විශ්මිත දේශීය ඖෂධ වට්ටෝරුව මෙන්න

සුදු කොණ්ඩ කළු කරන විශ්මිත දේශීය ඖෂධ වට්ටෝරුව මෙන්න

2018-07-06 12:27:00       518
feature-top
අද පවතින විවිධ ඩයි වර්ගවලින් කරන්නේ හිසේ මතුපිටට පෙනෙන සුදු පැහැය මකන එක විතරයි. නමුත් මේ ඖෂධය හිසේ ආලේප කිරීමෙන් හිස අභ්‍යන්තරයේ ඇති කේශ මූලයන්ටත් මේ ඖෂධීය ගුණය බලපානවා. එබැවින් ඒ ඖෂධීය ගුණය උරාගනිමින් අලූත වැඩෙන කෙස් ගස් සුදු පැහැයෙන් මිදී හොඳ කාල වර්ණයක් ගන්නවා. මේ ඖෂධය පර්යේෂණ මට්ටමෙන් පවා තහවුරු කරලා තිබෙන හොඳ ඖෂධයක්.

අවශ්‍ය ද්‍රව්‍ය

අරළු ගෙඩි පහක්
බුළු ගෙඩි භාගයක්
නෙල්ලි ගෙඩි හයක්
අඹ ඇටවල මැද පිහිටි සුදු පැහැති මද හතක් ගන්න. ඒ හැම දෙයක්ම අමුවෙන් ගන්න එක සුදුසුයි.
ලෝහ භෂ්ම තේ හැඳි කාලක් (සියුම් යකඩ කුඩු, වෙළෙඳ පොළේ තිබේ)
තනා ගන්නා ආකාරය

අරළු, බුළු, නෙල්ලි, අඹ ඇට මද හොඳින් සියුම්ව අඹරා ගන්න. ඉන්පසුව යකඩ කුඩු හැඳි කාල ඒකට මිශ්‍ර කර නැවතත් සියුම් වෙන්න අඹරන්න. හොඳින් අඹරාගත් පසුව ඒවා යකඩ භාජනයකට දමා හොඳින් වහලා එක රැයක් විවෘත නොකොට තියන්න.

පසුදින උදෑසන ඒ මිශ්‍රණය හොඳින් හිසේ ආලේප කර පැය දෙකක් පමණ හිඳ හිස සෝදන්න. ඒ විදියට දිනපතාම සති දෙකකට ආසන්න කාලයක් හිසේ මේ ඖෂධ මිශ්‍රණය ආලේප කරන කොට දීප්තිමත් කළු පැහැති හිසකෙස් ඔබට හිමි වේවි.


curtesy :ceylonweek.com


More News »