Home / කේෂාලංකාර / ස්‌ත්‍රියකගේ රූප සම්පත්තිය වඩවන කෙස්‌ කළඹ ලස්සන කරගැනීමට රහසක්

ස්‌ත්‍රියකගේ රූප සම්පත්තිය වඩවන කෙස්‌ කළඹ ලස්සන කරගැනීමට රහසක්

2018-11-14 09:56:00       211
feature-top
භුන්ජං වෘක්‌ෂ භාගා, සෘෂි නාඩි උත්තම වාක්‍ය භාගා ස්‌ත්‍රි රූප සෝභා පුරුෂ සෘෂි භාගා සෞභාග්‍යා කේෂකලාප ප්‍රනාම හේතුං
 
මෙම මහා උත්තම සෘෂි නාඩි වාක්‍යයෙන් පවසන්නේ ස්‌ත්‍රියකගේ රූප ස්‌වභාවය වඩාත් අලංකාර කරන කේෂ කලාපය ගැනය.
 
 කිතුල් මලක්‌ සේ වරලස ඇති කාන්තාවකගේ රූප ස්‌වභාවය ඇය ලබන සැමියකුට වාසනාව සහ සෞභාග්‍යය උදා කරන බව මහා උත්තම සෘෂිවරුන් වහන්සේලා පවසා ඇත.
 
 නමුත් වර්තමානයේ බොහෝ කාන්තාවන්ට මෙම දිග වරලස අහිමිව තිබේ. එසේ වී ඇත්තේ ඇයි දැයි කියා විමසා බලමු.
 
 කාන්තාවකගේ වරලස කියන්නේ ඇයගේ රූප ස්‌වභාවය වඩාත් ඉස්‌මතු කර දෙන සිරුරේ මතුව ඇති බාහිර අංගයකි.
 
 එනිසාම ඇයගේ පංච කල්‍යාණියේ පළමු ලක්‌ෂණය ලෙස හිස කෙස්‌ දක්‌වා තිබෙනවා.
 
 සාමාන්‍යයෙන් කාන්තාවකගේ එක්‌ හිසකෙස්‌ ගසක්‌ අඩි පහක්‌ වත් දිගු වේ. මෙලෙස හිසකෙස්‌ දිගව වර්ධනය කර ගැනීමට ඇය තම හිසකෙස්‌ වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පරිසරය ඇති කරගත යුතුයි.
 
 හිසකෙස්‌ වර්ධනයට බාධා කරන හිස්‌ හොරි ඇති වීම, උකුණන් හට ගැනීම වළක්‌වා ගත යුතුයි.
 
 ඒ සඳහා හිසකෙස්‌වලට අවශ්‍ය නිසි පෝෂණය ලබා දිය යුතුයි.
 
 වර්තමානයේ බොහෝ කාන්තාවන්ට මතුව ඇති ගැටලුවක්‌ වන හිස කෙස්‌ අව පැහැවීම, අකලට හිස කෙස්‌ සුදු වීම, අසාමාන්‍ය ලෙස හිසකෙස්‌ ගැලවී යැම, හිස කෙස්‌ පැලීම ආදී සියල්ලට හේතු වී ඇත්තේ හිසකෙස්‌වලට නිසි පෝෂණය නොලැබීමයි.
 
 වෛද්‍යතුමනි, හිසකෙස්‌ නිරෝගීව පවත්වා ගැනීම සඳහා කළ යුතු පිළිවෙන් මොනවාද?
 
 පළමුව හිසකෙස්‌ පිරිසිදුව තබා ගත යුතුයි. එනම් දිනපතා හෝ දවසක්‌ හැර දවසක්‌ හෝ හිසකෙස්‌ හොඳින් පිරිසිදු කරමින් ස්‌නානය කළ යුතුයි. එසේ ස්‌නානයට පෙර හිසකෙස්‌ මත ඖෂධීය ආලේපයක්‌ ගැල්වීම වැදගත්ය. ඒ සඳහා වියළි ගොඩපර ගෙඩි, දෙහි ඇට, කෝමාරිකා මද, රතු වද මල් පොකුරු, සුවඳ කොට්‌ටන්, සුදු හඳුන් සමව ගෙන ලී වංගෙඩියක කොටා හෝ අඹරාගෙන සාදා ගත් ආලේපය ස්‌නානයට පැය භාගයකට පෙර හිසකෙස්‌ හි ආලේප කර තබා සෝදා හැරිය හැකියි.
 
 මෙම ආලේපය සතියකට දෙතුන් වරක්‌ ගැල්වීම මගින් හිසකෙස්‌ හි තද නිල් පැහැය ඇති වීම, අකලට සුදු වීම, ගැලවී යැම, පැලීම, අවපැහැ ගැන්වීම වළක්‌වා ගත හැකියි.
 
 එසේම බාහිර ආලේපය වගේම සිරුර තුළින්ද හිසකෙස්‌වලට අවශ්‍ය පෝෂණය ලබා දිය යුතුයි. ඒ සඳහා වියළා ගත් ගස්‌ලබු ඇට, නාරං හා දොඩම් ඇට, ළපටි ගම්මිරිස්‌ ඇට, පොත්ත ගලවා ගත් ලාවුලු ඇට, දෙළුම් ඇට සමව ගෙන තම්බා පිටි කරගෙන එම පිටි හැන්දක්‌ උණු වතුර කෝප්පයකට දමා උදේ හවස පානය කළ හැකියි.

(under the courtesy of smartlady.lk web)

More News »