Home / කේෂාලංකාර /
හිසකෙස් සුදුවීමට තිත තියන්න මානෙල් මල් වලින් මාහැඟි ඖෂධයක්...

හිසකෙස් සුදුවීමට තිත තියන්න මානෙල් මල් වලින් මාහැඟි ඖෂධයක්...

2018-07-23 12:17:00       377
feature-top
මානෙල් මල් පිළිබඳ ඔබ දැනුවත් වුවත් එය කෙස් කළඹ කළු කිරීමට සමත් වටිනා ඖෂධයක් බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.පහතින් දැක්වෙන්නේ මානෙල් මල් යොදා ගනිමින් ඔබට නිවසේදීම සකසා ගත හැකි කෙස් කළුපැහැ ගන්වන දේශීය ඖෂධයකි.

පළමුව ඔබට අවශ්‍ය ප්‍රමාණයක් මානෙල් මල් ගන්න .මෙහිදී මානෙල් දඬු ඉවත් කර මල් පමණක් ගන්න. අනතුරුව අලුත් මැටි මුට්ටි දෙකක් ගෙන එක් මුට්ටියකට මානෙල් මල් පෙති කඩා දමන්න. ඉන්පසු මානෙල් මල් වැසෙන සේ නැවුම් එළකිරි එක්කර ඔබ පෙර ගන්නා ලද අනෙක් මැටි මුට්ටිය උඩින් වසා මුට්ටි දෙක එක්වන ස්ථානය (කට ) මැටි වලින් ඉතා හොඳින් වසා ගන්න. අවසානයෙදී මුට්ටි දෙක අතර ඇති මැටි නොගැලවෙන පරිදි ප්‍රවේශමෙන් ගෙන පයට නොපෑගෙන ස්ථානයක වලක් සාදා මුට්ටි දෙක වලට දමා මාසයක් යනතුරු වසා තබන්න. මාසයක් ගතවූ පසු වලෙන් ඉවතට ගෙන වසා ඇති මැටි ඉවත්කර ඇතුලත ඇති මිශ්‍රණය හිසකෙස් මත ගාන්න.

ඉහත ආලේපනය ස්නානය කිරීමට මිනිත්තු 30 පෙර අලේප කර වියළෙන තෙක් තබා ස්නානය කරන්න...

(ඔබ පීනස් රෝගයෙන් පෙළෙනවා නම් ඉහත ප්‍රතිකාරයට පෙර පීනස් රෝගය සුවකර ගැනීම සිදු කරන්න)



(under the courtesy of hirutv.lk blog web)

More News »