Home / කේෂාලංකාර / ඔබට හිසකෙස් හා ඇහිබැම පිළිබඳ ගැටළුවක්ද? මෙන්න විසඳුමක්

ඔබට හිසකෙස් හා ඇහිබැම පිළිබඳ ගැටළුවක්ද? මෙන්න විසඳුමක්

2018-12-07 11:00:00       613
feature-top
තරුණියන් බොහොම කැමති දෙයක් තමයි තමන්ගේ කොණ්ඩේ දිගට වවා ගැනීම. මෙහෙම කොණ්ඩේ දිගට වවාගන්න විවිධ දේවල් භාවිතා කරලා තමන්ගේ තියෙන කොණ්ඩයත් නිකරුනේ විනාශ කරගන්න අයුරු අප දැකලා තියෙනවා. මෙසේ හිසකෙස් වර්ධනයට බලපාන ප්‍රධාන ගැටළු තමයි හිසකෙස් ඝනත්වයෙන් අඩුවීම, හිසකෙස් අග පිපිරීම, හිසකෙස් ගැලවී යාම, අකලට හිසකෙස් පැසීම වැනි තත්වයන්.

මේ තත්වයන් වළකා ගැනීමට අප කල යුත්තේ සුදුසු ආලේපනයක් යොදාගෙන හිස් කබල හොඳින් සම්බාහනය කිරිමයි. එවිට හිස් කබලේ ලේ ගමනාගමනය වඩාත් හොඳින් සිදුවේ.

මේ ලිපියෙන් කියවෙන ආලේපනයෙන් පුළුවන් කොණ්ඩේ දිගට වවා ගන්නවා මෙන්ම ඇහිබැමත් හොඳින් වවා ගැනීමට.

අවශ්‍ය ද්‍රව්‍ය:

01. කෝමාරිකා යුෂ මේස හැඳි 1ක්
02. එඬරු තෙල් මේස හැඳි 1ක්
03. විටමින් E කරල් එකක්

සාදාගන්නා ආකාරය:

කුඩා ප්‍රමාණයේ භාජනයක් ගෙන එයට කෝමාරිකා යුෂ, විටමින් E කරලේ තෙල් හා එඬරු තෙල් එයට දමා හොඳින් මිශ්‍ර කරන්න.

භාවිතා කරන ආකාරය:

මෙම මිශ්‍රණය හිස් කබලේ මුල සිට හිසකෙස් අගට වනතුරු හොඳින් ආලේප කරන්න.ඊට පසු හිස්කබල මිනිත්තු කිහිපයක් හොඳින් සම්බහනය කරන්න. මෙම මිශ්‍රණය රාත්‍රී කාලයේ හිසේ ආලේප කොට පසුදා උදෑසන සෝදා හරින්න.

ඇහි බැම වර්ධනය කර ගැනීමටද අවශ්‍ය නම් මෙම ආලේපනය සුදුසු පින්සලක් යොදාගෙන ඇස තුලට නොයන ලෙස ආලේපනය කරන්න. මෙයද රාත්‍රියේ නිදාගැනීමට පෙර ආලේප කර පසුදා උදෑසන සෝදා හරින්න.



(under the courtesy of hirutv.lk blog web)

More News »